Ads 468x60px

.

ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක්..

ඉන්දියාවේ තී‍්‍රපුර ප‍්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත් ‘හයිඩ්‍රොසෙපලස්’ රොගී තත්ත්වයෙන් පීඩා විඳි අතර, පෙරේදා (14) නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක වෛද්‍යවරු ඉදිරිපත් වී ඇය  සැත්කමකට භාජන කළහ. සැත්කම සාර්ථක වූ බව ඊට සම්බන්ධ වූ ස්නායු වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. බිළිඳිය තී‍්‍රපුර ප‍්‍රාන්තයේ සිට නවදිල්ලියට රැගෙන යනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි.

බිළිඳිය ගැනත් ඇගේ දිළිඳු මාපියන් ගැනත් ඉන්දීය මාධ්‍ය ඉකුත් අපේ‍්‍රල් මාසයේදී හෙළි කළ අතර එම අවස්ථාවේදී නවදිල්ලි නුවර පෞද්ගලික රෝහල් රැසක් ඇයට ප‍්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ බව ද වාර්තා විය.



 
Related Posts with Thumbnails