Ads 468x60px

.

මං හිතන විදියට මේතමයි විවාහයකට සුදුසුම වයස

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි...

දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධාකාර භූමිකා රැසක් මැවුවාය. 

මේ අතර පසුගිය දාක දමිතා ගැන උණුසුම් පුවතක් අපට අසන්නට ලැබිණි. ඒ ඇය විවාහවීමට යන බවට වූ ආරංචියයි. නුදුරු දිනයක පතිකුලයට යෑමට සැරසෙන දමිතාට අප ඇමතුවේ මෙම සියලුම තොරතුරු ගැන වැඩි විස්තර ඇගෙන්ම දැන ගැනීමටය.

දමිතා ළඟදීම මනමාලියක් වෙන්න යන බව ආරංචියි


ඔව්, ඒක ඇත්ත.

කවුද දමිතාගේ අතගන්නා වාසනාවන්තයා ?

විවාහය වනවිට ඒ කවුද කියා රටටම දැනගන්න හැකිවේවි. දැනට ඒ ගැන වැඩිදුර හෙළිකරන්න කැමති නැහැ.

විවාහ උත්සවය ගැන කතා කරමු

එය හුඟක් දුරට චාම් උත්සවයක් වේවි. මම එදාට සැරසෙන විදිහ, මනාලියන්ගේ යෙහෙළියන් ඇතුළු විවාහයේ සුවිශේෂ අවස්ථා නම් තවම සැලසුම් කර නැහැ.

කලා ලොවේ හිතවතුන් හිතවතියන්ට ආරාධනා කරනවද ?

කලා ලොවේ මට විශේෂයෙන් හිතවත් පිරිසක් ඉන්නවා. ඒ අයට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා.

එක් පැත්තකින් විවාහයට සූදානම් වනවිට දමිතා තවත් පැත්තකින් නඩුවකටත් පැටලිලා

ඔව්, මම ඒ දෙකටම සූදානම් වනවා. අසුබවාදී දේ සිදුවුණාට සුබ කටයුතු පමා කරන්න බෑනේ. ඒ වගේම කවර අභාග්‍ය සම්පන්න අත්දැකීමක් ආවත් ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය මට තියෙනවා.

මේ අධිකරණයමය සිදුවීම මත දමිතාගේ ජීවිතයට අසුබ අත්දැකීමක් එකතු කරාවි කියා  සිතනවාද ?

නැහැ අනිවාර්යයෙන්ම සත්‍යය මතුවේවි. මට සාධාරණය ඉටුවේවි කියා මං හිතනවා.

ඒ ගැන තවත් යමක් කිව හැකිද ?

දැනට උසාවියේ පවතින නඩුවක් ගැන මාධ්‍යය මගින් අදහස් දක්වන්න බැහැනේ. තීන්දුව ලැබුණු පසු ඒ ගැන සවිස්තරාත්මකව අපි කතා කරමු.

නමුත් මේ අර්බුදය උදාවී ඇත්තේ ශ්‍රී ලාංක්ය කලා ක්‍ෂේත්‍රයේ සහෝදර නිළියන් දෙදෙනෙකු අතර ?

ඔව්.

ඉතිහාසයේත් නිළියන් අතර සහ නළුවන් අතර ප්‍රශ්න ගැටුම් අමනාපකම් ඇතිවුණා. නමුත් නිළියන් දෙදෙනෙකු මේ ආකාරයට උසාවි ගියේ නැහැ.

ඔබ කියන දේ මමත් පිළිගන්නවා. ඒ නිසයි මම මේ ප්‍රශ්නය උසාවි නොයා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කළේ. මා විතරක් නමෛයි එක්තරා නීතිඥවරයකු පවා අනෙක් පාර්ශ්වය මුණගස්සලා මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කළා.

ඒ උත්සාහය නිෂ්ඵල වුණාද ?

ඔව්, අනෙක් පාර්ශ්වය තමන්ගෙ තීරණය තුළ දැඩිව ඉන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස් දෙකක් වෙනවා. ඇය මට වඩා තරමක් වයසින් වැඩි වුණාට මම ඇයට වඩා රංගන ප්‍රවීණත්වයෙන් ඉදිරියෙන් ඉන්නවා. මගෙ වයසට මම කලා ක්‍ෂේත්‍රය තුළ බොහෝ දේ කළා. රටට, කලාවට ජාත්‍යන්තර කීර්තියක් ඇතිකර දුන්නා.

කෙසේ හෝ තමන්ගේ ජනප්‍රියත්වය තකා ඇතැම් නළු නිළියන් රහසින් කතිකා කරගෙන මෙවන් මවා පෑම් කරනවා. මෙයත් එවැන්නක් වෙන්න බැරිද ?


නැහැ නැහැ මෙය එවැන්නක් ‍නෙවෙයි; මට ඒ ගැන මීට වඩා යමක් කීමට බැහැ. දැන් අපි දෙපර්ශ්වයම අධිකරණයෙන් යුක්තිය ඉටුවන තුරු බලා ඉන්න කාලය; වැඩි විස්තර පස්සේ කතා කරමු.

විවාහයෙන් පසුව ඔබේ රංගන ජීවිතයට සීමා පැනවේවිද ?

ඔහු එබඳු සීමා පනවන අයෙක් නමෛයි. විවාහ වුණාට පසුවත් මම දිගටම රඟපෑම්වල යෙදෙනවා.

ඔබ තවම විවාහ වී නැහැ. විවාහයෙන් පසුව ඔබගේ රඟපෑම්වලට ඔහුගෙන් තහංචි පැනවුණොත්

මම තවම ඔහු හා විවාහ නොවුණාට ඔහුව ඉතා හොඳින් දැන හඳුනාගෙනයි මෙවැනි තීරණයකට එළැඹෙන්නේ. ඒ නිසා ඔහුගේ හදවත යම් තරමකට හෝ තේරුම් ගන්න මට බැරි කමක් නැහැ.

ඔබ අද වන විට භද්‍ර යෞවනය ඉක්මවා යමින් හිඳින්නියක්. ඇයි විවාහය ප්‍රමාද වුණේ ?

ඔබ ඔය කියන භද්‍ර යෞවනය ජීවිතය නිවැරදි විදිහට දකින්න පුළුවන් වයසක් ‍නෙවෙයි. ඒ හින්දා මා හිතන විදිහට මේක තමයි විවාහයකට හොඳම වයස
 
Related Posts with Thumbnails