Ads 468x60px

.

දියණියගේ මගුලට ගෙනා රු:ලක්ෂ 70 කොල්ලකෑ දුකට ඒකල පොලිටෙක්ස් අධ්‍යක්ෂක මියයයි.

දියණියගේ මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබුනේ අද (08)

මියගිය ව්‍යාපාරිකයා අවසන් වරට කියූ කතාව...

දියණියගේ මංගල්‍යයට බැංකුවෙන් ගෙන ආ රුපියල් ලක්ෂ 70ක මුදලක් කොල්ල කෑමට ලක්වූ තැනැත්තා හෘදයාබාදයකින් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඒකල පිහිටි පොලිටෙක්ස් ඇඟලූම් කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂවරයා වූ අර්ට්ලි ඬේවිඞ් නමැති පනස්පස් හැවිරිදි අයෙකි.

මියගිය අයගේ මුදල් කොල්ල කා තිබුණේ ඔහු සේවය කරන ආයතනයේ ගේට්ටුව ඉදිරිපිටදී ය. ඬේවිඞ් මහතාගේ දියණියගේ මංගලෝත්සවය අද (08) පැවැත්වීමට නියමිතව තිබුණි. අදාල මංග්‍ය උත්සවයද පැවැත්වීම මේවන විට අත්හිටුවා ඇති බවද මේ අතර වාර්තා වේ.

එහි තවත් විස්තර මෙසේයි....

සිය දියණියගේ මංගල උත්සවය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්‍ෂ හැත්තෑවක මුදලක්‌ සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ විසින් ජාඇල, ඒකල දී කොල්ලකෑමෙන් පසු දැඩි සිත්තැවුලට පත්ව සිටි ව්‍යාපාරිකයා පෙරේදා (6 දා) රාත්‍රි මීගමුව රෝහලේදී මිය ගියේය.

සිය දියණියගේ මංගල උත්සවය අද (8 දා) දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිතව තිබිණි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඒ. ඩේවිඩ් නමැති ඇඟලුම් කම්හල් කළමනාකරුවෙකි.

ඩේවිඩ් මහතා පෙරේදා (6 දා) රාත්‍රි හදිසි හෘදයාබාධයකින් රෝගී වී ඇති අතර ඔහු වහාම මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු මිය ගොස්‌ ඇත. ඉකුත් මැයි 28 වැනිදා දහවල් ඩේවිඩ් මහතා ජාඇල පෞද්ගලික බැංකුවකින් රුපියල් හැත්තෑ ලක්‍ෂයක මුදලක්‌ ලබාගෙන ඇත්තේ සිය දියණියගේ විවාහ මංගල්‍යයට වියදම් කිරීම සඳහාය.

මංගල උත්සවය පැවැත්වීමට නියමිත හෝටලයට රුපියල් ලක්‍ෂ පනහක්‌ ගෙවීමට එදින නියමිතව තිබිණි. ඩේවිඩ් මහතා මුදල් රැගෙන සිය මෝටර් රථයේ නැඟී ඒකල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත එද්දී පසුපස පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක්‌ ඒ මහතාට පහරදී මුදල් කොල්ල කාගෙන ගොස්‌ තිබිණි.

දියණියගේ විවාහ මංගල්‍යයට වියදම් කිරීමට තිබූ මුදල් අහිමිවීම නිසා ඩේවිඩ් මහතා දැඩි සිත් තැවුලෙන් පසුවී ඇත. ඩේවිඩ් මහතා විදෙශ සමාගමකට අයත් මෙරට පිහිටි ඇඟලුම් කම්හලක කළමනාකරු ලෙස සේවය කළේය. මුදල් කොල්ලකාගෙන ගිය සන්නද්ධ පිරිස පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක්‌ නැත. 

මියගිය ව්‍යාපාරිකයා අවසන් වරට කියූ කතාව
"මගේ හිතට හරි අමාරුයි මේ සිදුවුණු දෙය ගැන. මේ මුදල් බැංකුවෙන් ගත්තේ මගේ පවුලේ පෞද්ගලික වුවමනාවකට. මේවා මම දුක්‌ මහන්සිවෙලා හම්බ කරපු සල්ලි. මම ගොඩක්‌ ප්‍රශ්නවලට මැදිහත්වෙලා ඉන්නේ. මේ සිද්ධිය මගේ හිතට වදයක්‌, දුකක්‌."

තම දියණියගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය මුදල් රැගෙන යමින් සිටියදී ජාඇල ප්‍රදේශයේදී පසුගියදා මංකොල්ල කෑමට හසු වූ ඒ. ඩේවිඩ් මහතා එසේ අපට දුරකථනයෙන් පැවසුවේ පසුගිය 31 වැනිදාය. 


තවත් සතියක ඇවෑමෙන් හෘදයාබාධයක්‌ වැළඳී ඩේවිඩ් මහතා අවාසනාවන්ත ලෙස ඊයේ (07 වැනිදා) මිය ගියේය. ඒ තම දියණියගේ විවාහ මංගල උත්සවය අද (08 වැනිදා) දිනට සැලසුම් කර තිබියදීය.
 
 
Related Posts with Thumbnails