Ads 468x60px

.

රත්නපුර මහෙස්‌ත්‍රාත්ගේ ගෝත්‍රික මනස..

ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක පසුගියදා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. 

ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලව මිරිකා තිබේ. මේ අතවරය නිසා හෙදිය ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. 

ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. පසුව ඇය විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී  රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. 


අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් අසා තිබේ.  

අපට සිතෙන අන්දමට තරුණ හෙදියගේ කලව බලහත් කාරයෙන් ස්පර්ශ කල වනචරයා සහ මෙම මහෙස්‌ත්‍රාත්වරයා අතර මානසික වශයෙන් වැඩි වෙනසක්  නැත.  


කාන්තාවන් දුෂණයට ලක්වන්නේ කොටට ඇඳගෙන යාම නිසා බව සිතන්නේ පසුගාමී ගෝත්‍රික සමාජ වල ජිවත් වන මිනිසුන් වන අතර  කාන්තාවන්ගේ ඇඳුම සහ ස්ත්‍රී දුෂණය සඳහා නිදහසට කරුණක් කර ගැනීමට මොවුන් පෙළඹී තිබේ. 

නමුත් අත දරුවන් සහ මැහැලියන් පවා මේ රටේ දුෂණයට පත් වන්නේ ඇඳුම නිසාද යන්න අපට මේ ගෝත්‍රික වනචාරීන්ගෙන් ඇසීමට සිදුවී තිබේ.

අතවරයට ලක්වූ කාන්තාවගේ ඇඳුම ගැන ප්‍රශ්න කල මහෙස්‌ත්‍රාත් පදවියක් දරන මෝඩ ගෝත්‍රික වනචාරීයෙකු වන කේ. ඩී. එල්. කුමාර වෙත කාන්තා සංවිධාන හරි නම් විරෝධතාව පල කල යුතුය.
මුත් මේ මහේස්‌ත්‍රාත් මැට්ටාට හොඳ පිළිතුරක් සැරයන් සේනානායක මහතා විසින් දී තිබේ. 

මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බව සැරයන් සේනානායක රත්නපුර මහෙස්‌ත්‍රාත් වරයා හමුවේ ප්‍රකාශ කොට ඇත. නමුත් ගෝත්‍රික මනසකින් හෙබි රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාරට එය තේරුම් ගියාද යන්න අපි නොදනිමු.  

කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ කොල්ලන්ට බලපිය කියලයි - රත්නපුර මහෙස්‌ත්‍රාත්

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails