Ads 468x60px

.

මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස්ට අමීර් ඛාන් මුණ ගැහෙන්න ආසයිලු.

මම බලාපොරොත්තු වෙනවා අමීර් ව මුණ ගැහෙන්න... 

මට හරිම ආසයි, ඔහුව හමුවෙලා කතා බහ කරන්න...

තමන් උපන් රටේත් මුළු ලෝකයේත් රසික පරපුරේ ආදරය, ගෞරවය නොඅඩුව ලබන අමීර් ඛාන් තවමත් ජනප්‍රියත්වයෙන් බැහැර නොවුණු නළුවෙක්. 

අමීර් ගේ මේ නොසි‍ඳෙන ජනප්‍රියත්වය දෙස විමසුම් ඇසින් බලා සිටින පුද්ගලයකු සිටිනවා. ඔහු සුළු පටු අයෙකු නම් නොවෙයි. ඔහු, මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස්. මේ සුපිරිතම ධනවතා පෙරුම් පුරමින් සිටියේ අමීර් මුණ ගැසෙන්නටයි. ඒ බව ඔහු තම ට්විටර් වෙබ් පිටුවෙහි මෙලෙස සටහන් කර තිබුණා.

“මම බලාපොරොත්තු වෙනවා අමීර් ව මුණ ගැහෙන්න. මට හරිම ආසයි, ඔහුව හමුවෙලා ඔහුගේ ‘සත්‍යමේව ජායතේ’ රූපවාහිනී වැඩසටහන ගැන කතා බහ කරන්න. මේ වැඩ සටහනෙන් ඉන්දියානු ජනතාව මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා ගැන කතා කරනවා.

 ඒ විතරක් නොමෙයි, අමීර්ගේ නර්තන රංගන හැබැහින් දැක ගන්නත් කැමැතියි. මං හිතනවා, ඒ රැඟුම් බලන් මට වාසනාව ලැබේවිය කියලා. අමීර්, යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරයෙක් හැටියටත් කටයුතු කරනවා. 

ලෝකයේ ළමා පරපුරේ පෝෂණ අවශ්‍යතා ගැන කටයුතු කිරීමේ වගකීමක් යුනිසෙෆ් සංවිධානයෙන් ඔහුට පවරා තිබෙනවා. මේ ගැනත් කතා බහ කරන්න මම කැමැතියි...”

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා මේ අදහස් සටහන් කළේ ඉන්දීය සංචාරයක් පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙහි රඳවා ගෙනයි. ඒ බලාපොරොත්තුව සඵල කරමින් ඔහු පසුගිය 30 දා ඉන්දියාවේ සංචාරයක යෙදුණා.

කලින් අපේක්ෂා කළ පරිදිම මේ සුපිරි ධනවතාට අමීර් ඛාන් නම් වූ බොලිවුඩ්පුරයේ සුපිරි තරුව මුණ ගැසීමට අවස්ථාව උදාවුණා. බිල්ගේ ඉන්දීය සංචාරයට ව්‍යාපාරික අරමුණක් තිබුණාදැයි කියන්නට අපහසුයි.


ඔහුගේ අරමුණ වුණේ ඉන්දියාවේ දැනට පවතින අඩු සෞඛ්‍ය පහසුකම් නඟා සිටුවීමට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමයි. ඒ කටයුතු සොයා බලන අතරතුරදී අමීර් සමඟ කතා බහ කරන්නට ඔහු වැඩි කාලවේලාවක් යොදා ගත්තා.

ඉන්දියාවේ රූපවාහිනී චැනලයක ජනප්‍රියව තිබෙන ප්‍රශ්න - උත්තර ඇතුළත් සාකච්ඡාමය වැඩ සටහනකට අමීර් සමඟ සහභාගිවීමේ අවස්ථාවද බිල් ගේට්ස් උදා කර ගත්තා.
 
Related Posts with Thumbnails