Ads 468x60px

.

විවාහ වී සිටියත් පෙම් යෝජනාවලින් අඩුවක් නැ - ෂෙරිල්

සීමාව පැන්නොත් බැන වදිනවා...

තමා විවාහක බව මතක්කර දෙනවා...

විවාහ වී සිටියද පෙම් යෝජනාවලින් තමන්ට අඩුවක් නැතැයි ජනපි‍්‍රය නිළියක් වන ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.

කෙසේ වුවද තමා හැමෝම සමග සුහදව කතාකරන බවත්, සීමාව පැන්නොත් බැනවදින බවද ඇය කියන්නීය.


තමා විවාහක බවත් ඔවුන්ට මතක්කර දෙන බව කියන රුවංගි, රුවන්ගේ ආදරය තමාට ප්‍රමාණවත් බවද පවසන්නීය. ෂෙරිල් විවාහ වී සිටින්නේ ‘නොදැක ඉන්න බෑ’ ගීතය හරහා ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි සමගය. ඔවුන් විවාහ වූයේ පසුගිය ජනවාරි මාසයේ
වුවත් එම විවාහය දෙදරාගොස් ඇතැයි මේ දිනවල රාවයක් පැතිර තිබේ.

රොමේන් මේ සම්බන්ධයෙන් කියන්නේ මේ කතාවට මුල්වී ඇත්තේ රුවන්ගේ අලුත් ගීතය වන ‘රැවටුණු තරම්’ ගීතය බවයි. කෙසේවවුද මේ ආරංචියත් සමග ෂෙරිල්ට දිනකට රසික රසිකාවියන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ගණන වැඩි බවත්, ඔවුන් සෑම දෙනාම අවසානයේ විමසන්නේ මේ කතාව බවද ඇය කියන්නීය.

විදෙස් රසික රසිකාවියන්ද මේ ගැන තමාගෙන් විමසූ බවද කියන ෂෙරිල් තමා හා රුවන් අතර විරසකයක් ඇත්නම් තමාගේ උපන්දිනේ යෙදුණු පසුගිය 10 වැනිදා රුවන් තමා ළගටවී සිටීවි දැයි ඇය ප‍්‍රශ්න කර සිටී.

ෂෙරිල්, රුවන්දමා විදෙස්ගතවීමට සූදානම්වන බවද මේ අතර වාර්තා වේ. ඇය මෙසේ විදෙස්ගත වන්නට සූදානම්වන්නේ නර්තන ප‍්‍රසංගයක් සඳහාය. අලුත් අවුරුදු සමයේ රුවන්ට මෙරට ප‍්‍රසංගවේදිකා ගණනාවක ගීත ගායනා කිරීමට ආරාධනා ලැබී ඇති බැවින් ඔහු මෙරට රැදීසිටීමට තීරණය කර ඇති බවද පැවසේ. මොවුන් දෙපළ විවාහ ගිවිසගත්තේ පසුගිය ජනවාරි 05 වැනිදාය.
 
Related Posts with Thumbnails