Ads 468x60px

.

ගෑණු නාන හැටි බැලු ජනපති සම්බන්ධිකරණ ගායකයෙක්...

වීඩියෝත් කරලා...

ජාතික මෝස්තර මධ්‍යස්ථාන යේ සභාපති, මාෂල් ජනතා කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට කරුනු අනාවරණය වෙනවා

ඊයේ(16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු අණාවරණය වී තිබෙනවා.

ප්‍රදේශයේ සාමය කඩකිරීමේ චෝදනාව මත බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයකට මෙන්ම මාෂල් ජනතා සහ ඔහුගේ බිරිද ට එරෙහිව තලංගම පොලීසිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුනා. 

එහිදී විත්තිකාර පළමු පාර්ශවය වන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් සහ මාෂල් ජනතාගේ පවුල අතර කලක පටන් පවතින ආරවුලක් නිසා මෙලෙස ප්‍රදේශයේ සාමය කඩවන බවට තලංගම පොලීසිය කරුණු ගොනුකර තිබුනා.

මෙහිදී විත්තිකාර පළමු පාර්ශවය සහ දෙවන පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු හුවමාරු කර ගත් අතර පළමු පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සදහන් කළේ මාෂල් ජනතා ප්‍රදේශයේ කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝ ගතකර ඇති බවයි. 

එමෙන්ම ප්‍රදේශ වාසින්ට අවහිර වන සේ වාහනය නවතා තැබීම, කුණු දැමීම ආදී කරුණු රැසක් පිළිබඳ චෝදනා ද ඔහු වෙත එල්ල කෙරිණ. මෙහිදී දෙවන පාර්ශවය වෙනුවෙන් පෙනී සීටි නීතිඥවරයා සදහන් කළේ සිය සේවා දායකයා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙකුද වන බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා මෙම පාර්ශව දෙක සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලීසියට දන්වා තිබේ.

මාෂල් ජනතා ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමේ හිටපු ගායකයෙක් වන අතර සුප්‍රකට ගීතයක් වන “දොර කවුලුවෙන් එබී බලා“ ගීතයේ මුල් ගැයුම චන්ද්‍රෙල්ඛා පෙරේරා සමග සිදුකළේ මාෂල් ජනතා විසිනි.

එම ගීතය

 
Related Posts with Thumbnails