Ads 468x60px

.

මේනකා සහ මහේෂි අතර තිබූ සීතල යුද්ධය මොකක්ද...?

ඒ ගැන ඔවුන් දෙදෙනා දක්වන අදහස්...

මහේෂි මධුසංඛා සහ මේනකා මධුවන්ති මේ දවස්වල අපට හමුවන්නේ “චායා” ටෙලිනාට්‍ය තුළින්. 

සුජීව ප්‍රසන්නගේ “චායා” නවකතාව ඇසුරින් නිල්වලා ආයතනය නිෂ්පාදනය කළ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ “චායා” සතියේ දින පහේම රාත්‍රි  සිරස නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. 

ටෙලි නාට්‍යයේ හැටියට මහේෂියි මේනකයි දෙන්නා වෛරක්කාරියෝ දෙන්නෙක්. දෙන්නම විශ්ව කොඩිකාරට ආදරය කරන හින්දයි මේ දෙන්නගෙ අමනාපයට හේතුව. 

සැබෑ ජීවිතයේ දී මහේෂියි මේනකයි අතර විරසකයන් ඇති වී ඇති බව අපට ආරංචි වුණා. ඒ විරසකයට හේතු වෙලා තියෙන්නෙ නම් විශ්ව නමෛයි. සමීර කිඳෙල්පිටිය කියන වේශ නිරූපණ ශිල්පියා. 

මේ ආරවුල දුර දිග ගිහින් වේශ නිරූපණ ශිල්පියාව නාට්‍යයෙන් ඉවත් කරලාලු. මේ අවුලෙ සුල මුල දැනගන්න අපි මේ හැමෝටම කතා කළා. මේනකාට අඩු සැලකිලි දක්වලා තමන්ට වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට මහේෂි වේශ නිරූපණ ශිල්පියාට බලපෑම් කළාලු. 

එසේ නොකිරීම හින්දා මහේෂි තමන් සමග ගැටුණු බවත් ඒ නිසා තම රැකියාව අහිමි වූ බවත් වේශ නිරූපණ ශිල්පී සමීර පවසනවා. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා පවසන්නේ සමීර තමන්ගේ වෘත්තිය හරියටම නොකිරීම හින්දා ඔහුව ඉවත් කළ බව. 

නමුත් දර්ශන තලයේදී මහේෂි හා මේනකා අතර සීතල යුද්ධයක් තිබුණද කියා විමසන විට ඔහු පවසන්නේ තමා ඒ ගැන අවධානය යොමු නොකළ බවයි. මහේෂියි මේනකයි තම තමාගේ රඟපෑම් හරියට කළ හින්දා දෙදෙනාගේ පෞද්ගලික ප්‍රශ්න තමන්ට අදාළ නැති බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ඒ සිදුවීම ගැන මහේෂි  අදහස් දක්වන්නේ මේ විදියට.


චායා’ දර්ශන තලයේ දී ඔබ සහ මේනකා අතර ගැටුමක් ඇති වුණාද?

 
මම ගැටුම් ඇතිකරගන්නා කෙනෙක් නමෛයි. අනික මම මොකටද ගැටුම් ඇතිකරගන්නේ. ඒ ටෙලි නාට්‍යයේ  ප්‍රධාන නිළිය මම. මේ කෙටි කාලය තුළ මට කලා ක්‍ෂේත්‍රය තුළ අවස්ථා ගොඩක්  ලැබිල තියෙනවා. 


ඒ හැමදේම මගෙ රූපය සහ දක්ෂතා මත ලැබුණු දේවල් මිසක්  වෙනත් ක්‍රම මගින් ලබාගත් දේවල් නමෛයි. ඒ හින්දා කිසිම නිළියක් සමග ගැටිලා යමක්  ලබාගන්න මට අවශ්‍ය නැහැ.

මේනකයි මහේෂියි මිතුරියොද?

 
නැහැ.

ඒ කියන්නේ ඔය දෙන්න අමනාපයි කියන එකනේ?

 
මම මිතුරෙක් මිතුරියක් විදියට ඇසුරු කරන්නේ මට ගැළපෙන අය. මට මිතුරු මිතුරියෝ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒ වුණත්  රඟ පාන්න ගියාම අපිට විවිධාකාර මට්ටම්වල අයත් එක්ක වැඩ කරන්න වනවා. 


අධ්‍යක්ෂවරයාගේ පටන් නළු නිළියෝ වගේම කාර්මික ශිල්පීන් සමග පවා කතා බහ කරලා අදාළ රාජකාරිය කරන්න වෙනවා. ඒ විදියට එකට වැඩ කළ පමණින් යාළුවෙක් කියන වචනය යොදන්න බැහැනේ. මේනකයි  මමයි එකම ටෙලිනාට්‍යයක රඟපානවා. අපි අපිට අයිති රාජකාරිය කරනවා. එච්චරයි.

චායා ටෙලි නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා ඉවත් කිරීමට හේතුව කුමක්ද?

 
ඒක ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදන අංශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.

වේශ නිරූපණ ශිල්පියාව ටෙලි නාට්‍යයෙන් ඉවත් කළේ නැතිනම් ඔබ ඉවත්වන බව තරයේ සඳහන් කළ නිසා ඔහුව ටෙලි නාට්‍යයෙන් ඉවත් කෙරුණු බව ආරංචි මාර්ග පවසනවා.

 
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මම කිසිම අවස්ථාවක ඒ විදියේ බලපෑමක් කරලා නැහැ. මහේෂි ඒ විදියට පැවසුවා.

අපි සිදුවීම ගැන අහන්න මේනකාට කතා කළා. මේ ඇගේ අදහස්.

“චායා” ටෙලිනාට්‍යයෙන් වේශ නිරූපණ ශිල්පියා ඉවත්කිරීමට ඔබ හා මහේෂි අතර ගැටුමක් බලපෑවාද?


වේශ නිරූපණ ශිල්පියාව ටෙලි නාට්‍යයෙන් ඉවත් කළේ ඇයි කියලා මම කිසිම දෙයක් දන්නෙ නැහැ.

මහේෂියි ඔබයි අතර “චායා” දර්ශන තලයේ දි අර්බුද ඇතිවුණාද?

 
මේ ක්‍ෂේත්‍රයේ විවිධාකාර අය ඉන්නවා. ඒ අය කරන කියන දේ  විවිධයි. ඒ විදියේ අයගෙ විවිධ ප්‍රතිචාර මට ලැබිල තියෙනවා. සමහරු මං ගැන කී දේවල් මට ආරංචි වෙලා තියෙනවා. 


තවත් සමහරු මගෙ කන්දෙකට ඇහෙන්න කී දේවල් තුළින් සිත රිදුණු අවස්ථා තියෙනවා. ඒත් මම ඒ කිසිම කෙනෙකුට කතා කරලා. ‘ඇයි ඔයා මට මෙහෙම කියන්නේ’ කියලා අහන්න යන්නෙ නැහැ. 

ඒකෙන් වෙන්නේ ගැටුම් ඇතිවීම. මම ඔය හැම ප්‍රතිචාරයක්ම නිහඬව විඳ දරා ගන්න කෙනෙක්. ඒ හිංදා මම කිසිම දාක කිසිම කෙනෙක් එක්ක අර්බුද ඇතිකරගෙන නැහැ.

මහේෂි මධුසංඛා සහ මේනකා මධුවන්ති අතර අමනාපයක් තියෙනවද?

 
අමනාපයකුත් නැහැ, හැබැයි මනාපයකුත් නැහැ

පැහැදිලි නැති පිළිතුරක්නේ...?

 
අමනාපයක් තියෙන්නේ හතුරෙක් එක්ක. එයා මගෙ හතුරෙක් නමෛයි. මනාපයක් ඇතිවන්නේ යාළුවෙක් එක්ක. එයා මගෙ යාළුවෙකුත් නමෛයි.

සමීරගේ රැකියාව ඔහුට අහිමි වීමට හේතුව ඔබයි මහේෂියි අතර ගැටුම බවට කටකතා පැතිර යාම ගැන මොකද කියන්න තියෙන්නේ?

 
මම දර්ශන තලයෙදි මගෙ කොටස කරල පාඩුවේ ඉන්න කෙනෙක්. මම බලෙන් ගැටුම් ඇති කර ගෙනත් නැහැ කවුරුහරි මා එක්ක ගැටෙන්න ආවත් නිහඬව විඳ දරා ගන්නවා. 


ඔය කටකතාව පැතිරීම මට ප්‍රශ්නයක් නමෛයි. මොකද සමීර අයියා මට වරදක් කියන්නේ නැහැ. ඔහු දන්නවා මගෙන් ඔහුට වරදක් වෙලා නැති බව.

කෙසේවවුද මේ වලියට හේතු ලෙස පුවත් පත් මෙන්ම වෙබ් අඩවිද එක එක මත පල කර තිබිනි. මේ වලියේ සැබෑ නිමිත්ත නම් ඉරිසියාව බව නොරහසකි. සැබෑ නිමිත්ත එය වුද වලියට මුල්වූ කතාවකුත් තිබේ.

සැකැවින් එය මෙසේය.

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා, වේශ නිරූපන ශිල්පියකු වන සමීර කිදෙල්පිටියට දැඩි ලෙන්ගතු කමක් තිබී ඇත. ටෙලිවල අධ්‍යක්ෂවරුන්ට ලෙන්ගතුවන්නා සේම මහේෂි, සමීරටද 'චායා' ටෙලිය අස්සේ ඉතා ලෙන්ගතුව සිට ඇත.

බොහෝ විට සමීරට, මහේෂි ආමන්ත්‍රණය කර අත්තේද පැටියෝ, බබෝ, යන වචන වලිනි. මේ ලෙන්ගතු කම පිටාර ගිය අවස්ථාවක සමීරට ඔහුගේ නීත්‍යානුකූල බිරිදගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

එවිට සමීරගේ කරේ සිටි මහේෂිට බිමට බැසගන්නට ටික වේලාවක් ගතවී ඇත. ඒ අතරතුර කාලයේදී දුරකථන ඇමතුම ආම්භවීම නිසා සමීරගේ නීත්‍යානුකූල බිරිදට, මහේෂිගේ සුරතල් දෙබස්ද ඇසී තිබේ.

මේ සුරතල් දෙබස් නිසා සමීරගේ විවාහය දෙදරණ තැනට වාඩකටයුතු සිදුව තිබේ. ඒ සමීරගේ බිරියට කලා කේෂත්‍රය ගැන වැඩි අවබෝධයක් නොවුණ නිසා බව විස්තර දන්න අය අපට පැවසීය.

එම කලබැගෑනිය හන්දා මහේෂි, සමීරගේ බිරියගේ දුරකථනයට ඇමතුමක් දී ඇයද අස්වසා යළිත් සමීර සමග සුපුරුදු ගණුදෙනුව ආරම්භ කර ඇත. මෙ අතර, මහේෂිගේ හා චායා අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ හාදකම තරමක් වර්ධනයවී තිබේ.

පෙර, සමීරට, මහේෂි තෙපලූ මුදු වදන් ටිකෙන් ටික වියැකී ගොස් ඇත. මේනකා මේ ටෙලියේ වැඩට සම්බන්ධ වී ඇත්තේ ඔය කාලයේදීය. ඹ්නෑම අයෙක් දපනේ දමා ගන්නට දන්නා කොට මොඩ්ල් ළග පිකප් මේනකා සමීරද තමා පැත්තට නම්ම ගන්නට සමත්ව ඇත.

සමීර, මේනකා හා කුළුපගව සිටිනු නොරිස්සූ මහේෂි ටික කලක් පුපුර පු
පුරා සිට ඇයව නිවසට ඇරලවන්නට යන මෝටර් රථය ඇතුලේ සමීර සමග වලියක් දමාගෙන තිබේ. ඒ වලිය සමීර සිය ඡංගම දුරකථනයෙන් පටිගතකරගෙන ඇත.

එහිදී මේනකාට නොසෑහෙන්නට බැණ වැදී තිබේ. (පට්ට කුණුහරුපද ඇතුලත්ව) එය පටිගතකරගත් සමීර අධ්‍යක්ෂ හා මහේෂිගේ හුටපටේ අටපට්ටම් කිරීමට හඩපටිය චායා අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ බිරියට ලබා දී ඇත.

අවස්ථාවෙන් ප්‍ර යෝජන ගෙන සැමියාගෙන් මහේෂි ඈත්කරන්නට සිතූ චායා අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ බිරිය එය ස්වර්ණවාහිනියට ලබාදී තිබේ. පසුව ස්වර්ණවාහිනිය මේ සම්බන්ධයෙන් චායා ටෙලියේ නිර්මාණ කරුවා වන නිල්වලා වෙතින් විමසා ඇත.

පසුව නිල්වලා හි ප්‍රධානියෙක් මහේෂිගෙන්ද විමසා තිබේ. මේ සිද්ධිය හෙළිවීමත් සමග කිපුණු මහේෂි චායා අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාට දුරකථන ඇමතුමක්දී තමා යලි එම ටෙලියේ රගපාන්නේ වේශ නිරූපන ශිල්පියා වන සමීර කිදෙල්පිටිය ඉවත් කරන්නේ නම් පමණක් බව පවසා තිබේ. වේශ නිරූපන ශිල්පියකු වන සමීර කිදෙල්පිටියගේ ජොබ් එකට කෙල වුණේ එසේය.

 
Related Posts with Thumbnails