Ads 468x60px

.

ගම්පහ ගෑනු ටිකක් ගල් විහාරයේ පිළිමය උඩ නැග වතුර බවුසර් වලින් පිළිමය හෝදලා...

පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම පසුගිය සිකුරාදා (30 දා) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් ජල බවුසර් යොදාගෙන සෝදා තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

කාන්තාවන් පවා බුදු පිළිම මතට නැගී බුදු පිළිම සේදූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවස
නවා. බෞද්ධ ජනතාවගේ මෙම උතුම් පුදබිම කෙළෙසීමේ මෙකී නිහීන ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ප්‍රදේශයේ බෞද්ධ ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.
ඓතිහාසික ගල් විහාරයේ බුදුපිළිම ජල බවුසර් යොදාගෙන සේදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කරන ලද නීති විරෝධී ක්‍රියාවක්‌ බවද අප වෙත දැන ගන්නට ලැබුනා.

ගල් විහාරයේ බුදු පිළිම අව්වෙන් සහ වැස්‌සෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා විශේෂ ආවරණයක්‌ පවා යොදා තිබියදී මෙසේ අත්තනෝමතික ලෙස බුදු පිළිම සේදීම හේතුවෙන් ඒවාට හානි සිදුවිය හැකි බවද පුරාවිද්‍යා නිලධාරීහු
පවසනවා.

ඊයේ (01 දා) සහ පෙරේදා (31 දා) යන දෙදින තුළ ඓතිහාසික ගල් විහාරයේ පැවැත්වූ පූජාවක්‌ සඳහා ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්‌ මෙසේ බුදුපිළිම සේදීමේ නීති විරෝධී ක්‍රියාව සිදු කොට තිබෙන බවද
අප වෙත දැන ගන්නට ලැබුනා.

මෙසේ අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිස පිළිම වහන්සේ මත ඇවිදිමින් පිරිසිදු කළ බවත්, අටපිරිකර 109ක් පූජා කිරීමේ මේ පින්කමට මේ පිරිස ගම්පහෙන් ගොස් ඇති බවත්, පුරා විද්‍යා අවසරයක් ගෙන නැති බවත් වාර්තා වෙනවා.

පුරා විද්‍යා නීතිය අනුව කිසිම පුරා විද්‍යාල ස්මාරකයකට නැගීම සපුරා තහනම්
වෙනවා. කාන්තාවකද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම කටයුත්ත පුරා විද්‍යා නියමයන්ට පවා පටහැනි බව පුරා විද්‍යා නිලධරයෙක් අප වෙත පැවසුවා.

ගල් විහාරයේ බුදු පිළිම අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සදහා විශේෂ පියස්සක් පවා ඉදි කර තිබියදී තද අව් රශ්මියක් පැවැති ඉකුත් සිකුරාදා දිනයේ අව්වට රත්වූ බුදු පිළිම මෙසේ ජල බවුසර් යොදාගෙන සේදීමෙන් එම බුදු පිළිම පුපුරා යාමකට හෝ ඉරි තැලීමකට ලක්වීමට ඉඩ තිබෙන බව ද එම නිලධාරියා
පවසනවා.
 
Related Posts with Thumbnails