Ads 468x60px

.

ලොකුගේ ගේ විකල්ප මාර්ගයට හයක් හතරක් නොදන්නා පුංචි දරුවන් දෙදෙනා වන්දි ගෙවූ හැටි...

පිළියන්දල ජාලියගොඩ මංසන්ධියේ සිට කැස්බෑව මංසන්ධිය දක්වා මේ දිනවල අලුතින් ඉදිවෙන පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ අනාරකෂිතව හාරා දමන ලද වතුර වලකට වැටීමෙන් ඊයේ (01) පාසැල් සිසුන් දෙදෙනෙකු අකාලයේ මිය ගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පිළියන්දල වවනවත්ත පාරේ නො 181/17 ඒ ලිපිනයේ පදිංචිව සිටි කැස්බෑව සුදර්ශණ විදුහලේ 04වන වසරේ ඉගෙනුම ලබන වයස අවු 09ක් වු කවිදු කෂ්මීර සිසුවා හා එම විදුහලේ 02වන වසරේ ඉගෙනුම ලබන කවිනි නිවර්තනා සිසුවිය ඊයේ සවස මෙම වතුර වලට වැටී මෙසේ මිය ගොස්
තිබෙන බවයි.

ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරයින් වෙනවා.

මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වු සමාගමේ සේවකයින් දින 04ක නිවාඩුවකට ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයක් අසල වු මෙම වතුර වලෙන් ජනතාවට විය හැකි අනතුරු වලක්වා ගැනීමට කිසිදු ආර
ක්ෂිත පියවරක් ගෙන නොතිබීම මෙම අනතුරට මුලික වී තිබෙනවා.

මෙම මාර්ගය ඉදිකිරීම සම්බන්දව පදේශවාසීන්ගේ බලවත් විරෝධයක් දැක්වුවද පදේශයේ දේශපාලන බලවතා වු කම්කරු හා මිනිස් සබදතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල මංසන්ධියේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල බේරා ගැනීමට සියලු විරෝධතා නොතකා සශ්‍රීක කුඹුරු යායක් මැදින් මෙම මාර්ගය ඉදිකරමින්
තිබෙනවා.

මෙම ඉදිකිරීමේදී පදේශයේ ජීවත් වන ජනතාවගේ ආර
ක්ෂාව සම්බන්දව කිසිදු තැකීමක් නොකර කටයුතු කිරීම හේතුවෙන් එහි වන්දිය ගෙවීමට සිදු වුයේ හයක් හතරක් නොදන්නා පුංචි දරුවන් දෙදෙනෙකුට බව ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

දේශපාලන අධිකාරිය විසින් මේ වනවිටත් ඉදිකිරීම් සමාගම රැකගැනීමට පොලීසිය වෙත බලපෑම් කරමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා.

 
Related Posts with Thumbnails