Ads 468x60px

.

"මහනවීම බලවත් වැරැද්දක් සහ බලූ වැඩක්" යන විවිධ මත පිළිබඳව සනත් ගුණතිලක කතා කරයි..


මම රහත් වෙලා 
නැහැ... 

පසුගිය සති කිහිපය පුරාම මෙරට මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වූයේ නව නීදන් පිල්ලෙගේ පැමිණීම සහ සනත්ගෙ තාවකාලික පැවිද්ද පිළිබඳවය.

සනත් ගුණතිලකගේ මහන වීමේ කාරණය පිලිබඳව පළවී තිබූ විවිධ අදහස් සහිත පුවත් අප පළකළෙමු. සනත් ගුණතිලක සිව්රු දැරීම සහ එයින් නික්ම ඒම පිලිබඳ සමාජයයේ විවිධ පිරිස් පිළිබඳව විවිධ මතවාද ප‍්‍රකාශ කරද්දී මේ පිළිබඳව සනත් ගුණතිලකගෙන්ම විමසා සිටින්නට ඔහු නැවත ගිහියෙකු වන තුරු
අප බලා සිටියෙමු.  

සනත් ගුණතිලක අප සමග කරන ලද විශේෂ සාකච්ජාව පහතින්.

ඔබේ මහන වීම පිළිබඳව විවිධ මත සමාජයේ විවිධ පිරිස් අතරින් ප‍්‍රකාශවෙලා තිබෙනවා ඔබට මේ පිළිබඳව කියන්නට ඇත්තෙ කුමක්ද?


ඕනෙම කෙනෙකුට සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. ඒ නිදහසට මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන්නෙකු ලෙස ගරු කරනවා. මේ කාරණය සම්බන්ධව ගරුතර ස්වාමීන්වහන්සේලා කරණ ප‍්‍රකාශ වලට මා අදහස් දක්වන්නෙ නැහැ. ඒ සඳහා මා පැවිදිකළ භික්‍ෂූන්වහන්සේලා පිළිතුරු සපයාවී.

මාගේ පැවිද්ද පිළිබඳව මට පැවසීමට ඇත්තෙ මෙවැන්නක්. මා නිවැරදි තැනක සිට ඉලක්ක සහගතව විධිමත් ආකාරයට ක‍්‍රමවත්ව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසත් රංගන ශිල්පියෙකු ලෙසත් කටයුතු කරන සහ කටයුතු කරන්නට කැමති කෙනෙක්.


මේ නිසා මේ මහන වීමේ කටයුත්තත් විනයානුකූලව සිදු කරණු ලැබුවා. ඒ වගේම මට කියන්න ඕනෙ කාරණයක් තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධව දේශපාලනය කළ අයෙක් ලෙස හෝ නළුවෙකු ලෙස හෝ මගේ පුද්ගලික ජීවිතය කණ්නාඩියෙන් කරගෙන මේ මහන කම සිවුරු දැරීම දෙස බැලූවා කියලා මට හිතෙනවා. 

ඒක අසාධාරණයි. ගිහියෙක් පැවිදිවුණා.ඒක එපමණයි. බුදුන් වහන්සේ දේශනා කරණ තියෙන ආකාරයට මහන කරන්න නුසුදුසු අය ලෙස හඳුන්වා තිබෙන්නේ අගුටු මිටි පුද්ගලයන්, ඇවිදීමේදී දෝෂ සහිත අය සහ පාපකරම් කළ අය. 

මා එයට සුදුසුද නැද්ද කියන කාරණය මා මහන කළ ස්වාමීන් වහන්සේලා දන්නවා මාව මහන කරණු ලැබුවේ සිනමා නළුවෙක් ලෙස මා ලබා තිබූ ජනප‍්‍රියත්වය නිසා නොවේ.

ඔබ මේවා කරන්නේ ප‍්‍රචාරය සඳහා අවදානය ලබාගැනීම පිනිස බවට සමහර අය කියනවා.

 
එහෙම ප‍්‍රචාරයකුත් තිබුණා තමා එහෙම ප‍්‍රචාරණයක් ලබාගැනීමේ අරමුනින් මා කරනු ලැබුවානම් මම මේ පිළිබඳව මාධ්‍යට කියලා කරන්න තිබුණා. මා සමග දිගු කාලයක් වැඩ කරණු ලැබූ රුක්ෂාන් අබේසිංහ ජායාරුප ශිල්පියා ලෙස මා සමග එදා සිටියා. 


ඔහු දිගු ඉතිහාසයක් නැති රිවිර පුවත්පතේ වැඩ කරනවා .එපමණයි. මට මාධ්‍ය මගින් ආවරණය කිරීමක් අවශ්‍ය වුනේ නැහැ. කව්රු හරි කියනව නම් මම අනෙත් මාධ්‍ය අමතක කරා කියලා මම ඒක කළේ නැහැ.මොකද මට මාධ්‍යට මේවා කියලා කරන්න උවමනාවක් තිබුනෙ නැහැ.

ඔබ මේ කර තිබෙන්නේ බලවත් වැරැද්දක් සහ බලූ වැඩක් කියලා සමහර සංවිධාන පවසලා තිබුණා.

 
මා නැවත ප‍්‍රකාශ කරන්නෙ මා එම සංවිධානවලට පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. මේ ප‍්‍රශ්නය දෙස විතරයි බලන්නෙ. විදෙස් රටවල රංගන ශිල්පින් වුනත් මෙවැනි හැදැරීම් කරනවා.මම පාලමයට ස්තී දූෂකයෙකු ගේ චරිතය රගපැවා. 


නමුත් මා එය අත්හදා බලන්නට ගියේ නැහැ.මෙය රංගන ශිල්පියෙකුට අත්දැකීමක් ලබාගත හැකි අවස්තාවක්.පුද්ගලයෙක් ලෙස මගේ පෞද්ගලික ජීවිතයටත් යම්කිසි අත්දැකීමක්. මෙය රංගන ශිල්පියෙක් හැටියට කළ හැදෑරීමක් එවැන්නකට චෝදනා කිරීම වැරදියි.

මහන කම අත්දැකීමක් හැටියට කොහොමද ඔබට දැනුනෙ?

 
මම එම වතාවත් පුරමින් සංයමයකින් සිටියා මම රංගනයට මුල්තැන දීලා චීවරය පාවිච්චි කළා නෙමේ. මා විරාගයට කැපවීම් කළා රංගන ශිල්පියෙක් ලෙස එවැනි කැපවීම් කළ විට කව්ද ලියලා තිබුණා අත කපපු චරිතයක් කරන්න අත කපාගන්නවද කියලා. 


එවැනි දේ පෙරහුරු කරන්න දෙයක් නෙමේ ඒවට උපක‍්‍රම තිබෙනවා. එවැනි තර්ක බොලඳයි. මෑතකදි තිරගතවූ චිත‍්‍රපටයක දුෂ්කරක‍්‍රියා කරන චරිතයක රංගන ශිල්පියා සනත් විරාගයේ කළ කැපවීමවත් කර නැහැයි කියලා තවත් කව්ද ලියලා තිබුණා. 

මම කාටවත් පරිභව කරන්නෙ නැහැ.යම්කසි කාලයක මා කළ කැපවීමක් ඉතිරිවෙලා තිබෙනවා . ජෝ අබේවික‍්‍රම ,ටෝනි රණසිංහ ,ගාමිනී ෆොන්සේකා වැනි අය කරන ලද කැපවීම් ඉතිරිවෙලා තිබෙනවා. ජගත් චමිල සැමීගේ කතාව වෙනුවෙන් කැපවීම් කළා .

මාලිනී ෆොන්සේකා 'සොල්දාදු උන්නැහේ" පේ‍්‍රමක්කාගේ චරිතය කරන්නට පෙර කාර් එකක නැගලා ගිහින් වීදි සරණ ළඳුන් ගැවසෙන තැන් ඒ හැසිරීම් අධ්‍යනය කරලා තිබුණා. මෙවන් හැදෑරීම් සහ කැපවකිරීම් තුළින් තමයි අපි යම් අර්ථවත් ගමනත් යාමට පෙළඹෙන්නේ.

මෙවැනි කැපවීම් වර්තමාන සිනමාව තුළදී කොයිතරම් වටිනාකමක් තිබෙනවාද?

 
වර්තමානයේ සිනමාව එදා තිබූ පස්වන මණ්ඩලයේ සිනමාව සමග සංසන්දනය කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඒ කාලෙ සිනමාවෙ තිබුණ කලාත්මක භාවය ගුණාත්මක භාවය වර්තමාන සිනමාව තුළ තිබෙනවද කියන ප‍්‍රශ්ණය අපිට තිබෙනවා.සිනමාව සඳහා කළ හැදෑරීමක් කිරීම අර්භූදයක් බවට පත්කරගතයුතු නැහැ.

මේ මහන කම විවාද සම්පන්න භාවයට මුල්වන්නේ මේ රට සිංහල බෞද්ධ කියන සංකල්පයේ සිටයි.

 
මේක සිංහල බෞද්ධ රටක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු අනෙකුත් සියළු ජාතීන් අතර ආගම් තිබෙන සහජීවනය අප අමතක කළයුතු නැහැ.මේක අමන රටක් නෙමේ. ජාතිය ආගම කුමක් වුවත් ඒ ජාතියට ආගමට කවරගනයේ පිරිසක් හෝ අවමන් කිරීම නිග‍්‍රහ කිරීම වැරදියි.


බුදුන් වහන්සේ කිසිම කෙනෙකුට බලපෑම් කළේ නැහැ.උන්වහන්සේ දේශනා කලේ ධර්මය අසන්න දකින්න අවබෝධකරගන්න කියලා විතරයි .පළමු අවස්ථාවේ නීති පැනෙව්වෙ නැහැ. දෙව්දත් තෙරුන් නීති පැනෙව්වා පිණ්ඩපාතෙන් පමණක් දානය සපුරා ගතයුතුයි. 

සිවුරු තුනක් පමණක් දැරිය යුතුයි ආදී වශයෙන්ගබුදුන් වහන්සේ ඒ නීති ස්ථාපිත කළේ නැහැ. මේ නිසා දෙව්දත්තෙර තවත් භික්‍ෂූන් වහන්සේලා 500 නමක් සමග සසුන රකිනවා කියා කැපවීම වැඩියි කියා බුදුන් වහන්සේ වෙතින් නික්මගියා.

නමුත් සැරියුත් මුගලන් දෙනම විසින් නැවතත් නිසි කරුණු අවබෝධ කර දිමෙන් පසු ඔවුන් නැවතත් බුදුන්වහන්සේ වෙත වැඩියා. තමන්ගෙ ධර්මය තුළම විරුද්ධදේවල් අදහස් මත ගැටුම් ඇතිවෙන්න පුළුවන්.

මට මගේ කුඩා කාලය මතක්වෙනවා. මහනුවර මුල්ගම්පල. ඒ කාලෙ ජනාකීර්ණ නැහැ. සිංහල ගෙවල් දෙක තුනක් තිබුනෙ. දෙමළ, මුස්ලිම්, බර්ගර අය අතර රාමසාන්, හජ්ජි, තිබුණ වෙසක්උත්සවය ආගම් බේධයකින් තොරව සමරණවා . හින්දු අවුරුදු සිංහල අවුරුදු වගේම නත්තලූත් සැමරුවා.

මගේ මහනකමට සම්බන්ධවුණ පාලිත ස්වාමීන් වහන්සේගෙ පන්සල තියෙන්නෙ බේරුවල.එම ප‍්‍රදේශයේ වැඩි පිරිසක් මුස්ලිම් අය ඉන්නෙ. පිරිත් හඬත් මුස්ලිම් වරුන්ගේ යාතිකාත් ඇහෙනවා. ඒ පන්සලේ ඉන්නෙ එක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පමණයි සිටින්නෙ. 


ඒ සාරද ස්වාමීන් වහන්සෙ .ඒ ස්වාමීන් වහන්සේ මේ ප‍්‍රදේශවාසීන්ට පිරිත් කියනවා.ඔවුන් මාව බලන්න ආවේ පාලිත හාමදුරුවන්ගේ ගෝලයෙක් විදිහට.මම මේ කතාකරන්නෙ මේ රටේ රටවැසියෙක් හැටියටයි.

මට මේ අවස්ථාවේ තවත් දෙයක් මතක්වෙනවා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මීට පෙර තිබූ අවස්ථාවක මොහිදීන් බෙග් මහත්මයා උර්දු භාෂාවෙන් ගීතයක් ගයපුවහම පකිස්ථාන් රජය ඔහුට පුරවැසි භාවය ලබාදුන්නා නමුත් ඔහු එහි ගියේ නැහැ. 


ඔහු අසනීප වුන වෙලාවේ මොහිදීන් බෙග් එයාගෙ පුතාට කියලා තියෙනවා මේ රටේ අන්තිම සිංහලයා ඉන්නකම් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ කියලා.

මේ රටේ මේ සංවර්ධනය වනවා කියන්නෙ මොන සංවර්ධනයද කියලා මට තේරෙන්නෙ නැහැ බෞද්ධයො මුස්ලිම් වරු වැරදියි කියලා කියන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ.


මේ ආකාරයෙන් චර්යාධර්ම සාරධර්ම විනාශවෙලා යන්නෙ විනාශ කරන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ.නමුත් හැම තිස්සෙම රේඩියෝ වලින් අහෙන්නෙ බණ.

මහන කම තුළ සහ ගිහි ජීවිතය තාවකාලිකව අත්හළ ඔබ තාවකාලික මහන කම ලැබුවා නැවත ගිහියෙකු ලෙස බලනවිට මහන කම දැනෙන්නෙ කොහොමද?

 
මහන කම තුළ සිටිද්දී ගිහියෙකු ලෙස හැසිරෙන්න බැහැ. එහි විනයක් තිබෙනවා ශික්‍ෂණයක් තිබෙනවා වතාවත් තිබෙනවා. ඒ සියල්ල තුළ සිට මා කළ යුතු දේ මා නිවැරදිව කළා.මා මීට පෙරත් සිව්රු නොදරා භාවනා වැඩ සටන්වලට සහභාගි වී තිබුනා. 


නිතරම පේන දේට වඩා වෙනස් දේවල් හුරු පුරුදු ගැඹුරු දේවල් මිනිස්සුන්ගේ ජීවිත වල තිබෙනවා. අධ්‍යාත්මික සුවය ලබන්න කැමති අය ඉන්නවා. මා මහන කමේ ඉන්නද්දි මිනිස්සු මට වැන්ඳා.මට පව් පිරෙයිද කියලා මට හිතුනා. 

නමුත් ඔවුන් වන්දාන කළේ මට නෙමේ බුද්ධ චීවරයටයි.මේ මහනකමේ එක දවසක් හරියට ඉන්න පුළුවන්නම් ඒක තමා නිවැරදි. දවස් සීයක් වැරදියට මහන කමේ හිටිය වැඩක් නැහැ.මා කොහාමත් මෙවැනි දේට කැමතියි. පන්සලකට ගියත් අපිට නිදහසේ වඳින්න නැහැ. 

සනත් ගුණතිලක ලෙස දේශපාලනය කලාව සමාජීය බලය ඔය කියන හැමදේ තුළින්ම බොහෝ දේවල් විඳින්න පුළුවන් .නමුත් සමහර දේවල් නිසා ඇතිවුනේ අහිතකර දේවල්.

දේශපාලන බලය නිසාද?

 
ඔව් දේශපාලනය නිසා ගමේ කිසිවක් සදාකාලික නැහැනෙ.ධනය, බලය, රූපය මේ කිසිවක් සාදාකාලික නැහැ.බුදුන් වහනසේගේ ධර්මයෙහි සත්‍ය යථාර්ථය පැහැදිළිව තේරුම් ගත හැකියි.මම මගෙන්ම ප‍්‍රශ්න කරගත් අවස්ථා තිබෙනවා. 


බලය, ධනය, ගැටුම් උසස්වීම් පහත්වීම් මම එකින්එක කල්පනා කරලා තියෙනවා මොනවයින්ද තෘප්තියට පත්වෙන්නෙ. මට ලැබෙන ඉල්ලීම් මම අත් අරිනවා. මම සිනමාව ට බැඳෙනවා . මම තාප්තිමත් වෙන්නෙ එතැනින්. මම රහත්වෙලා නැහැ. 

නමුත් මම ආශාවන්ගෙන් හිත පුරවගෙන දගලන කෙනෙක් නෙමේ. නිර්මාණ දෙකතුනක් කරන්න ආශාවක් තිබෙනවා.සමහර විටෙක මේ සියල්ල අත් අරින්න පුළුවන.එහෙම වුනත් ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ

ඒ කියන්නෙ ඔබ නැවතත් මහන ජීවිතයකට යන්න පුළුවන් කියන එකද?

 
ඔව් එහෙම වෙන්න පුළුවන්.හැබැයි දුක්වෙලා කළකිරිලා නෙමේ. ඉතා පැහැදිලි අවබෝධයෙන්. මේ මොහොතේ මා මේ කැපවීම කලේ සිනමාව වෙනුවෙන් රංගනය වෙනුවෙන්. නමුත් උත්පත්තියෙන් ගෙන ආ ආගමික අධ්‍යාත්මික හැගීමක් මාතුළ තිබුනා.

ඔබ වෙනදා සනත් මද වෙනස් වෙලාද?

 
වෙනස් වෙලා වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනස් වෙලා. සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස්වෙලා.

පේ‍්‍රම කරනවද?

 
පේ‍්‍රම කරයි.

ඔබට ක්‍ෂෙත‍්‍රයේ අයම කරණු ලබන චෝදනා සම්බන්ධයෙන් මොනවද කියන්නෙ?

 
අදාල නැහැ. හිතන්නෙවත් නැහැ.

ප‍්‍රශ්නවලින් පැනලා යනවද?

 
නැහැ.

ඔබ ඔබේ සිනමා නිර්මාණය වෙනුවෙන්නෙ මහණ වුනේ. මෙම මහන වීම රූගත කිරීම් කළාද?

 
ඔව්. මම යම් යම් අවස්ථා රුගත කළා . හිස මුඩු කරණ සියල්ල සහ තවත් දර්ශණ.

ඔබ අධ්‍යක්‍ෂවරයා මේ චිත‍්‍රපටයෙ?

 
ඔව්. නමුත් මම මගේ සහාය අධ්‍යක්‍ෂවරයාව සහ නළු නිළියන්ව මාස ගණනාවකට පෙර සිටම මේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරලා තිබුනෙ.මගේ සහාය අධ්‍යක්‍ෂවරයාට මම මෙහි සියලූ වගකීම් පැවරුවා.


ඔහු ප‍්‍රසන්න විතානගේගේ පවුරු වළලූ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ලද ලෙස්ලි සිරිවර්ධනයි . ඔහු සහ අනෙකුත් අය සියල්ල මැනවින් ඉටු කරණු ලැබුවා.

මහන කම රංගනයක දි බාවිත කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. තිස්ස අබේසේකර ඇතුලූ බොහෝ අය මහන චරිත රගපෑවා සංගීතා වීරරත්න හිස මුඩු කළා. මොකද්ද මේ ඔබ මහන වීමේ වෙනස?

 
මම මේ කාරණය පාලිත ස්වාමීන් වහන්සේට කිව්වහම උන්වහන්සේ මගෙන් ඇහුවේ ඔබට මෙය හරියට කරන්න ඕනෙද කියලා. මම ඔව් කියලා ස්ථිරවම කිව්වා.මේක නිකන් හිස මුඩුකොට සිව්රු පොරවා ගත් අවස්ථාවක් නෙමේ.


ධර්මාණුකූලව ගිහියෙතු මහන වන ආකාරයටයි මහන වුනේ රූගත කිරීමකට පමණක් නෙමේ . මා දින හතක් හිටියා . මා මීට පෙර අවස්ථාවකත් සිව්රු නොදරා දවස් හතක් අසපුවක භාවනා කරන්නට ගොස් අත්දැකීම් තිබුණා.

ඔබ සිව්රු දරාගෙන සිටින කාලය තුළ මොනවද කළේ?

 
මම හුගත් පොත් කියෙව්වා භාවනා කළා මම ජීවිතය ගැන මෙනෙහි කළා. අපි මොනතරම් තරගකාරී ජීවිතයකට ද හුරුවෙලා තියෙන්නෙ අපිට අපි ගැන මට මං ගැන හිතන්න වෙලාවක් නැහැ.නමුත් මම ඒ හිටපු දවස්වල මම හුගක් දේ ගැන කල්පනා කළා. 


මට ජීවිතය දෙස නැවතිලා බලන්න පුළුවන් වුණා මම මේ මොහොතේ කරන කියන දේ ගැන එලැඹ සිහියෙන් දකින්න පුරුදු වීම් කළා.අපි සමහර කරපු කියපු දේවල් ගැන අපිම හිතනවා අපරාධෙ මේක කිව්වෙ මේක කරේ කියලා . 

නමුත් අපි කියන්න යන්නෙ කරන්න යන්නෙ මොකක්ද කියන යහපත් සිහියෙන් ඒ මොහොතෙම හිතනවනම් අපිට කේන්ති යන එක අඩුවෙලා ඉවසීම ඇතිවෙලා කාගෙවත් හිත් රිදවන්නැතිව අපිට ඉන්න පුළුවන්.

ඔබ දැන් එහෙම ඉන්න උත්සාහ කරනවද?

 
එය අතිශය සංකීර්ණ කාරණයක් සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස එම මානසික ඒකාග‍්‍රතාවය තුළ සිටිමින් කටයුතු කරන්න මා උත්සාහ කරණවා එය වැඩි දියුණු කළ හැකි ඉතාම වටින දෙයක්.

ඔබේ මහන වීමේ රූගත කිරීම් අවසන් ද ?

 
නැහැ. තව රුගත කිරීම් තිබෙනවා මගේ මහන වීමේ කර්තව්‍යයේ දින දෙකක් අත්‍යාවශ්‍ය දර්ශන පමණයි පසුගිය කාලෙ කරනු ලැබුවේ. මේ දිනවල මගේ කාර්මික කණ්ඩායම වෙනත් නිර්මාණයක නිරතව සිටිනවා. ඔවුන් පැමිණි වහාම මා මගේ සිනමා නිර්මාණයේ ඉතිරි කටයුතු අවසන් කරණවා.


අපගේ පෙර පුවත්...
සනත් ගුණතිලකට ගිහිගෙය කළ කිරී භාවනා කරන්න හිතිලා
සිනමා නළු සනත් ගුණතිලක පැවිදි වෙයි
සනත් ගුණතිලකගේ පැවිද්ද සංඝ සමාජයට නිග්‍රහයක්‌
හඟුරන්කෙත විමලරතන හිමි යළි සනත් ගුණතිලක වෙයි
 
Related Posts with Thumbnails