Ads 468x60px

.

‘මෙගාබයිට්’ නවතා දමයි, හිරු ටී.වී.මිහිරගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - (වීඩියෝ)

සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත ක පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. අනු ඔහුට දරුණු ලෙස සිදුකළ ශාරීරික හා මානසික පීඩාව සම්බන්ධයෙන් හිරු ටීවී ආයතනය මිහිර සිරිතිලකගෙන් ප‍්‍රසිද්දියේ සමාව ඉල්ලා සිටිවා.

එමෙන්ම ඊයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශණයේදී එම ආයතනය පවසා සිටියේ ‘මෙගාබයිට්’ වැඩසටහ නවතා දමන බව සහ රූගත කල එම දර්ශන අධිකරණය බාරයේ තබා ඇති බවයි.

හිරු නාලිකාවේ ඉදිරිපත් කල සමාව ඉල්ලීමේ නිවේදනය පහතින්.

“නිවේදක සුනෝජ් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් මිහිර සිරිතිලක නම් වූ කලා කරුවාට සිදුවූ අපහසුතාවය පිළිබඳව පලමුව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

එමෙන්ම ආයතනයේ අනුදැනුමකින් තොරව සිදුවූ මෙම පටිගත කිරීම කිසි විටෙක ‘මෙගා බයිට්’වැඩසටහන හරහා ප්‍රචාරය නොකිරීමට කටයුතු කල අතර වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඉදිරියේදී හෝ ප්‍රචාරය නොකරන බවත්, අදාල පටිගත කිරීමේ මුල් පිටපත් අධිකරණය බාරදීමටත් කටයුතු කර ඇත.

එමෙන්ම එම මුල් පිටපත් තුන්වන පාර්ශවයක් අතට පත් නොකිරීමටද එකඟතාව පලවිය.

කලාකරුවන් සමඟ නිරන්තරයෙන් ඉතා සුහදව කටයුතු කරන මාධ්‍ය ආතනයක් ලෙස එකී සුහදත්වය තව දුරටත් වර්ධනය කරනු වස් මෙගා බයිට් නැමැති වැඩසටහන විකාශය කිරීම දැනටමත් නවතා දමා ඇති අතර ඉදිරියටත් එය එලෙසම ක්‍රියාත්මකයි.

තවදුරටත් මෙම සිද්ධි දාමය තුල පොදුවේ සියළුම ශ්‍රී ලාංකීය කලාකරුවන්ට ද සිත් තැවුලක් සිදුවූයේ නම් සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන්ටද අපගේ කණගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු”



‘මෙගාබයිට්’ රූපවාහිනි කණ්ඩායම ජනප්‍රිය නළු මිහිරි සිරිතිලක පැහැර ගෙන දසවද දීලා
මිහිර සිරිතිලක ‘මෙගාබයිට්’ කළ ‘හිරු’ නාලිකාවේ තුන්දෙනෙක් රිමාණ්ඩ් කරයි...
 
Related Posts with Thumbnails