Ads 468x60px

.

ටෙලි තිරයේ ප්‍රකට කුරුළු ජෝඩුව, නෙහාරා මේනක විවාහය නොවැම්බරයේ...


හෝටලය  
ගල්කිස්ස...

ඒත් මාධ්‍යයට 
තහනම්...

නෙහාරා නිර්මාල් විවාහයේදී ඔවුන්ට දරුවන් නොසිටි අතර මේනක විරංගි විවාහයෙන් එක් දියණියක සිටියා. 

දෙදෙනාම පැවති විවාහ වලින් වෙන් වුනේ නව සම්බන්ධය නිසා බව කා අතරත් ප්‍රසිද්ධ රහසක්.

මාධ්‍ය අසද්දී ඒවා ප්‍රතික්ෂේප කරමින් එවැනි සම්බන්ධයක් නැති බව කියූවත් වසන් නොකළ සත්‍යය ඔවුන් ලබන මාසයේ මල් ඵල ගන්වන්නට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

මේ වන විටත් එයට සහභාගීවන අයට ඇරයුම්පත් යවා ඇති බවත් පසුගියදා සාරි මන්දීර් වෙත ගොස් නෙහාරා සාරි තේරූ බවත් අප වාර්තා වනවා.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් කිසිවෙකුට මෙම උත්සවය ආවරණය කරන්නට ඉඩ නොදීමට නෙහාරා මේනක තීරණය කර තිබෙන අතර උත්සවය මේ ආකාරයට එළිවන්නට ඉඩ නොදී අවසන් මොහොත වනතුරු රහසක් වශයෙන් තබා ගන්නටත් ඔවුන් තීරණය කර තිබුණා.


නෙහාරා මේනක දෙදෙනාම පැවති විවාහ වලින් නීත්‍යානුකූලව වෙන්ව සිටින අය අතර අවුරුදු ගණනාවක ටෙලි තිරයේ ප්‍රකට කුරුළු ජෝඩුව ලෙස කවුරුත් හඳුන්වනු ලැබුවා.


නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ විවාහ මංගල්‍යය අද වෙනවා හෙට වෙනවා කිය කිය කල්මරමින් පැවති ආරංචි වලට තිත තබමින් එය ලබන නොවැම්බරයේ ගල්කිස්ස මහ හෝටලයේ පවත්වන්නට දැන් සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
 
Related Posts with Thumbnails