Ads 468x60px

.

මිතුරී පෙති සමඟ 'බොක්ස්' අසුනකදී දැරියක් කෙලෙසීමට තැත්කළ පෙම්වතා මාට්ටු වුනු හැටි.


උපත් පාලන 
බෙහෙත් පෙතිත් ළඟ...

මාතලේ සිනමා ශාලාවක වෙන් කරන ලද අසුනකදි (බොක්ස්) බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවරයක් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම බාලවයස්කාර පෙම්වතිය සමග සිනමා ශාලාවට පැමිණි පෙම්වතා වෙන් කරන ලද ආසනයකදී චිත්‍රපටය නරඹමින්ම ලිංගික අතවරය සිදු කරන අතර තුරේ යටවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව එම පෙම්වතා අධිකරණය හමුවට පැමිණවූ බවයි.

දැරියගේ මව විදේශගතව ඇත. 15 හැවිරිදි මෙම දැරිය පියාගේ රැකවරණය යටතේ සිටියදී මෙම ලිංගික අතවරයට මුහුණපා ඇති බවත් දැරිය සන්තකයේ තිබූ මිතුරී නමැති

උපත්පාලන බෙහෙත් පෙත්තක් පියාට අසුවීමෙන් සිද්ධිය පිළිබද තොරතුරු අනාවරණයකර ගැනීමට හැකිව තිබෙනවා .

දියණියගෙන් ප්‍රශ්නකර හෙලිවූ කරුණු පදනම්ව යටවත්ත පොලිසිය කළ පැමිණිල්ල විමර්ශණයකර ලිංගික අතවරය කළ බවට සැලකෙන පෙම්වතා ඉහත දිනකදී අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් දැරිය වෛද්‍ය පරික්ෂණය සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති බවත් පොලිසිය පවසනවා .

මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ සිනමාශාලාවේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කලා. යටවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා.              
 
Related Posts with Thumbnails