Ads 468x60px

.

මම අදටත් ගරු කරනවා නිල්මිණිට. එතුමිය තමා මේ ලෝකයේ ඉන්න හොඳම අම්මා - මධු කියයි

බොහෝ දේ කැමැත්තෙන් 
හෝ අකැමැත්තෙන් සිදු වුණා...

කාලය සමග පොර බදමින් ජීවිතය හැල්මේ දුවලා දුවලා ගිමන් නිවන මොහොතක තමන්ට අතිශය පෞද්ගලිකව දැනෙන මොහොතවල් වළින් මානසිකව විඳවන් නැතිව ඉන්න හුගක් දේවල් කරන නිල්මිණී තෙන්නකෝන් පිලිබඳ පුවතක් පසුගිය සතියේ අප ඔබ වෙත ගෙන ආවා.
ඊට‍ පිළිතුරු වශයෙන් මේ සතියේ මධුමාධව අරවින්ද කියන්නේ ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය සුහදශීලි චරිතයක්’ ඔහු දක්ෂ නලූවෙක් නර්තන ශිල්පියෙක් හා නිවේදක යෙක්’ ඊට අමතරව ඔහු දියුණු කරගත් හැකියාවන් බොහෝ ඔහු සතු බවයි. 

ඉතින් මේ හේතුව නිසාම මධුමාධව ගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු පවා සොයන්නට ප්‍රේක්ෂකයින් උනන්දුවක් දක්වනවා කියලයි අපට ආරංචි. 

ඒ වගේම ඔහුගේ අලූත් තොරතුරු සේම දුව ස්වේතා පිළිබදවද පසුගිය දිනක පුවත් පතකට අදහස් දක්වා තිබුණු ඉතාමත් හැගීම්බර තොරතුරු පහතින්.

මේ නිරහංකාර බව ද ඔබේ ජීවිතය ඉදිරියටම ගෙනාවේ?

ඇත්තමයි මිනිසුන් මාව කොහොම තේරුම් අරගන්නවාද කියලා මට තේරෙන්නේ නෑ. මගේ ජීවිතය ඇතුළේ භූමිකා රැසක් මම රගනවා. ඉතිං එක එක්කෙනා, එක එක කෝණවලින්නේ බලන්නේ.

මධු අයියේ අවංකවම කියන්න ඔබේ මේ භූමිකා තුළින් ඔබ වඩාත්ම කැමති මොන භූමිකාව ද කියලා?

මිනිස් ජීවිතය එක් එක් කාලවලදී විවිධ තැන්වලට අපව රැගෙන යනවා. මගේ ජීවිතයේ සොඳුරු යොවුන් විය සිත් සනහන ගායකයෙක් බවට පත් වුණා. ඉන් පසු නළුවෙක්. නර්තන ශිල්පියෙක්. 


නිවේදකයෙක් දක්වා දුර ආවා. කාලයත් සමඟ මම ලියන්නෙක් බවට පත් වුණා. මගේ තෙළි තුඩෙන් බොහෝ අපූරු නිර්මාණ බිහි වුණා. මා ලියූ ඇතැම් නිර්මාණ දිහා බලන විට මම ද ලීව්වේ කියලා සිතාගන්න බැහැ. 

අද මම දේශපාලන ජීවිතයට පිවිසිලා. ජීවිතය එක තැන රැදුණේ නැහැ. තිබූ යම් යම් දක්ෂතා නිසයි විවිධ ඉසව් කරා මා ආවේ. හැබැයි වඩාත්ම කැමැත්තක් අදටත් දක්වන්නේ මා තුළින් එළියට ආව සොඳුරු ගායකයාට තමා.

ගායකයෙක් ලෙස ඔබට ඉදිරියටම එන්න තිබුණානේ ඉතිං?

ඔව්, ගායකයෙක් ලෙස ඉදිරියටම එන්න අවස්ථාව තිබුණා. සුවහසක් රසික සිත් සැනසුණා මගේ ගායනයෙන්. ඒත් එකම දේ තුළ ඇලී නොසිට තව, තව අලුත් දේ මා තුළින් සොයා ගත යුතුයි කියලා මට හැගුණා. 


අද සංගීත ක්ෂේත්‍රය යුද පිටියක් හා සමානයි. මේ ගීත යුද්ධයේ මම නැහැ. මම හොඳ රසිකයෙක් ලෙස මේ සියල්ල දෙස බලනවා. මට හොඳ නමක් ඇති වුණා. ඒ හොඳ නම දිගටම තියාගන්නයි කවදත් මට ඕනේ. තමන් තමන්ව තීරණය කළ යුතුයි.

මේ දෙසැම්බරය ඔබට සුවිශේෂයි කියලා කීවා?

ඔව් මගේ සංගීත දිවියට අවුරදු 25 ක් සපිරෙනවා. මගේ හිත මිත්‍රයන් එකතු වී මේ සුවිශේෂී මොහොත සදා මතකයක් බවට පත්කරාවී. මා ලියූ අරවින්ද යාය නිර්මාණාත්මක පොත මේ උත්සවය දා එළි දක්වන්නත් හිතාගෙන ඉන්නේ. එදාට මගෙ දූ ස්වෙතාට මේ ලෝකයේ තාත්තා කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දේ මම ලබා දෙනාව.

ස්වෙතා එයා දැන් ලොකු ළමයෙක් නේද අයියේ?’

මගේ වස්තුව . . . මගේ රත්තරං පැටියා, දැන් ලොකු ගැහැනු දරුවෙක්. කාලය සමග වෙන්න තිබුණු දේ වුණා. එත් තාත්තා කෙනෙක් හැටියට මගෙ දූට මේ පපුවේ තිබුණු ආදරය බිඳක්වත් අඩු වුණේ නැහැ. මම අහස වගේ මගේ දුට ඉන්නවා. මම දන්නවා එයාගේ අම්මා මහ පොළව වාගේ දූට ඉන්න බවත්.

මධු අයියේ පසුගිය සුමානේ නිල්මිණි අක්කා සමග මා කළ කතාබහකදී මට වැටහුණේ මහ පොළව සේ සියළු බර ඈ අද තනිවම උහුලාගන්න බවයි?

මේක පොදු ප්‍රශ්නයක් නෙමේ මල්ලි. මගේ ජීවිතේ එක් කාලයක මම ඇයට ආදරය කළා. විවාහ වුණා. දරුවෙක් ලැබුවා. ප්‍රශ්න නිසා අපි ඈත් වුණා. නිල්මිණි කීවා වගේ අපි නයි පොළඟුන් නෙමේ . . . ඇය ඇත්තෙන්ම ශක්තිමත් කාන්තාවක්. 


ආවේග ඇති වෙලා මොනවා කීවත් ක්ෂණික කෝපය හිරු දුටු පිණි වගේ. මම අදටත් ගරු කරනවා නිල්මිණිට. එතුමිය තමා මේ ලෝකයේ ඉන්න හොඳම අම්මා. අපි බෞද්ධයින් හැටියට හද බැඳගත් බැඳීම කුඩුපටටම් වෙලා යද්දී හරිම අමාරුයි දරාගන්න හිතට.

මධු . . . අයියේ ඔබ අපි දන්න හැටියට සංවේදී කලාකරුවෙක්. ඇය පවා බොහෝම සංවේදී කෙනෙක්. ඉතිං මේ බැඳීම රැකගන්න ඇයි බැරි වුණේ?

 
මේ ලෝකේ හැම දේම සිදුවෙන්නේ අපි කරන පව් පිං අනුව. එකතු වෙන්න තියෙන අය එකතු වෙනවා. ඈත් වෙන්න තියෙන අය ඈත් වෙනවා. ලෝක සොබාවය ඒක තමා. 


හැබැයි යම් යම් ප්‍රශ්න නිසා මෙහෙම ඈත් වුණු කලා ලොවේ හැමෝම එකම ගොඩකට දාන්න හොඳ නැහැ. එක එක්කෙනාට ප්‍රශ්න බල පාන්නේ එක එක විදිහට. එතුමිය දන්නවා මධුමාධව අරවින්ද කියන්නේ කවුද කියලා. 

අපි ආදරය කළේ, පවුල් ජීවිතය ගත කළේ ගරුත්වයකින්. හට ගත් ගැටළු මත වෙන් වුණාත් සමාජය පිළිකුල් කරන විදියට, මිනිස්සු හිනාවෙන හැටියට අපි ජීවත් වුණේ නැහැ. කොටින්ම එහෙම සැමියෙකුගේ ගොඩට මාව දාන්න බෑ.

නිල්මිණිගේත් ස්වේතාගේත් ජීවිතේ සුවිශේෂී දේවල් සඳහා ඔබ සහභාගි වෙනවාද?

ඇය මට දුවගේ ජීවිතේ සුවිශේෂී දේවල් මතක් කරනවා. ඒ දේවල්වලට මම සහභාගී වෙනවා. මගේ උපන් දිනයට පවා නිල්මිණි මට කතා කරලා සුභපතනවා. ජීවිතේ එහෙමයි මල්ලි. 


වයසට යන කොට අත්දැකීම්වලින් පරිනත වෙනවා. මගේ ජීවිතේ එක් වසන්ත කාලයක මට මුණගැසුනු අය මේ. වසන්තය නිමා වුණා කියලා බැඳීම්වල මතකය අමතක වෙන්නේ නැහැ. මේ හැමෝම පපුවෙ පැලවෙච්ච අයනේ මල්ලි.

ඔව් . . . මධු අයියේ යළිත් ඔබ විවාහ ජීවිතයට පිවිසියා?

ජීවිතය ඛෙදා හදාගන්න ආදර”ය බැඳීමක් අපිට ඕනේ . . . ඇය නිරෝෂා. දරුවන්ට සිප් සතර කියාදෙන සෙනෙහෙබර ගුරුවරියක්. මගේ බිරිය මගේ ඉතිහාසය දන්නවා. අපි ජීවිතේ සතුටින් ඉන්නවා. 


ස්වේතාගේ සුවිශේෂී මොහොතකට යන්න තිළිණයක් වුණත් මම ලැහැස්ති කරද්දී ඇය බොහෝම ආදර”යව මං දිහා බලන් ඉන්නේ. ඇය දන්නවා ස්වේතාට මගේ ඇති ආදරය ගැන.

ඔබේ දේශපාලන ගමන කොහොමද . . .?

මම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප කැප වෙලා වැඩක් කරන්න උනන්දුවෙන් ඉන්නේ. මගේ මේ දේශපාලන ගමනේදී බොහෝ දෙනෙක් මා සමඟ අත්වැල් බැඳගෙන ඉන්නේ. එය මට ශක්තියක්. දේශපාලනය තුළින් මට ඕනෑ වැඩක් කරන්න මිස නිලතල අරගෙන ඔටුණු පළඳින්න නෙමේ. 


මම ගායන සංගමයට කොළඹින් ඉඩමක් ලබා දුන්නා. හැමෝටම එකතු වෙලා කතා කරන්න තැනක් තිබිය යුතුයි. ගමෙන් නගරයට එන නංගිලාට මල්ලිලාට කොළඹට ආපුවාම ඉන්න තැනක් සූදානම් කරලා තියෙන්න ඕනේ. මා තුළ ඉන්න නායකයා තුළින් රටටම වැඩක් කරනවා.

එතකොට ඔබ තුල හිටපු නළුවා?

නළුවත් ඉඳහිටලා එළියට එනවා. රංගනය මහා පරාසයක් ඇති ක්ෂේත්‍රයක්. එහි පිනුම් ගහන්න මට බෑ. සිරි දළදාගමනයෙන් යළිත් මා තුළ සැගව ඉන්න නළුවා රසික සැමට දැකගත හැකියි.

මධු අයියේ කොහොමද පවුලේ අය එහෙම?

අම්මා - තාත්තා හොඳින් ඉන්නවා. මල්ලි නළුවෙක් ලෙස සාර්ථකයිනේ. මගේ ජීවිතය ගිනි ගත්ත යුගයක ඔහු පිබිදුණා. හොඳ - නරක දෙකම තියෙන්නේ මිනිසුන් ළග. 


මගේ අම්මා මගේ ජීවිතේ එක් එක් කාලවල සිදු වූ හැමදේටම වැකියක් ලබා දුන්නා. පිරිමි කෑගහලා අඬල දුක පිට නොකළාට හිත ඇතුළෙන් ජීවිතේ බොහෝ දේ නිහඬව විඳ දරා ගන්නවා.

අවසානේ මම දෙයක් කියන්නම්. අපේ ජීවිතවල බොහෝ දේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදු වුණා. යලි යළි ඒ දේ දේවල් කතා කිරීම අනවශ්‍යයි. ජීවිතය පිරෙන්නේ ආදරයෙන්. 


ඒ නිසා ආදරයෙන් අපි මේ කෙටි ජීවිතයට මුහුණ දෙමු. දවසක මේ සියල්ල අතහැරලා යන්නම යන්න සිදු වෙනවා. බැඳීම් යනු දුකක් මිස සතුටක් නෙමේ.

සමිතාට හා නිරෝෂාට ළං වුණු පිරිමි තේරුම් නොගත් දේ නිල්මිණි පැහැදිලි කරයි.
 
Related Posts with Thumbnails