Ads 468x60px

.

“කෝර‍ලේ මහත්තයා” ටෙලි නාට්‍යයේ “පිනා” සැබෑ ජීවිතයේ බිරිඳත් එක්ක රඟපාන හැටි මෙන්න


කට්ටිය 
හිතුවේ 
අපි අයියයි 
නංගියි 
කියලා

රාජ සභාවේ සිට කෝර‍ලේ මහත්යා දක්වා කාලය තුළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක සිය හාසේ‍යාත්පාදක රංගනය මුසු කළ මහින්ද අද අප රටේ හිඳින මුල් පෙළේ කලා කරුවෙකි.

මේ දිනවල කෝර‍ලේ මහත්තයා ටෙලි නාට්‍යයේ පිනා ගේ චරිතය තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මහින්ද පතිරගේ අපගේ ටෙලි නාට්‍ය රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

ඔහු මෙරට ජනතාව අතර ජනප්‍රිය වීම වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ රාජ සභාව හාසේ‍යාත්පාදක වැඩසටහන තුළිනි. අනුරපුරයේ ඉපිද හැදී වැඩී එහිම තම කලා දිවිය අරඹා අද වන විට රටම හඳුනන කලා ශිල්පියකු බවට පත් මහින්ද සමග “රැජිණ” කළ සුහද පිළිසඳරකි මේ.

අද ජනප්‍රිය නළුවෙක් වුණාට ඒ ගමන එන්න ඔබට සෑහෙන කලක් ගතවුණා

ඔව්, මම මගෙ කලා ජීවිතේ ආරම්භ කළේ 1979 දී. අනුරාධපුරයේ රජරට ගුවන් විදුලිය තුළින් තමයි මට මුලින්ම කලා හැකියාවන් එළිදක්වන්න ලැබුණේ.

අගනුවරට ආසන්න නගරබද කෙනෙකුට වඩා ඈත ගමක කෙනෙකුට ක්‍ෂේත්‍රය තුළ ගමනක් එම දුෂ්කරයි නේද ?

දුෂ්කරතා තියෙනවා. හැබැයි අවංක කැප වීමකින් දිගටම ක්‍ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න අයට කවදා හෝ තමන්ගේ ගමන සාර්ථක කරගන්න පුළුවනි.

නමුත් නළුවෙක් විදියට ඉදිරියට එද්දී ඔබේ සිත්තර ජීවිතය බිඳ වැටුණා නේද ?

මගේ මුල්ම වෘත්තිය වුණේ චිත්‍ර ශිල්පය. අනුරාධපුරේ සියලුම සිනමාශාලාවල කටවුට් බැනර්, මගෙ සුරතින් නිර්මාණය වූ කාලයක් තිබුණා. ඒත් ඩිජිටල් තාක්ෂණය මගින් කටවුට් ‍පෝස්ටර් නිර්මාණය කරන්න පටන් ගත්තට පස්සේ මගේ චිත්‍ර ශිල්පයට බලපෑම් ඇති වුණා.


ඒක මං වගේම පින්සලෙන් චිත්‍ර අඳින හැම ශිල්පියෙකුටම එක වගේම බලපෑ ප්‍රශ්නයක්. මේ කාලය තුළ තමයි රංගන ශිල්පියකු විදියට මගේ ජීවිතය ගොඩ නැගුණේ චිත්‍ර කලාවේ ඒ අර්බුදය නොවුණා නම් අදටත් මං චිත්‍ර ශිල්පියෙක්.

ඔබේ බිරිඳත් කලාකාරියක් නේද ?

මගේ බිරිඳ කුමුදුනී ගුණවර්ධන. ඇය සංගීත විශාරදවරියක්. අපි දෙන්නම ඉගෙන ගත්තේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහ‍ලේ. අපේ ප්‍රදේශයේ “ජන නළු කැල” නමින් කලා සංගමයක් තිබුණා. අපි දෙන්නම එහි සාමාජිකයෝ. වසර දහයක ප්‍රේමයක් තමයි විවාහයක් හැටියට පල දැරුවේ.

නමුත් ඇය ජනප්‍රිය චරිතයක් වුණේ ඔබට කලින් ?

ඇය හින්දි ගීත ගයමින් ප්‍රසංග වේදිකාව තුළ ජනප්‍රිය චරිතයක් වුණා. ඔය කා‍ලේම තමයි නුවන් ගුණවර්ධන ප්‍රසංග වේදිකාව තුළ හින්දි ගී ගායනා කරන ජනප්‍රියතම ගායකයා වුණේ. නුවන් සමග කුමුදුනී යුග ගී වේදිකා වල ගැයුවා. නුවන් ගුණවර්ධන, කුමුදුනි ගුණවර්ධන කියන නම් දෙක ඒ කා‍ලේ හරිම ජනප්‍රිය වුණා.

වාසගම අනුව දෙදෙනා අඹුසැමියන් කියා රසිකයන් හිතන්න ඇති.

නැහැ බොහෝ අය හිතුවේ දෙන්න අයියයි නංගියි කියලා. මොකද මම කුමුදුනී සමග ප්‍රසංගවලට යනවා. ඒ නිසා ඇගේ පෙම්වතා මා බව හැමෝම දැනගෙන හිටියා.

එදා ජනප්‍රිය ගායිකාවකගේ තනියට ප්‍රසංග වේදිකාවට ගිය ඔබ අද ජනප්‍රිය තරුවක්. නමුත් ඇය ක්‍ෂේත්‍රයේ නැහැ.

විවාහයත් සමග ඇයට බිරිඳක් විදියට වැඩි කාලයක් කැප කරන්න සිදුවුණා. ඒ වෙනුවෙන් ඇයට ගායන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා.

ඒ කියන්නේ ඇගේ කලා ජීවිතය අඩාල කළේ ඔබ ?

නැහැ. අද වන විට නැවතත් ඇයට ක්‍ෂේත්‍රයට එකතුවීමට අවස්ථාව ලබා දුන්නේ මම. මගෙ දැන හැඳුනුම්කම් මත ඇය යළි ක්‍ෂේත්‍රයට එකතු කළා. විකාශයට වීමට නියමිත ටෙලි නාට්‍ය දෙකක ඇය ගීත ගැයුවා. දැන් ඇගේ සංගීත හැකියාව හුඟක්ම පරිණතයි.  ඒ ඔස්සේ සංගීත ක්ෂේත්‍රයට ලොකු මෙහෙවරක් කරන්න ඇයට හැකිවේවි.

කුමුදුනී ගුණවර්ධනගේ අතීතය හින්දි ගීත වලට පමණක් සීමා වීම මත ඇගේ කලා ජීවිතය අතරමග ඇන හිටියා වෙන්න පුළුවන්

නැහැ ඇය ඒ කාලයේත් සංගීත ක්ෂේත්‍රයේ විවිධ දස්කම් කළ කෙනෙක්. චාරුලතා නමින් ස්ව නිර්මාණ සහිත කැසට් පටයක් ද ඇය නිකුත් කොට තිබෙනවා.

එවන් පසුබිමක් මත ඇගේ ගමන ශක්තිමත් වන්න ඔබට අත්වැල සපයන්න තිබුණා. එසේ වූවා නම් ඇයට යළි අලුතින් ගමනක් අරඹන්න වන්නෙ නැහැ.

අපිට අනුරාධපුරේ සිට ප්‍රසංග වේදිකාවල ගී ගායනා කරන්න දුර පළාත්වලට යන්න සිදුවනවා. සමහර දවස්වල බස්වල ගිහින් රෑ දහයට ගීත ගයලා ආයෙම එන්න වෙන්නෙ පහුවදා. ඒක හරි අසීරු කටයුත්තක්. ඒ හින්දා ඇය  ප්‍රසංග වේදිකාවෙන් දුරස්වුණා.

නමුත් අද ඔබගේ ආර්ථිකය ඊට වඩා සවිමත්, ඒ නිසා ඇයට හොඳ අත්වැලක් සපයන්න ඔබට හැකිවේවි

අපේ යුග දිවිය සම්බන්ධ සියලුම තීරණ ගන්නේ දෙදෙනාගේ කැමැත්ත මත. අපේ ඉදිරිගමන් බිමන් ඒ විදිහටම සැලසුම් වේවී.

 
Related Posts with Thumbnails