Ads 468x60px

.

රොෂාන් මියුසික් වීඩියෝව චතුරිකාව රිද්දන්න කරපු වැඩක් ද..?

පසුගිය කාලයේ මාධ්‍ය පුරා අලුත් පුවත් මවමින් සැරි සැරූ රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමය රොෂාන් මියුසික් වීඩියෝවක් මගින් ප්‍රති නිර්මාණය කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. රොෂාන් පිලපිටිය මේ සංගීත වීඩියෝවෙ පෙනී සිටින්නේ හිතාමතාම විය යුතුය. මේ සංගීත වීඩියෝව කරන්නේත් චතුරිකාගෙ සමීප ඥාතියෙකි. ඇය රොෂාන්ගෙන් වෙන්ව ජීවත් වන්නට ගත් තීරණය ඇයගේය. 

ඇය වෙනත් නළුවෙකු සමග ජීවත්වන්නට තීරණය කරනවානම් ඒ තීරණය ද ඇයගේය. මේ ආකාරයෙන් තීන්දු තීරණ ගත් එකම නිළිය හෝ නළුවා ඔවුන් පමණක් නොවේ.

අතුල සමිතගෙ වෙන්ව යාමෙන් පස්සේ ඒ දෙපල ගයන ලද යුග ගීත වලින් වඩාත් ම ජනප‍්‍රිය වුනේ 'ඉවසයිද මන්දා 'ගීතයය. ඒ ගීතයට මියුසික් වීඩියෝව කර තිබුනේත් මේ ආකාරයටමය. වෙනස තිබුනේ අතුල එහි රඟ නොපෑමයි. 

මෙවන් පෞද්ගලික කාරණා නිසා වෙන්ව යන ගායක ගායිකාවන්ගේ ජීවිත වල වගේම නළු නිළියන්ගෙ ජීවිත වල පෞද්ගලිකත්වය මාර්කට් කර තැනකට ඒම වර්තමාන මියුසික් වීඩියෝ වෙළඳපොළ පත්වන තත්ත්වය එතරම් පහළ තැනකට ඇදගෙන වැටී ඇත. 

මේ රූප රචනාවත් එක්ක සජිත්ගේ ගීතය රසිකයන් අතරට පැමිණීමත් සමඟ එය කාගෙත් කතාබහට ලක්වුණා..රොෂාන්ගෙයි, චතුරිකාගෙයි කතාව මියුසික් වීඩියෝවකට කරලා..මේක රොෂාන්ගේ වුවමනාවට වුණ දෙයක්. එයාට වාසි විදියටයි අවසානය තියෙන්නේ. 

තැන තැන ඇහුණ මේ කතාවලට අන්තර්ජාලය ප්‍රකාශන මාධ්‍යයක් වුණා. අතුල - සමිතාගේ විරහ වේදනාව රූප මාධ්‍යයට නඟපු සහන්මයි මේ වැඩේටත් අත ගහලා තියෙන්නේ. ඥාතිකමට සහන් චතුරිකාගේ මස්සිනා. 

දැන් ඥාති සබඳකම් නැති වුණත් තවමත් රොෂාන් සහන්ගේ හිතවතෙක්ලු. ඇහෙන කතා ගෙතෙන කතා මොනවා වුණත් මියුසික් වීඩියෝව නිර්මාණය කරපු සහන්ගෙන් අපි ඇත්ත කතාව ඇහුවා.

සජිත් නුවන් ගයන ,හිත පාරලා, ගීතයට රූප රචනය කළේ ඔබග ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

හුඟාක් හොඳයි.ඉහළම ප්‍රතිචාර තියෙනවා.

එහෙම වුණේ ගීතය නිසාද? නැත්නම් මියුසික් වීඩියෝව නිසාද?

මං හිතන්නේ දෙකම නිසා.

ඒත් බොහෝ දෙනෙක් කියන්නේ මියුසික් වීඩියෝව නිසා කියලා.

නෑ ඒක එක එක්කෙනාගේ රසවින්දනය. ඒක තීරණය කරන්නේ රසිකයෝ.

මේ විදියේ මියුසික් වීඩියෝවක් කාගෙ වුවමනාවටද නිර්මාණය වුණේ?

සජිත්ගේ වුවමනාවට.

කතා සංකල්පයත් සජිත්ගෙද?

නෑ.මගේ.බොහොම කාලීන,සුලබ මාතෘකාවක් කේන්ද්‍ර කරගෙනයි කතාව ගොඩනැඟුවේ.

නමුත් බොහෝ දෙනා කතා වෙනවා ඔබේ නෑනණ්ඩිය චතුරිකායි, රොෂාන්ගෙයි කතාවට ඔබ ආයෙමත් පණ දීලා කියලා.කතාව ඇත්ත නම් ඔබ එයින් බලාපොරොත්තු වෙන්නේ නැවත ඔවුන් දෙදෙනා එකට එකතු කිරීමද,එහෙමත් නැත්නම් බොරදියේ මාළු බාන්නද.

නිර්මාණයක් දිහා බලලා ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්.හිතන්න පුළුවන්. ඒත් මම නම් වීඩියෝව නිර්මාණය කළේ චතුරිකාවත්,රොෂාන්වත් ඔළුවෙ තියාගෙන නෙවෙයි. ඒ නිසා මට ඔය කියන අරමුණුවලින් එකක්වත් තිබුණේ නැහැ.

මෙච්චර කතා තේමා තියෙද්දී ඇයි මේවගේ තේමාවක් තෝරාගත්තේ?

සජිත් අවුරුදු හතක පේ‍්‍රමයකින් පැරදුණ කෙනෙක් එයාගේ පෙම්වතියත් එයාව දාලා වෙන සම්බන්ධයක් ඇති කරගෙන. සජිත් මට එයාගෙ කතාව කිව්වා.සජිත්ට විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් ඔය අත්දැකීම විඳ තියෙනවා. ඒ කතාව ගීතයේ වචනවලටත් හොඳටම ගැළපුණා. මම කතාව නිර්මාණය කළහම සජිත් එකඟ වුණා.

ඔබ මේ වීඩියෝවට රොෂාන්වම තෝරගත්තේ වීඩියෝ එක හිට් කරගන්න නේද?

අපි වීඩියෝ එකක් කරන්නේ ඒක හිට් කරගන්න තමයි. ඒකට අපි විවිධ උපක්‍රම භාවිත කරනවා. රොෂාන්ව තෝරා ගැනීමේත් අරමුණ වීඩියෝ එක හිට් කිරීමග මොකද ඔහු ජනප්‍රිය නළුවෙක් නිසා. එහෙම නැතිව මේ ඔහුගේ කතාව නිසා නෙවෙයි.

චතුරිකා එක්ක අමනාප වුණාට රොෂාන් සහන් එක්ක හිතවත්ද?

ඒ දෙන්නගේ පෞද්ගලික ජීවිතේ ගැටලු අපේ මිත්‍රත්වයට හානියක් නෙවෙයි.

මේ වීඩියෝව චතුරිකාට රිද්දන්න ඔයයි රොෂාන්ගෙයි සැලැස්මක් කියලා කියනවා?

මොන බොරුවක්ද? අඩු තරමේ රොෂාන් අයියා සෙට් එකට එනකන් කතාව මොකක්ද කියලා දන්නෙවත් නෑ.ඉතින් මේක අපේ සැලැස්මක් වෙන්නේ කොහොමද?

සෙට් එකට ආවාට පස්සේ හරි කතාව දැනගන්නවානේ මේ කතාවට රොෂාන් කැමැති වුණාද?

රොෂාන් කියන්නේ නළුවෙක්. මේ වගේ චරිත රඟපාන එක ඔහුට ඒතරම් දෙයක් නෙවෙයි. වීඩියෝ එක රිලීස් වුණහම මේක රොෂාන්ගේ කතාවද කියලා පේ‍්‍රක්ෂකයෝ අහනකම් රොෂාන් අයියට ඒ ගැන නිකමටවත් හිතිලා නෑ.

වීඩියෝ එක බලන හැමෝටම ඕක තේරෙද්දී ඔය දෙන්නට විතරක් නොතේරෙන එකනේ පුදුමේ.?

සිද්ධියක් වුණා.ඒක එතැනින් ඉවරයි.අපි ඒක ඔළුවෙන් අයින් කරලා ඉන්නේ.ඒත් ඒ කතාව තවමත් ඔළුවේ තියාගෙන මේක දිහා බැලුවොත් සමහර විට ඒ විදියට පෙනෙයි.එක එක්කෙනා විඳින විදිය දකින විදිය වෙනස්.

චතුරිකා මේ මියුසික් වීඩියෝව දැක්කද? ඇය මොනවගේ ප්‍රතිචාරයක්ද දැක්වූවේ?

දකින්න ඇති.ඇය බුද්ධිමත් කෙනෙක්.ඇයත් රංගන ශිල්පිනියක්.එයාට වුණත් තේරෙනවා ඇති මේක නිර්මාණයක් විතරයි කියලා.



රොෂාන්ගේ වාසියට නිර්මාණය කර ඇති රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමයේ මියුසික් වීඩියෝව..

'මුළු ලෝකයෙම චෝදනා ඔයා මට විසිකළත් මට ඔයා වෙනුවෙන් ඒක දුකක් නෙවෙයි.....ඒ අතීතයට ඔයාට තවමත් මං ආදරෙයි'

සජිත් නුවන් ගයන හිත පාරලා චෝදනා විසිකළා ගීතයට සහන් අබේසේකර විසින් නිර්මාණය කරන ලද පසුබිම් රූපාවලිය නිසා ඇතිව ඇති කතාබහ මේ රටේ නළු නිළියන් ගේ ජීවිත පිළිබඳව නැවත කතාබහ කිරීමට ආරම්භයකි. 

මේ මියසික් වීඩියෝවේ නළුවකු වන සැමියා ව තවත් නළුවෙකු සමග පේ‍්‍රමයෙන් පැටලෙන රොෂාන්ගේ බිරිඳ නළුවා සමග යන්නට යයි. බිරිය හැර යන සැමියා රොෂාන් පිලපිටියමය. 

සැබෑ ජීවිතේ වගේම මියුසික් වීඩියෝවෙත් ඔහු නළුවෙක්. වීඩියෝවේ ඔහුගේ බිරිය වුණේ අංජානා. අංජානාගේ හිත හොරකම් කරන්නේ තවත් නළුවෙක්.

මෙය සැබෑ ජීවිත අත්දැකීමක් සේ හුවාදක්වන්ට උත්සාහ ගනිමින් මෙම මියුසික් වීඩියෝව නිර්මාණ කිරීමට නිර්මාණ කරුවා උත්සාහ ගෙන තිබෙනවාය යන්න ඇතිබවට වූ කසු කුසුය. 

මෙහි නිර්මාණකරුවා විසින් උපක‍්‍රමශීලී ලෙස එම ගීතයට පසුබිම් රූප සාදන්නේ තම මිතුරන්ගේ ජීවිත ඇසුරෙනි. වර්තමාන මියුසික් වීඩියෝ අද තමන්ගෙ පවුල් ප‍්‍රශ්න හුවා දක්වන තැනක් බවට පත්ව ඇත.

මේ සියල්ල ඒකාකාරී වස්තු විෂයන්ගෙන් සහ රූපාවළින්ගෙන් සමන්විතය. මේ සියල්ල ගීතය ජනප‍්‍රිය කරවාගැනීමේ මාධ්‍ය උපක‍්‍රම ලෙස බාවිතා කොට ඇති බවක් පෙනෙන්නට තිබේ. 

මේ සියල්ල තුළ පෙනෙන්නට තිබෙන්නේ නළු නිළියන්ගේ පවුල් ප‍්‍රශ්න, ගායක ගායිකාවන්ගේ පවුල් ප‍්‍රශ්න මේ වනවිට ඔවුනොවුන් විසින්ම මුදල් ඉපැයීම ජනප‍්‍රිය වීම අරඹයා ඔවුන් විසින්ම සහ අනෙකා ලවාද විකුණන බවයි. පේ‍්‍රක්‍ෂයා හෝ රසිකයා මේ උපක‍්‍රමයට නිතැතින්ම අසුවේ.

'අන්න රොෂාන් ගෙයි අහවලාගෙයි ගැටුම විෂුවලයිස් කරලා .... රොෂාන්මයි එයාගෙ රෝල් එක ඒකෙ කරන්නෙ'. පේ‍්‍රක්‍ෂකයෝ මේ කුමක්දැයි බලන්න පෙළඹෙයි. එහි ඇත්තේ කුමක්ද ?

නළු නිළියන්ගේ ජීවිතවල මතුපිට කාරණාවළින් ඔවුන්ගේ මනුෂ්‍ය ජීවිත දෙස බලන්නට පෙළඹවිම සහ පොළඹවා ලීම මුදල් වෙනුවෙන් ජනප‍්‍රියත්වය වෙනුවෙන් මේවා උගසට තැබීම කොතරම් මානූෂීයදැයි විමසා බැලිය යුතු.

සංගීත වීඩියෝවක් තුළින් ග‍්‍රහනය කරගන්නා පේ‍්‍රක්‍ෂකයන් සුළු පටු පිරිසක් නොවේ සිදුවක් කියනවා මාධ්‍ය මේ සියල්ල හුවා දක්වන්නේ මේ නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිත නැවත වමාරා ලියමින් සිටී.
 
Related Posts with Thumbnails