Ads 468x60px

.

සුදු සිංහයෙක් සමඟ එකම යහනක යහන්ගත වන කාන්තාවක් මෙන්න.

සතුන් හා මිනිසුන් අතර ඇතිවන අරුම පුදුම බැඳීම පිළිබඳව ලොව පුරා වාර්තා වන පුවත් එමටය. 

විශේෂයෙන් අනතුරුදායක සිංහයන්,කොටියන් වැනි රුදුරු විලෝපිකයන් සමඟ ඇතිවන එබඳු කුළුපඟ තාවයන් පිළිබඳව මවිත නොවී සිටිය නොහැකි තරම්ය.

‘ටිම්බා’යනු එවන් මිනිස් මිතුරියක හා අතිශය මිත්‍රශිලී සමීප දිවියක් ගත කරන කිලෝ ග්‍රෑම් එකසිය විස්සක් බරැති සුදු සිංහයෙකි.

සිරුරෙන් යෝධයෙකු වුවද වයසින් තවමත් මාස හයක් වන මෙම සුදු සිංහයා දකුණු ආසියාවේ ‍’වෝටර්බර්ග්’ප්‍රදේශයේ වෙසෙන තිස් එක් හැවිරිදි ‘ඇනෙල් ස්නමයිල්’හට නම් සුරතල් බළලෙකුට වඩා වැඩි වෙනසක් නොමැති කදිම සුරතලෙකි.


සංචාරක නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරවාරයේදී ලැබෙන විවේක කාල සීමාවන්හිදී මෙලෙස සතුන් හදාවඩා ගැනීමට ප්‍රිය කරන්නියක් වන ඇනෙල්, ටිම්බාට අමතරව මීට පෙර බළල් පැටවුන් සය දෙනෙකු, චීටා පැටවෙකු, සිංහයන් පස්දෙනෙකු, සුදු සිංහයෙකු, හා දිවියෙකුද හදා වඩා ගෙන තිබේ.

කෙසේ වුවද නිතර දෙවේලේ එකටම සිටින ටිම්බා හා ඇනෙල් දකින අසල්වාසීන් හට නම් මෙය පුදුම උපදවන සුළු දසුනක් බවට පත්ව ඇත. එසේම ඇ‍ගේ ගෙවත්ත පසු කරගෙන යන්නාවු රථවාහනද මඳකට නතර කොට අපූරු සුහඳත්වයේ ලැබැඳි මිහිරියාව විඳගන්නට අමතක නොකරයි.

දිනකට මස් රාත්තල් පහක් ගිජු ලෙස ගිලා දමන ට්ම්බා කුඩා අවධියේදී දවසින් වැඩි ‍කොටසක් ඇනෙල්ගේ සය‍නයෙහි නිදා වැටෙමින් ගත කිරීමට පුරුදු වී ඇත.

ස්වභාවයෙන්ම රුදුරු ලෙසට වර්ගීකරණය කෙරෙන මෙ‍බදු සතුන් කෙරෙහි ඇනෙල් තුළ පළමු වරට දැඩි උනන්දුවක් හටගන්නා ලද්දේ ඇගේ දෙමාපියන්ගේ ආධාරයන් ඇතිව මීට සය වසරකට පෙරදී සංචාරක නවාතැනක් ඇරඹු දින සිටය.



මේ අතර උරුලෑවන් 50 දෙනෙකු සමග එකට වාසය කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙනි. ඇය නමින් ඩෙබෝරා සිප‍්‍රියානිය.දැන් පනස් වැනි වියේ පසුවන ඇය තම ප‍්‍රථම උරුලෑවා මිලයට ගෙන තිබෙන්නේ 2000 වසරේදීය.

එදා පටන් උරුලෑවන් සමග විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට තමන් සමත් වූ බව කියන ඇය දැන් උරුලෑවන් 50 දෙනෙකුට තමන්ගේම නිවසේ ඉඩ වෙන්කර දී ඇත. මෙම උරුලෑවන් 50 දෙනා කන්නේත් බොන්නේත් නිදාගන්නේත් ඩෙබෝරා සමගය.

උරුලෑවන් යනු අපිරිසිදු පිළිකුල් සහගත සතුන් විශේෂයක්යැයි මිනිසුන් අතර පවතින මතය තුරන් කිරීමට කටයුතු කිරීම තම අරමුණ බව ඩෙබෝරා පවසයි.උරුලෑවන් සමග මෙතුවක් කල් වාසය කර තමාට අද දක්වා කිසිදු ගැහැටක් විදීමට සිදුව නැතැයි ඇය කියයි.

උරුලෑවන් වෙනුවෙන්ම වෙන්වූ ‘‘උරුලෑ තරු උළෙලක්ද‘‘ ඇය වසරක් පාසා සංවිධානය කරයි.මෙයට ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා රටවල උරුලෑවන් සුරතලූන් ලෙස ඇති කරනා පුද්ගලයින් සහභාගී වන බව ඇය පවසයි. මියයන තෙක්ම තමා උරුලෑවන් සමගම වාසය කරන බව ඇය කියයි.

 
Related Posts with Thumbnails