Ads 468x60px

.

නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා කියන්නේ ඇත්තක්ද..?

ඇත්තටම 
නිරෝෂා
එක්ක 
සම්බන්ධයක් තිබුණා...

ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ...

'සඳ කුමාරියක්' ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගායකයෙක් හැටියට දිගු කාලයක් රසික හදවත් දිනා සිටියා.

ප්‍රින්ස් තවමත් තනි කඩයෙක්. ඒත් කාලයක් ඔහුත් ජනප්‍රිය ගායිකා නිරෝෂාත් පෙම්වතුන්. ඒත් දෙන්න බඳින්නත් ගිහිල්ල නැවතුනා. පස්සේ ප්‍රින්ස්ට බූට් එක තියලා නිරෝෂා බැන්දා වෙන කෙනෙක්ව. 

ඊට පස්සේ ප්‍රින්ස්ට මොකද වුනේ, දැන් නිරෝෂාට මොකද වෙලා තියෙන්නේ ඒ පිළිබඳ මව්බිම පුවත් පත ප්‍රින්ස් සමඟ කල කතා බහක් පහතින්.

ප්‍රින්ස්ගේ මුල්ම ආදරය සිහිපත් කළොත්?


ඇල්පිටියේ නවදගල මගේ ගම. ගමේ කනිෂ්ඨ පාසල් දෙකකට පස්සේ මම ගියේ ඇලිපිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට. එහේදි දහයේ පන්තියේදී විතර ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. 


අවුරුදු දෙකක් වගේ අපි අතරේ ඒ සම්බන්ධය තිබුණා. උසස් පෙළ කරලා තරුණ සේවා සභාවට ඇවිත් අවුරුදු තුනහමාරක් මම එහේ හිටියානේ. එයත් කැම්පස් ගියා. එහෙමම ඉතින් අපේ සම්බන්දේ නැති වුණා. කොහොම වුණාද මන්දා....
 

ඇය ඉන් පස්සේ හමුවෙලා නැද්ද?

ඕනෑ තරම් හමුවෙලා තියෙනවා. අපේ ගෙදරත් ඇවිත් ගියා. දැන් එයා සංගීත ගුරුවරියක්. එයාත් තාම බැඳලා නෑ. තාමත් කියන්නේ අපි බඳිමු කියලයි. (සිනාසෙමින්) ඒත් මම කිසිම තීරණයක් අරගෙන නෑ.

තරුණ සේවා සභාවෙදි?

එහේ නීති තදයි. කා එක්කවත් සම්බන්ධකම් ඇති කරගෙන නෑ.

ගායකයෙක් වුණාම රසිකාවියෝ ළංවෙන්න ඇති?

මුලින් මම අනුන්ගේ සින්දු කිව්වේ. නිහාල් ගම්හේවා සර් සඳ කුමාරියක්, පෙම්වතුන් සිනාසේ ඇතුළුව සින්දු හතරක් හදලා දුන්නා. තව සින්දු අටක් කරලා සම්පත් ශ්‍රී ජයවික්‍රම (සෙත්සිරි) 1992 දී සඳ කුමාරියක් කැසට්පටය නිකුත් කළාම මම ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. 


දිනපතා ප්‍රසංග ලැබුණා. ඒවායේදි රසිකාවියො මං වටේ පිරුණා. ලියුම් සිය දහස් ගණන් ආවා. ඒත් කාර්යබහුල ජීවිතේ දිගටම ගත කළා මිසක් විශේෂ ආදරයක් ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.

පවුලේ අය විවාහයක් ගැන බලපෑම් කළේ නැද්ද?

තාත්තා නැති වුණේ මට අවුරුදු 16දී. එයා සංගීත ගුරුවරයෙක්. අම්මත් (ආර්.පී. ගුරුගේ) ගුරුවරියක්. නංගියි මායි පවුලේ හිටියේ. අම්මා නිතර මට බලපෑම් කළත් මම විවාහය ගැන හිතුවේ නෑ. නංගිත් කියලා තියෙනවා විවාහ වෙන්න කියලා. නංගි බැඳලා දැන් පුතෙකුත් ඉන්නවා.

හඳහනේ විවාහය ගැන මොනවාද කියලා තියෙන්නේ?

මගේ කේන්දරේට ගැළපෙන ගෑනු ළමයි හොයන්න අමාරුලු. පමා වෙලා විවාහය කෙරේවි කියලත් කිව්වා. ගුරුවරියක් - වෛද්‍යවරියක් එක්ක විවාහ වෙයි කියලත් හඳහන් බලපු අය කිව්වා.

විදේශ සංචාර රාශියකට සහභාගි වුණ ප්‍රින්ස්ට ඒ රටකදීවත් හිතට හරියන කෙනෙක් හමුවුණේ නැද්ද?

නෑනේ... කොච්චරවත් ගෑනු ළමයි හමුවුණත් යාළුවෝ වගේ ආශ්‍රය කළා විතරයි.

යුග ගීත ගායනා කරපු අය එක්ක සම්බන්ධකම් ඇති වුණේ නැද්ද?

චන්ද්‍රලේඛා, නිරෝෂා, ශෂිකා, සුභානි, දමිතා අබේරත්න එක්ක තමයි යුග ගීත ගායනා කරලා තියෙන්නේ. දමිතා එක්ක සම්බන්ධයි කියලා රාවයක් ගියා. ඒත් ඒක රාවයක් විතරයි.

නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා නේද?

ඇත්තටම නිරෝෂා එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ. ඒ නිරෝෂාගේ මුල් කාලේ. ඒ විවාහය කෙරෙයි කියලා හිතුවත් කෙරුණේ නෑ.

නිරෝෂාට ප්‍රින්ස් ආදරය කළා?

ඔව්.... ඒත් ඒ ආදරය විවාහයකින් කෙළවර වුණේ නෑනේ.

ඔබට සමකාලීනවම ක්‍ෂේත්‍රයට ආ නාමල් උඩුගම නිළියක් විවාහ කරගත්තා. අද නාමල් දරු පවුලක් එක්ක සතුටින් ඉන්නවා. හිතෙන්නේ නැද්ද නාමල් වගේ විවාහ වුණා නම් හොඳ බව?

එහෙම හිතිලා තියෙනවා. නාමල් මට වඩා අවුරුද්දක් විතර ප්‍රවීණයි. එයා විවාහ වෙලා හොඳින් ඉන්න එක ගැන මම සතුටු වෙනවා.

තනියම ඉන්න වෙලාවට මොකද කරන්නේ?

සින්දු හදනවා, වාදනය කරනවා, වෙනත් අයගේ ලස්සන ගීත අහනවා. ඕව තමයි කරන්නේ.

ලෙඩක් දුකක් වුණාම?

අම්මයි, නංගියි ඉන්නවා. නංගි විවාහ වුණත් පදිංචිය අපේ ගෙවල් ළඟමයි.

ප්‍රින්ස් මිතුරු ඇසුරට වඩාත් යොමු වුණේ විවාහ නොවීම නිසා පාළුව මකා ගන්නද?

ඒක ඉතින් තනියම ඉන්න කාටත් ස්වාභාවිකවම වෙන දෙයක්නේ. ෂෝස්වලට එහෙම යද්දි යාළුවෝ එකතු වෙනවානේ. යාළු මිත්‍රයො ආශ්‍රය කරන්න කවදත් මම කැමැතියි.

බිරියක් හිටියා නම් මත්පැන්වලින් එහෙම අෑත් වෙන්න තිබුණා නේද?

(සිනාසෙමින්) ඒකත් ඇත්ත තමයි. ඒ වුණත් මම දැන් මත්පැන් නතර කරලා තියෙන්නේ. දැන් නොබී අවුරුදු දෙකක් ඉඳලා තියෙනවා.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිගටම තනිකඩව ඉඳීවිද?

දෛවය මොන විදියට ඒක තීරණය කරයිද මම දන්නේ නෑ. විවාහ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
 
Related Posts with Thumbnails