Ads 468x60px

.

නාවල තවීෂ එංගලන්තයේදි මරා දැම්මේ තංගල්ලේදී සුද්දා මැරීමේ පළිය ගන්නද ?


ඔහු ගැන 
හඬක්‌ 
නොනගන්නේ 
ඇයි...

එංගලන්තයේ දකුණු යෝක්ෂෙයර් ප්‍රදේශ යේ ඩොමිනෝ පිට්සා අවන්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු පසුගිය ඉරිදා රාත්‍රියේ පීට්සා බෙදමින් සිටියදී මහමගදී හදිසියේ ඝාතනය වි ඇති බව අපට වාර්තා වුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නාවල කොස්‌වත්තේ පදිංචි තවීෂ ලකිඳු පීරිස්‌ යන තරුණයා 2011 බ්‍රිතාන්‍යයට පැමිණ ෂෙපීල්ඩ්හි හැලම් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ ඩොමිනෝ හළේ පීට්‌සා බෙදාහරින්නකු ලෙසද සේවය කරමින් සිටි බවයි.

පසුගිය ඉරිදා රාත්‍රියේ දකුණු යෝර්ක්‌ෂරයේ සව්ති ක්‍රෙසන්ට්‌ ප්‍රදේශයේ නිවසකින් පීසා ඇනවුමක්‌ ලැබී තිබෙනවා. තවීෂ සිය පීට්‌සා රථයෙන් රාත්‍රි 9.50 ට පමණ පිටත්වි තිබෙනවා. 


එය ඔහුගේ අවසාන පීට්‌සා බෙදාහැරීම බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් පීට්‌සා ඇනවුම් කළ නිවසින් දැනුම් දුන්නේ තමන්ට මෙතෙක්‌ පීසා ඇනවුම් ලැබී නැති බවයි.

ඉන් කලබලයට පත් පීට්‌සා හලේ සේවය කළ ඔහුගේ සගයන් වහාම පීට්‌සා ඇනවුම් කළ නිවස වෙත පැමිණි අතර ඔවුන්ට දක්‌නට ලැබුනේ

සිය රථය තුළ පිහි ඇනුම්කා සිටින තවීෂය. මෙම ඝාතනය ගැන යෝක්‌ෂයර් පොලිසිය සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔවුන්ව මුදාහරිනු ලැබුවා.

දැන් යෝක්‌ෂයර් පොලිසිය දුරකථන අංක 101 ක අමතා තොරතුරක්‌ ඇත්නම් දන්වන්නැයි ඉල්ලා ඇත. එහෙත් පීට්‌සා ඇනවුමක්‌ මගින් තවීෂව එකී නිවස වෙත ගෙන්වා ඔහුව ඝාතනයට ලක්‌කළේද? යෝක්‌ෂයර් පොලිසිය මෙතෙක්‌ පීට්‌සා ඇනවුම්කළ නිවසේ හිමිකරුවන්ගෙන් ප්‍රශ්න කර නැත.

මෙම ඝාතනය ගැන පරීක්‍ෂණ පවත්වන රහස්‌ පරීක්‍ෂක ලීසාරේ පවසන්නේ රහස්‌ පරීක්‍ෂකයන් 50 ක්‌ විමර්ශන කටයුතු වලට යොදවා ඇති බවය. මේ තවීෂ පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඔහුට කිහිපවිටක්‌ම පිහිවලින් ඇන තිබූ බව හෙළිවිය.

මියගිය තවීෂ ඉතාමත් දීප්තිමත් කාර්යශූර තරුණයෙක්‌. ඔහු කලබලයට පත්වන්නෙක්‌ නොවේ යෑයි අප කළ විමර්ශනයේදී හෙළිවුනා යෑයි රහස්‌ පරීක්‍ෂක ලීසාරේ කීවාය.

මෙම ශ්‍රී ලාංකික තරුණයාව ඝාතනය කිරීම ගැන ලන්ඩනයේ කොටි වෙබ් අඩවිය පුවතක්‌ පළකරමින් පැවසුවේ පීට්‌සා බෙදාහැරි ශ්‍රී ලාංකිකයාට පිහියෙන් ඇන මරාදමා ඇති බවයි.

මේ පසුබිම මැද ෂෙපිල්ඩ්හි ශ්‍රී ලාංකිකයන් සැකකරන්නේ තංගල්ලේදී කුරාම් ෂෙයික්‌ නැමැති රතුකුරුස සේවකයා ඝාතනයට පළිගැනීමක්‌ ලෙස මෙය සිදුවූ බවට සැක මතුවී ඇති බවයි.

කුරාම් ෂෙයික්‌ ඝාතනයට බ්‍රිතාන්‍ය මාධ්‍ය විශාල ප්‍රචාරයනක්‌ දී තිබූ අතර චාල්ස්‌ කුමරු හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඒ ගැන ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් ප්‍රශ්න කරන බවද දන්වා තිබිණි.

මෙම ඝාතනය ගැන කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය හෝ බ්‍රිතාන්‍ය රජය හෝ කිසිදු මන්ත්‍රීවරයකු මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය ගැන බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩිලෙස සැකකරන්නේ පීට්‌සා ඇනවුමක්‌ මගින් ඔහුව මරාදැමීමේ කොන්ත්‍රාත්තුවක්‌ ක්‍රියාත්මක වූ බවයි. මේ අමානුෂික මිනිස්‌ ඝාතනය ගැන බ්‍රිතාන්‍ය රජය නිහඬව සිටින්නේ මන්ද?

මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ අභිලාශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණි තවීෂ කුරිරු ලෙස ඝාතනය වීම ගැන ස්‌කොට්‌ලන්ඩ්යාඩ් රහස්‌ පොලිසියට පරීක්‍ෂණ බාරදී නැත. එහෙත් විමර්ශන පවත්වන්නේ දකුණු යෝක්‌ෂයර් ප්‍රාදේශීය පොලිසියයි.

කවීෂගේ ඝාතනය ගැන ශ්‍රී ලංකා රජය ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රෙඩිට්‌කාඩ් වලින් මුදල් ලබාගෙන පැනගිය කොටියකුට අදාළ නඩු විභාගයට ලන්ඩනයේ අපේ තානාපති නිලධාරීන් නොපැමිණි බව හෙළිවිය.

එසේ නම් අපේ තානාපති නිලධාරීහු ෂෙපිල්ඩ් ගොස්‌ තවීෂට සිදුවූ දේ ගැන විමර්ශනයක්‌ කරනු ඇතැයි කිවහැකිද?

ෂෙපිල්ඩ් හි ලාංකිකයන් පවසන්නේ ඉතා කාර්යශූර තවීෂට සිදුවූ අකල් මරණය තමන්ට අදහාගත නොහැකි බවයි. පසුගිය සතියේ තවීෂ ෂෙපිල්ඩ් සමාගමක මෘදුකාංග ඉංජිනේරු පත්වීමකට කළ අයදුම්පත පිළිගැනුණි.


තම නව රැකියාව භාර ගැනීමට පෙර ඔහු සිය රැකියාවට අයත් අවසාන පීසා පෙට්‌ටිය එම නිවස වෙත ගෙන ගියේය. එහෙත් නිවාස හිමියා පිටත විමර්ශනය කළේ නැත. තවීෂ පැදවූ ටොයෝටා යාරිස්‌ වාහනය නතර කර තිබුණේ නිවස සමීපයේයි.

ඩොමිනෝ පීසා හළේ සේවකයන් එම නිවස අසලට පැමිණෙන විට තවීෂ ඝාතනය වී හමාරය. මානව හිමිකම් ගැන හඬනගන අගමැති ඩේවිඩ් කැමරන්, කුරාම් ෂෙයික්‌ ඝාතනය ගැන ශ්‍රී ලංකාවට චෝදනා කරයි. එහෙත් තවීෂ ලකිඳු පීරිස්‌ අමානුෂික ලෙස ඝාතනය කිරීම ගැන ඔහු හඬක්‌ නොනගන්නේ මන්ද?




එහි තවත් විස්තර පහතින්

කොළඹ පදිංචි කරුවෙකු වූ තවීෂ ලංකාවෙන් එංගලන්තයට ගොස් ඇත්තේ මින් වසර දෙකහමාරකට පමණ පෙරයි. ඔහු පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් හැදැරීමට ෆෙෆිල්ඩ්හි හලාම් සරසවියට ඇතුළත්ව එම පාඨමාලාව නිම කරන ලද අතර අනතුරුව එහි සිට රැකියාවක් සොයමින් සිට තිබෙනවා. වසර එකහමාරක පමණ කාලයක සිට ඩොමිනෝ පිට්සා අවන්හළේ ඔහු සේවය කර ඇත්තේ අමතර රැකියාවක් වශයෙනි.

විසිපස් හැවිරිදි තරුණයෙකු වන තවීෂගේ හදිසි මරණය ඔහු නැවතී සිටි නවාතැන්පොලේ සිටි අයටත් ප්‍රශ්නයක්ව ඇති අතර ඔවුන් පවසන්නේ ඉතාමත්ම නිහඩව කිසිවෙකුට කරදරයක් නැතිව වාසය කළ ඔහුට මෙවැනි කරදරයක් සිදුව තිබීම පුදුමයක් බවයි.


ඝාතනය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තත් එම පරීක්ෂණ ගැන තවම වාර්තා නොවන අතර ඝාතනයට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.
 
Related Posts with Thumbnails