Ads 468x60px

.

සිසුවකුට කන පැලෙන්න ගැසූ සෞඛ්‍ය ගුරුවරිය විනාඩි 15ක් සිසුවියන්ට වැඳගෙන ඉන්නත් කියලා.


මම ආයේ 
කවදාවත් 
පාසල් 
යන්නේ 
නෑ...
- පහර කෑ සිසුවා කියයි

හතර වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරියක විසින් කම්මුල් දෙකට පහරදීම නිසා ඔහු ප්‍රති කාර සඳහා පො‍ළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට තිබෙන පුවතක් පොළොන්නරුවේ - කදුරුවෙළ මහා විදුහලෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ එම විදුහලේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන අවුරුදු දොළහක් පමණ වයසැති එච්. සසිදු ගයාෂාන් නමැති සිසුවා බවයි.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

පන්තියේ අනිත් ළමයි රටහුණු කැබලි වලින් ගැහැණු ළමයින්ට විහිළුවට ගසමින් සිටින විට පහරකෑ බව කියන ගැහැනු ළමුන් දෙදෙනා බුදුගෙය ඉදිරි පිටට කැඳවා ගෙනවිත්, මට ඒ දෙදෙනාට වඳින්න කීවා.විනාඩි 15ක්
විතර ඒ විදියට වැඳගෙන සිටියා.

ඉන්පසු මට ක්ලාන්තය වගේ දැනුනා. ගෙදර ඇවිත් මම අම්මාට මේ බව කීවා. ඉන්පසු මම පොළොන්නරුව මහ රෝහලේ නැවත්වූවා. මම ඇදුම රෝගයෙන් පෙලෙන නිසා දොස්තර මහත්වරු දවස් තුනක්ම ප්‍රතිකාර ලබා දුන්නා.

සසිදු ගයාෂාන් රෝහල් පොලිසියට ප්‍රකාශ කොට තිබෙන්නේ පන්තියේ පිරිමි ළමුන් රටහුණු කැබලි වලින් ගැහැණු ළමයින්ට විහිළුවට ගසමින් සිටින විට එක් ගැහැණු ළමයෙකු විදුහල්පතිතුමාට පැමිණිලි කිරීමෙන් පසු තමන් නොකළ වරදකට දඬුවම් කළ බවයි.

මෙම සිද්ධියෙන් පසු විදුහල්පතිතුමා පැමිණ තමාට වේවැල් පහර හතරක් දුන් බවත්, ඉන්පසු සෞඛ්‍ය උගන්වන ටීචර් පන්තියට ඇවිත් කම්මුල් දෙකට පහර දුන් බවත්, නමුත් මේ ගැහැණු ළමුන්ට හුණු කැබලිවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොවූ බවද සිසුවා සඳහන් කරනවා.

 
මම මේ ගැහැණු ළමයින්ට හුණු කෑලිවලින් ගැහුවේ නැහැ. පන්තියේ අනිත් ළමයි තමයි ගැහුවේ. විදුහල්පතිතුමායි, සෞඛ්‍ය ටීචර් කිසිම සොයා බැලීමක් නැතිව මට පහරදුන්නා. මම ගැහුනු ළමයි දෙන්නාට වැඳගෙන සිටීමත්,ඇතිවී තිබෙන ලජ්ජාවත් නිසා මේ පාසලට මටදැන් යන්න බැහැ
 
Related Posts with Thumbnails