Ads 468x60px

.

ඇඟ විකිණීමෙන් ලබාගන්න ජනප්‍රියත්වයේ කිසිම වටිනාකමක්‌ නෑ - නෙතුගේ විදිහ මෙන්න...


සමහරු මගේ 
දුරකථනයට 
කතා කරලා

එක එක යෝජනා 
කරනවා.

ඒත් ඒ වෙලාවට 
මම කේන්ති 
ගන්නේ නෑ

මේ දිනවල විකාශය වන දම්සාරී ටෙලි නාට්‍යයේ නිම්සාරී ලෙස රඟපාන නෙතු ප්‍රියංගිකා මිරිඟු දිය ටෙලි නාට්‍යයේද මේ දිනවල දකින්න ලැබෙනවා. ඉතින් hotandfastnews අපි හිතුවා ඇයත් එක්ක කතා කරලා විස්තර පොඩ්ඩක් හොයලා බලන්න. මේ ඇය අපත් සමඟ කියූ දේවල්.

නිළියක්‌ විදිහට නිර්මාණයට අදාළ දේ කරනවා මිසක්‌ වෙනත් දේවල් කරන්න මම ලෑස්‌ති නැහැ. එහෙම දේවල් වලට කතා කළොත් මම ඒ අය සමඟ වැඩ කරන්නෙත් නැහැ. 

මෙහිදී ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයේ වත්මන් තත්ත්වය ගැන සඳහන් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මට ෆීල්ඩ් එකේ නම් කවදාවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා නැහැ. මොකද මම දන්නවා ඉන්න ඕන විදිහ. ගොනා හැරෙන්නේ පොල්පැළේ කන්නද වෙන දෙයකටද කියලත් මට
තේරෙනවා. 

සමහරු ඉන්නවා ප්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලපෑම් වලට අපව යටත් කරගන්න හදන අය. මම නම් හිතන්නේ දක්‌ෂතාවයෙන් මිසක්‌ ඇඟ විකිණීමෙන් ලබාගන්න ජනප්‍රියත්වයේ කිසිම වටිනාකමක්‌ නැති බවයි.

ගොඩක්‌ වෙලාවට මගේ දුර
ථනයටත් කතා කරලා එක එක යෝජනා කරන අය ඉන්නවා. සමහර ප්‍රේක්‌ෂකයෝත් කතා කරලා නොයෙක්‌ දේවල් අහනවා. ඒත් ඒ හැම වෙලාවෙම කේන්ති අරගෙන කතා කරන්නත් බැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට කරන්නේ හිමින් සැරේ ෂේප් වෙන එක තමයි.

පසුගිය කාලේ මටත් ආදර සම්බන්ධයක්‌ තිබුණත් දැන් ඒක නැතිවෙලා මාස තුන හතරක්‌ වෙනවා. ඒ නිසා දැන් මම ආයේ තනිකඩයි. ගෙදරින් හොයලා බලල යෝජනාවක්‌ ගෙනාවොත් කැමැති වෙනවා. එතකන් ඉතින් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.
 
Related Posts with Thumbnails