Ads 468x60px

.

බ්ලූ ෆිල්ම් වැඩි වැඩියෙන් බැලීම නිසා මෝල් කලන්තය ඉහළ යන්නෙ මෙහෙමයි...


අවසන් විසඳුම 
මරණයමය

ශ්‍රී ලංකාව, අපරාධ කෙරෙහි කොතරම් නැඹුරුවක්‌ තිබෙන රටක්‌ද යන්න ඊයේ (02 දා) "දිවයින" කියවන විට පෙනී යයි.

මාමණ්‌ඩිය කපා කොටා මරා ඔහුගේ දියණිය වූ සිය බිරිඳ ඇදගෙන කැලෑවට පලා ගිය හැටිත්, දැරියක රවටාගෙන ගොස්‌ පවුල් කෑ තරුණයකු ගැනත්, මරදානේ ගණිකා මඩමකින් අත්අඩංගුවට පත්වූ තරුණියන් හය දෙනෙකු ගැනත්, එක්‌දරු පියකුට මහමගදී වෙඩි තැබූ අයුරුත්, තවත් එක්‌දරු පියකු මැරූ ඥති පුත්‍රයකු ගැනත්, තවත් අපරාධ කිහිපයක්‌ ගැනත් "දිවයින" වාර්තා කර තිබේ. 

1977 න් පසු ශ්‍රී ලංකාව ඉතා වේගවත් ලෙස සාපරාධී රාජ්‍යයක්‌ බවට පත්විය. විනාඩියට හැට ගණනේ නොව තප්පරයට හැට ගණනේ අපරාධ වර්ධනය වීමට පටන් ගත්තේය. 

ගෝලීය සංස්‌කෘතිය වෙත ශ්‍රී ලංකාව ඇදී යැම, ඇති හැකි පරතරය ඉහළ යැම, ආයුධ සංස්‌කෘතියක්‌ ඇතිවීම, ත්‍රස්‌තවාදය, ත්‍රස්‌තවාදය හේතුවෙන් මිනිසුන් අතට ඉතා පහසුවෙන් ආයුධ ලැබීම, සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව නිසා බ්ලූ ෆිල්ම් වැඩි වැඩියෙන් බැලීමෙන් ජනයා තුළ තිබූ මෝල් කලන්ත තත්ත්වය ඉහළ යැම, 

මේ මෝල් කලන්ත තත්ත්වය නැතිකර ගැනීම සඳහා ස්‌ත්‍රී දූෂණ කිරීමට ජනයා පෙළඹීම, ජනගහන වර්ධනය පමණක්‌ නොව ගෝලීය කාලගුණික වෙනස්‌කම් යනාදිය පවා මේ තත්ත්වයට බලපෑවේය. තුවක්‌කුව සුළු භාණ්‌ඩයක්‌ බවට පත්විය. 

සමහර මිනිස්‌සු විනෝදයටද ගුටි කෙළගත්හ. බුලත් කොළයට පමණක්‌ නොව බුලත් නැට්‌ටටද මිනී මැරූහ. කසිප්පු පළවල්වලදී හුවමාරු වූ ඉතා කෙටි නොපනත් වදනක්‌ වෙනුවෙන් හත් අටදෙනාට එක පිට එක වෙඩි තබා මරණ ලදී. 

කලාපීය පාතාල කල්ලි විසින් සිය විරුද්ධවාදීන් ඝාතනය කෙරුණේ පාරවල් දිගේ කළ සංග්‍රාමවලින් පසුය. මුළු ලෝකයම යුද පිටියක්‌ බවට පත්වූ අතර ලංකාව එම යුද්ධ භූමිය පුරා ලේ ගංගා ගලා යැමට සැළැස්‌වූ යුද පෙරමුණක්‌ විය.

මිනිසුන් ප්‍රචණ්‌ඩත්වයට ඇලෙන්නේ ඇයි? එයින් මෙහා විසඳුමකට ඔවුන් නොයන්නේ ඇයි? එල්ලුම් ගස නැති නිසාද? එහෙමත් නැත්නම් මරණය අවසන් විසඳුම වන නිසාද? 

රහස කුමක්‌ වේවා මිනී මරා ප්‍රශ්න විසඳීමට මිනිසුන් කැමැති බව පෙනෙයි. කෙනෙක්‌ තවත් කෙනෙකු මැරීමට පිටත්ව යන්නේ "බය වෙන්නෙ මොකටද? මිනී මැරුවා කියලා එල්ලුම් ගස්‌ යන්නේ නැහැනේ..." යනුවෙන් කියමිනි. 

ආණ්‌ඩුව එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් අප මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක්‌ ලෙස හංවඩු ගසා අපට ණය ආධාර නොදෙන ලෙස ලෝක බැංකුවට බල කිරීමට දියුණු රටවල් කටයුතු කරනවා ඇත.

මෙහි ඇති ඉතාම හාස්‍යජනක තත්ත්වය මෙයයි. ඇමරිකාව යනු මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. එහෙත් අප මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට ඔවුන් විරුද්ධය.

මෙකල සිටින මනුෂ්‍යයා ජීවත් වන්නේ සුවිශාල මානසික ආතතියක්‌ තුළය. මේ ආතතිය කොතරම් දරුණුද යත් අනෙකා මැරීමට පමණක්‌ නොව තෙමේම දිවි නසා ගැනීමට මිනිසා සූදානම්ය. අම්මා සමග දබර කර ගන්නා දුව වස බොයි. 

පෙම්වතිය සමග දබර කර ගන්නා පෙම්වතා බිල්ඩිමකින් බිමට පනී. සැමියා සමග දබර කරගන්නා බිරිය ඇසිඩ් බොයි. අවසන් විසඳුම මරණයමය. අම්මා සිය දරුවන් සමග ගංගාවලට පැනපු අවස්‌ථා ඕනෑ තරම් තිබේ.

පාලනය නොකරන ලද ජනගහනය සෑම වසර විස්‌සකට වරක්‌ම දෙගුණ වන බව මෙයට වසර දෙසීයකට පමණ පෙර එංගලන්තයේ විසූ දේවගැතිවරයකු සහ අර්ථ ශාස්‌ත්‍රඥයකු වූ තෝමස්‌ මැල්තස්‌ පැවැසීය. එසේ දෙගුණ වන ජනගහනයක්‌ අපට නැත. 

එහෙත් ප්‍රචණ්‌ඩත්වය නිසා ඉතා දරුණු දුක්‌විඳ මැරෙන ජනගහනයක්‌ අපට ඇත. සුද්දා දුන් උසාවිය අපි ප්‍රයෝජනයට ගනිමු. එහෙත් සුද්දාගේ එල්ලුම්ගස අප ප්‍රයෝජනයට ගන්නේ නැත. මේ සාපරාධී සංස්‌කෘතිය නිම නොවන්නේ නම් අප සියලු දෙනාට සිදුවන්නේ ගෙල වැලලා ගන්නටය.

-දිවයින-
 
Related Posts with Thumbnails