Ads 468x60px

.

ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ ඇමරිකානු තහංචි.

දිවයින පුවත් පතේ කතුවැකියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවය ගැන මෙසේ කියයි. 

"ආණ්‌ඩුව එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් අප මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක්‌ ලෙස හංවඩු ගසා අපට ණය ආධාර නොදෙන ලෙස ලෝක බැංකුවට බල කිරීමට දියුණු රටවල් කටයුතු කරනවා ඇත. 

මෙහි ඇති ඉතාම හාස්‍යජනක තත්ත්වය මෙයයි ඇමරිකාව යනු මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. එහෙත් අප මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට ඔවුන් විරුද්ධය." (අපරාධ ලෝලිත්වය - දිවයින කතුවැකිය)

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන බාහිර ලෝකයට හොඳ දැනුමක් තිබේ. නාලන්ද​ එල්ලාවල මරපු එවුන් ගෙදර ගියේය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ඳ්‍ර  මරපු එවුන්ද ගෙදර යන්නේය​.


මිනීමරුවන් ස්ත්‍රී දූශකයන් නීතියෙන් ගැලවී යන ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කලහොත් එල්ලන්නේ අහක සිටින අසරණයෙකි. මේ නිසා ඇමරිකාව විසින් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි වීම ගැන ලංකාවේ සිටින හතරවන පන්තියේ පුරවැසියන් ඇමරිකාව ස්තූතිවන්ත විය යුතුය​.  

බලාගෙන යන විට දේශපාලන බලයක් නැති රෙජීමයේ හිතවතෙකු/ ඤාතියෙකුද නොවන​,  ඇමතිවරයෙකුගේ දැන ඇඳුනුම්කමක්ද නොමැති , ප්‍රාදේශිය සභාවකට පත් වී සිටින හරක් හොරෙකුගේ, කට්ටඩියෙකුගේ හිතවත් කමක්වත් නැති, අවම වශයෙන් දේශපාලකයෙකුගේ   සම්බන්ධීකරණ ලේකම් වරයෙකුටවත් දුර නෑකමක් නොමැති ලංකාවේ සිටින හතරවන පන්තියේ පුරවැසියන්ගේ ප්‍රාණ මෙතෙක් හෝ බේරී තිබෙන්නේ අප දේශප්‍රේමී ජනතාවගේ පරම හතුරන් වන බැන් කී මූන්, නවී පිල්ලේ, එක්සත් ජාතීන් වැනි බටහිර අධිරාජ්‍යවාදීන්ට පින් සිදු වන්නටය​.

පසුගිය 03 වෙනිදා බෝගම්බර සිරගෙදර වහළ මත සිරකරුවන් උද්ඝෝෂණයක නිරත වූහ​. ඔවුන් පවසන්නේ එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ ඉල්ලීමක් අනුව මරණ දඬුවම් නියම වී සිටි පුද්ගලයන් පස් දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ජීවිතාන්තය දක්වා මරණ දඬුවම් ලබා දී දඬුවම ලිහිල් කළ ආකාරයට තමාටත් මරණ දඬුවම ලිහිල් කරන ලෙසයි.  


මේ අනුව ඇමති නිර්දේශයෙන් මිනීමරුවාට නිදහස් වී ගෙදර ගොස් යලි ඇමතිගේ ඉලෙක්ශන් වැඩ වලට පොඩි සපෝට් එකක් දී යලී ගේම් වලට එන්ටර් විය හැක​. 

එසේම මෙවැනි දේශපාලන සබඳතා නොමැති අසරණයෙක් දෙකෙක් ඉඳහිට එල්ලා ලංකාවේද ඇමරිකාවේ මෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවද ඇමරිකාවේ තහංචි කෙයාර් නොකරන බවටද පෙන්විය හැක​.
 

අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය සඳහා

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails