Ads 468x60px

.

ඔබේ දරුවාත් කුරුණෑගලට පන්ති එවනවාද...? එහෙනම් පරිස්සමෙන්

පිරිසක් ළමුන් 
ලැගුම් හල් 
වලට  
යවනවා

උපකාරක පන්ති සඳහා කුරුණෑගල නගරයට ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන ළමුන් අපචාර වලට යොදා ගැනීම සඳහා නගරය අවට සංවිධානාත්මක පිරිසක් ගැවසෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ළමුන් ඇතුගල හා වැව රවුම ආශ්‍රිත ප්‍රදේශවල අශෝභන ලෙස හැසිරෙන බවත් ඇතැම් ළමුන් ලැගුම්හල් වලට
යන බවත් තම දරුවන් ගැන මවුපියන් නිරන්තරයෙන්ම සොයා බැලිය යුතු බවත් වරුණ සමරදිවාකර මහතා පවසනවා.

පළාත තුළ ළමා නිවාස 42ක් තිබෙන අතර මේවා තුළ විවිධ අපයෝජන වලට ලක්වන බැවින් මේ ළමයින් පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බැලිය යුතු බවත් තව තවදුරටත් ඒ මහතා පවසනවා.


කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුණ සමරදිවාකර මහතා කුරුණෑගල රතුකුරුස සංගම් ශාල‍ාවේ පැවැති දිස්ත්‍රික් ළමාරක්ෂක කමිටුවේදී එම තොරතුරු හෙළිවී ඇතැයි පැවසුවා.
 
Related Posts with Thumbnails