Ads 468x60px

.

"මිස් කෝල් " කළේ යැයි මේජර් සිවිල් ආරක්ෂක භටයාට පහර දෙයි

ජංගම දුරකතනයකින් මග හැරුණු ඇමතුමක් දුන් සිද්ධියකට සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිගුරක්ගොඩ සිවිල් ආරක්ෂක බලකා මුලස්ථාන යේ අණදෙන නිලධාරි යුධ හමුදා මේජර් එච්.ඒ වසන්ත කුමාර සැකපිට අත් අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. මෙසේ අත් අඩංගුවටගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සිවිල් ආරක්ෂක භටයාගේ ජංගමදුරකථනයෙන් "මිස් කෝල් "කළේ යැයි කියන සිද්ධියකට සැකකාර මේජර්වරයා සිවිල් ආරක්ෂක භටයාට පහර දී ඇති අතර පහරකෑමට ලක් වු සිවිල් ආරක්ෂක භටයා (24දින)

හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් වී ඇත. 

දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී පියාගේ ජංගම දුරකතනය හසු වී එය සමග සෙල්ලම් කරමින් සිටි දී මෙම අත්වැරදීම සිදු වීඇතැයි පරික්ෂණ පවත්වන පොලිසිය වැඩි දුරටත් පවසයි.

- ප්‍රියන්ත බණ්ඩාර
 
Related Posts with Thumbnails