Ads 468x60px

.

යානයට මොකද වුණේ? ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උපදේශක කපිතාන් එල්මෝ ජයවර්ධන කියයි

අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය කිසිසේත්ම පැහැර ගැනීමකට ලක්‌වීමට (හයිජැක්‌ කිරීමකට) ඉඩක්‌ නැති බව ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා පවසයි.

තම ජීවිතයෙන් සෑහෙන කාලයක්‌ ගුවන් යානා තුළත් ආකාසයේත් කාලය ගත කර ඇති මේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන්වරයා විශ්‍රාම යැමෙන් පසුව සිංගප්පූරු ආයතනයකට සම්බන් ධවී ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කාර්යභාරයක දැන් යෙදී සිටීති.

මැලේසියානු ගුවන්යානය පිළිබඳ කපිතාන් ජයවර්ධන මෙසේ කියයි.

"අපි දැනට දන්නේ මේ ගුවන් යානය අතුරුදන්වී ඇති බව පමණයි. වරින්වර නොයෙක්‌ අදහස්‌ විවිධ රටවල්වලින් පළවූවත් ඒ එකක්‌වත් ස්‌ථිර එකක්‌ නෙවි.

"ගුවන් නියමුවකු මොන දේකට බිය නැතිවුණත් තමන් පදවන යානයේ "ගින්නක්‌ ඇති වූවොත්" යන්න ගැන නිතරම විමසිල්ලෙන් සිටින්නට ඕන. ඉලෙක්‌ටි්‍රක්‌ සර්කිට්‌වලින් මෙම ගිනි ඇති වෙන්න පුළුවන්."

"මේ ගුවන් යානයත් රේඩාර් එකෙන් නොපෙනී ගියාට පසුව තවත් පැය 4 ක්‌ 5 ක්‌ ගමන් කළ බව කියනවා. එක්‌වරක්‌ යානය ආපසු හැරුණු

බවත් කියනවා. නමුත් යානය රේඩාර් එකෙන් නොපෙණුනාට පස්‌සේ ගියේ කොහේටද කියන එක පැහැදිලි නැහැ."

"ගුවන් යානයට නගින විට මගීන්ට නිතරම කියනවා තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර තබන්න කියලා. මේ යානයෙත් දෙසිය තිස්‌ ගණනක්‌ ගමන් කර තිබෙනවා. දැන් හැමෝම ළඟ ජංගම දුරකථන තිබෙන නිසා අපිට හිතන්න පුළුවන් මේ මගීන්ගෙන් අඩුම තරමේ දෙසීයක්‌ ළඟවත් ජංගම දුරකථන තිබුණා කියා. 


ඒවා ක්‍රියාවිරහිත කර තිබ්බත් ඕනෑ වෙලාවකට "ඕන්" කරගන්න පුළුවන්. මේ යානයට මගීන් දැනුවත්ව යම්කිසි ඇබැද්දියක්‌ සිදුවුණා නම් මේ මගීන් ඒ බව තමන්ගේ ජංගම දුරකථනවලින් ලෝකයේ සිටින තම නෑදැ හිතුමිතුරන්ට අනිවාර්යයෙන්ම දන්වනවා. 

නමුත් මෙහි මගීන් එවූ කිසිම එස්‌එම්එස්‌ පණිවිඩයක්‌ ලෝකයේ කාටවත්ම ලැබිලා නැහැ. ඒ බව ස්‌ථිර වශයෙන්ම අපිට හිතාගන්න පුළුවන්.

"ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරය (ඉංග්‍රීසියෙන් කියන්නේ නයින් ඉලෙවන්" කියලා) ඔබට මතක ඇති. එදින මම හොංකොං සිට සැන් ප්‍රැන්සිස්‌කෝ දක්‌වා ගුවන් යානයක්‌ පදවමින් එහි පයිලට්‌ ලෙස කටයුතු කරමින් සිටියා. 


ඇමෙරිකාවේ 9/11 ත්‍රස්‌ත ප්‍රහාරය සිදුවූ විගස ඇමෙරිකාවේ සියලුම ගුවන් තොටුපළවල් වසා දැම්මා. නමුත් මේ බව එදා මම දැනගන්නට ඉස්‌සෙල්ලා මගේ යානයේ සිටි මගීන් දැනගෙන සිටියා. ඒ ඔවුන්ට ලැබුණු "එස්‌එම්එස්‌" මගින්.

"ගුවන් යානයේ ගින්නක්‌ සිදුවුණා නම් (ටොක්‌සික්‌ ටියුන්ස්‌) මගින් දුමක්‌ එනවා. එවිට යානයේ එන්ජින් එකක්‌ කැරකෙනවා. එහෙම වුණත් යානය ඉදිරියටම ඇදී ගිහින් කඩා වැටෙනවා.

"ගුවන් යානයේ 'නහය' ඉස්‌සුණා නම් යානය ඔටෝ පයිලට්‌ ඉහළට යනවා. අඩි 35,000, අඩි 36,000 සිට අඩි 45,000 පමණ දක්‌වා යනවා. ඊට පසු ආපසු 'නහය' බිමට හැරී කෙළින්ම බිමට එනවා. මේ යානයේ එහෙම දෙයක්‌ද සිදුවී ඇති බව වාර්තා වන්නේ නැහැ.

"අපි හිතමු අපි කොළඹ සිට ලන්ඩන් බලා යනවා කියලා. එහෙම යනවිට පයිලට්‌ හැමවිටම කල්පනා කරන්නේ හදිසියක්‌ වුණොත් මම මේ යානය කොයි ගුවන් තොටුපළටද පහත් කරන්නේ කියලා."

නමුත් මේ කිසිම දෙයක්‌ මේ ගුවන් යානයෙන් අපිට දැන ගන්නට ලැබී නැති නිසා මේ ගුවන් යානය පිළිස්‌සී මහා සාගරයට කඩා වැටෙන්නට ඇතැයි කියා අපට සිතන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා අවසන් වශයෙන් පැවැසීය.
 
Related Posts with Thumbnails