Ads 468x60px

.

අතුරුදන් වූ ගුවන් යානය අභිරහසක්ම වෙන්න පුලුවන්

මාර්තු මස 08 දා සිට අතුරුදන්ව පවතින මැලේසියන් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන්යානය සෙවීම සඳහා සිදු කරන මෙහෙයුම් වලට බ්‍රිතාන්‍යයේ එච්.එම්.එස්. ටයර්ලාස් සබ්මැරීනයද එක්ව ඇති බව පැවසේ.

බදාදා (02) වන විට එය යානයේ කළු පෙට්ටිය සොයා ඉන්දියන් සාගරයේ සිදු කෙරෙන මෙහෙයුම් සදහා එක්ව සිටි අතර පසුව රාජකීය නාවික හමුදාවට අයත් ‘එ‍කෝ’ නැමැති නෞකාවද ඊට එක් විය. 

න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන මෙම සබ්මැරීනය එකසිය හතළිස් අට දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකින්ද සමන්විතය. සිදු කරනු ලැබූ මෙහෙයුම්වලදී සුන්බුන් කීපයක්ම සොයා ගැනීමට ලැබුණද ඒ කිසිවක්
හෝ MH 370 යානයට අයත් වූ ඒවා නොවන බව තහවුරු වී තිබේ.

මේ අතර සෙවීම් මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි මැ‍ලේසියානු අගමැතිවරයා අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටින ලද්දේ යානයේ අතුරුදන්වීමට හේතු කිසිදා සොයා ගැනීමට නොලැබීමට බෙහෙවින් ඉඩ කඩ ඇති බවයි.
 
Related Posts with Thumbnails