Ads 468x60px

.

මලයාසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයන අධි තාක්ෂණික ඩේ‍රා්න සබ්මැරීනය

මහා සාගරය සෝදිසි කිරීමට මේ මොහොත වන විට නිපදවා ඇති ලොව ඇති දියුණුතම උපකරණය මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී දැක ගත හැක. 

එසේ වීමට හේතුව අතුරුදන් වූ මැ‍ලේසියානු ගුවන් යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කේන්ද්‍රකර සිදුකිරීමයි.

මෙකී සෝදිසි මෙහෙයුම් සඳහා භාවිතා කරනා ගුවන් යානා, යුද නැව්. චන්ද්‍රිකා ආදී සියල්ල දැනට ලොව තිබෙනා දියුණුම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති ඒවා වන අතර, ඇමෙරිකාව සෝදිසි මෙහෙයුමට එක්කර ඇති 8ඒ ගුවන් යානා ඒ අතරින් සුවිශේෂ තැනක් ගනී. 

එහෙත් 8ඒ යානාවලට යොමුව තිබූ අවධානය මේ වන විට මුළුමනින්ම යොමුව ඇත්තේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සෝදිසි කටයුතු සඳහා මීට දින කිහිපයකට පෙර එක්කරන ලද ඩේ‍රා්න සබ්මැරීනය වෙතයි.

ඇමෙරිකානු නාවික හමුදාව සතු මෙම ඩේ‍රා්න සබ්මැරීනය ඕස්ට්‍රේලියාවටද නොදුරෙන් දකුණු ඉන්දීය සාගරයට මුදාහැර ඇත්තේ ඕස්ට්‍රේලියාව සතු නාවික යාත්‍රාවකිනි. සාමාන්‍ය භාවිතයේදී ඩේ‍රා්න යානා ලෙස අප හඳුන්වන්නේ නියමුවන් රහිත ගුවන් යානාය. මෙම

සබ්මැරීනයද මිනිසුන්ගෙන් තොර බැවින් ඩේ‍රා්න යනුවෙන් හඳුන්වනු ලබයි.

ඕස්ට්‍රේලියාවට නොදුරු මුහුදේ මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමට දියත් කරන ලද මෙකී සබ්මැරීනය නිපදවා ඇත්තේ ඇමෙරිකානු සමාගම විසිනි. මෙම සබ්මැරීනය අඩි 16ක් දිගින් යුතු බවත් වාර්තා වෙයි. බර රාත්තල් 1650කි. 


එම සබ්මැරීනයට අඩි 14763ක් තරම් ගැඹුරට කිමිදිය හැකිය. ඉන්ධන භාවිතයෙන් තොර මෙම සබ්මැරීනය බල ගන්වනුයේ ලිතියම් ‍පොලිඩර් බැටරි 9කින් යුත් කට්ටලයකිනි. 

මෙකී බැටරි කට්ටලයේ සාමාන්‍ය ආයු කාලය පැය 25ක් වන අතර මෙහි ඇති අධි තාක්ෂණික උපකරණ මගින් යානය කිමිදෙන පෙදෙසේ ඉදිරිපස, පසුපස මෙන්ම දෙපසද නිරීක්ෂණය කළ හැකිය. ඊට අමතරව යානයේ පතුල් ප්‍රදේශය මගින්ද විශාල නිරීක්ෂණ සිදු කළ හැකිය. 

දැනට මෙම සබ්මැරීනය එකී මව් නෞකාවට පසුපසින් අඩි 1000ක ගැඹුරු සාගරයේ ක්‍රියාත්මක වන අතර තවත් අඩි 13000ක් පමණ කිමිදීමේ හැකියාව එයට ඇතිබව කියවේ.

මෙම ඩේ‍රා්න සම්බැරීනය රේඩාර් හෝ චන්ද්‍රිකා මගින් හැසිරවිය නොහැක. මෙහි ගමන් වේගය, ගමන් මාර්ගය, විමසුම් සිදුකරනු ලබන ප්‍රදේශය ආදිය කලින් “මතක ගත කළ” හැකි අතර ඒ සඳහා වන අතිශය දියුණු විද්‍යුත් පරිපාලන ක්‍රමයකින් ‍පොහොසත්ය. ඊට අමතරව දිය යටදී මෙම සබ්මැරීනයට ලැබෙන දත්ත මෙහි මව් යානාවේ සිටිනා විශ්‍ලේෂක යන්ට පරීක්ෂා කළ හැකිය.


අධිතාක්ෂණ සබ්මැරීනය වැඩි දියුණු කරන ලද සෝනාර් තරංග විශ්‍ලේෂණ පද්ධතියකින්ද සමන්විත වෙයි. මීට පෙර මෙම සාගර කලාපයට ගුවන් යානා මගින් හෙලන ලද සෝනාර් බෝයාවන්ට වඩා “ඕතභටඪද21” යාත්‍රාව සතු සෝනාර් විශ්‍ලේෂණ පද්ධතිය ප්‍රබල වන බැවින් මැ‍ලේසියානු ර්ඩ්370 යානයේ කළු පෙට්ටිය වෙතින් නිකුත් කරන ඪදඨ සංඥා හසුකර ගැනීමට මෙම යාත්‍රාවට හැකි වෙනු ඇතැයි පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කීර්බි පවසයි.


මෙම සබ්මැරීනයෙන් වඩාත් නිවැරදි දත්ත ලබා ගැනීමට සෝදිසි කරනා කෝණය පටු වීම හේතුවක් වන බව පෙන්ටගන් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත. ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් පවසන්නේ ඕතභටඪද21 යාත්‍රාව මගින් සුන්බුන් සෙවීමට වඩා කළු පෙට්ටිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තමන් විසින් අපේක්ෂා කරන බවයි. 


නමුත් බෝයිං සමාගම විසින් පවසන්නේ මෙම යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම මෙම මස 7දායින් පසු ඉතා අසීරු වන බවයි.

බෝයිං යානයේ කළු පෙට්ටිය මේ වනවිටත් ඪදඨ සංඥා නිකුත් කරමින් සිටිනවා විය යුතුයි. එම සංඥා සෝනාර් තාක්ෂණයෙන් දියුණු ඕතභටඪද21 සබ්මැරීනයට හසුවුවොත් කළු පෙට්ටිය සෙවීම වඩාත් පහසු වනු ඇත. 


නමුත් අප්‍රේල් 7දා වන විට එහි බැටරි බලය හිඟවීම නිසා තවදුරටත් ඪදඨ සංඥා නිකුත් කිරීමට එයට නොහැකි වනු ඇත. එනම් මෙම මස 7දායින් පසු යානයේ කළු පෙට්ටියට ඔවුන් සිටිනා තැන අපට ඉඟි මගින් පැවසිය නොහැකි වනු ඇත. 

ඉන්දීය සාගරයේ මෙම ප්‍රදේශයේ ඇති අධික ගැඹුර සහ ප්‍රචණ්ඩ දියවැල් නිසා සියලු මෙහෙයුම් දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ඕස්ට්‍රේලියානු රජය 01.04.2014 දින ප්‍රකාශ කර ඇති අතර මෙම තත්ත්වය වෙනස් වී සාගරය සන්සුන් වුවහොත් මෙම සෝදිසි කටයුතුවලට එය ආශීර්වාදයක් වනු ඇති බවද ඕස්ට්‍රේලියානු රජය පවසයි.

කෙසේ නමුත් සාගර පතු‍ලේ ඇති සුන්බුන් සෙවීමට දැනට ලොව ඇති දියුණුම ක්‍රමය මෙම වර්ගයේ සබ්මැරීන් බවත් වර්ෂ 2009 ජුනි 01 දින බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ සිට ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළ බලා පියාසර කරනා අතරතුර අත්ලාන්තික් සාගරයට කඩා වැටුණ ප්‍රංශ ගුවන් සේවයට අයත් එයාර් බස් යානයේ කළු පෙට්ටිය අනතුරින් වසර දෙකකට පසු (2011.04.26 දින) ගොඩ ගැනීමට දායක වී ඇත්තේ මෙම වර්ගයේ සබ්මැරීනයක් බවත් වාර්තා වෙයි. 


කෙසේ නමුත් අත්ලාන්තික් සාගරයේ තිබූ තත්ත්වයට වඩා අතිශය බියකරු තත්ත්වයක් පවතින ඉන්දීය සාගරයේ මලයාසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සෙවීමට ඕතභටඪද21 අධි තාක්ෂණික සබ්මැරීනයට හැකි වේද යන්න ඉදිරි දිනවලදී තීරණය වනු ඇත.

 අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
Related Posts with Thumbnails