Ads 468x60px

.

යතුරු කැරැල්ල ගන්න කියා රූමත් තරුණ ගුරුවරියගේ උදර ප්‍රදේශය ෆොටෝ අරන්

රූමත් පාසල් ගුරුවරියන්ගේ උදර ප්‍රදේශ සහ නාභිය ජංගම දුරකතන කැමරාවකින් ඡායාරූපගත කරන  අධ්‍යාපනය භාර උසස් නිලධාරියකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ (22) අනුරාධපුර කොට්ටාශයේ උසස් පොලිස් නිලධාරියකු වෙත ලැබී ඇත.

එම පැමිණිල්ල අනුව සිද්ධිය පිළිබඳ වහාම තවත් පැමිණිල්ලක් අනුරාධපුර කොට්ටාශ ළමා හා කාන්තා කාර්‍යංශයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් නිලධාරියා විසින් සිද්ධියට භාජනය වූ තරුණ පාසල් ගුරුවරියට උපදෙස් ලබා දී තිබේ.

සිද්ධියට ලක් වූ මෙම පාසල් ගුරුවරිය අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන 28 හැවිරිදි අතිශය රූමත් තරුණියකි. ඇය අනුරාධපුර‍ය ප්‍රදේශයේ පාසලක සේවය කරන්නියකි. ඊයේ (22) උදේ මෙම පාසලට අධ්‍යාපනය භාර උසස් නිලධාරියකු පැමිණ ඇත. 


විදුහල්පතිවරයාගේ කාමරයේ දී මෙම නිලධාරියා රූමත් ගුරුවරිය කැඳවා බිත්තියේ ඉහළ එල්ලා තිබෙන යතුරු කැරැල්ලක් ගෙන තමන් අතට දෙන ලෙස කියා තිබේ. ගුරුවරිය යතුරු කැරැල්ල ගන්නට අත ඉහළට ඔසවද්දී
අධ්‍යාපන නිලධාරියා තමන් අත තිබූ ජංගම දුරකතන කැමරාවෙන් නිරාවරණය වූ ඇගේ උදර ප්‍රදේශය ඡායාරූපගත කර තිබේ. 

එහි  දී කැමරාවෙන් විහිදුන ආලෝකයෙන් තිගැස්සුන ගුරුවරිය කෑ ගසාගෙන විදුහල්පති කාමරයෙන් පිටතට දිවගොස් ඇත.

සිද්ධිය පිළිබඳ ඇය විසින් එම අවස්ථාවේදීම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියාට පැමිණිලි කර ඇත. අනුරාධපුර කොට්ටාශ ළමා‍ හා කාන්තා කාර්‍යංශය සිද්ධියට අදාළ අධ්‍යාපන නිලධාරියා කැඳවා සාකච්ඡා කොට දෙපාර්ශවය සමාදාන කළ බව වාර්ථා වේ.


මෙම සිද්ධිය පිළිබඳ කිසිවක් තමන්ට පවසන්නට නැතැයි අදාළ විදුහල්පතිවරයා කොට්ටාශ ළමා හා කාන්තා කාර්‍යංශයට පවසා ඇතැයි වාර්ථා වේ.
 
Related Posts with Thumbnails