Ads 468x60px

.

ජීවිතයට අර්ථයක්‌ දුන්න රත්තරන් පුතා මේ විදිහට අපිව දාලා ගියේ ඇයි - තරිඳු දිල්හාර පුතුගේ මව

අපිට දරු සෙනෙහස දීපූ, ජීවිතයට අර්ථයක්‌ දුන්න රත්තරන් පුතා මේ විදිහට අපිව දාලා යයි කියලා අපි හීනෙන්වත් හිතුවේ නෑ. 

මගේ රත්තරන් පුතාව දෙවියන් අපෙන් මෙච්චර ඉක්‌මනට උදුර ගනියි කියලා හිතුවේ නැතැයි කඳාන ද මැසනඩ් විදුහලේ රථ ගාලේ රථයකට යටවී මියගිය තරිඳු දිල්හාර පුතුගේ මව වන චින්තා රුද්‍රිගෝ මහත්මිය හැඬු කඳුළින් පැවැසුවා.

කඳාන, මැසනඩ් විදුහලේ රථ ගාලේදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස්‌ සිටින තරිඳුට අමතරව තවත් ශිෂ්‍යයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට නිසි පරිදි ආරක්‍ෂක රැකවරණ පහසුකම් සලසා නැති බව කියමින් දෙමව්පියන් පිරිසක්‌ විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.

මැසනඩ් විද්‍යාලය මේ වන විට එකම මළ ගමක්‌ බවට පත්ව ඇත. තරිඳු අධ්‍යාපනය ලැබූ තුන්වැනි පන්තියේ දරුවන්ට මේ සිද්ධිය ප්‍රබල කම්පනයක්‌ ඇතිකර ඇත. කටේ කිරි සුවඳ යන්නට මත්තෙන් පාසලේ

එකට ඉගෙනගත් හුරතල් මිතුරාගේ හදිසි වියෝව ඒ දරුවන්ට සිහිනයක්‌ බඳුය.

මිතුරා අනතුරකින් මියගිය බව කීවද ඒ දරුවන්ට මරණය යනු කුමක්‌දැයි ඒ හැටි වැටහෙන්නේද නැත. නමුත් අම්මලා, තාත්තලා, පාසලේ ගුරුවරු තරිඳුගේ නිසල සිරුර ළඟට ගොස්‌ හඬමින් කඳුළු සලන විට තමා මේ පුංචි සමනල පැටවුන්ටද සිදුවී ඇත්තේ නස්‌පැත්තියක්‌ යෑයි තේරී ඔවුන්ද හඬන්නට ගනී.

මේ පුංචි පුතුගේ මරණය හමුවේ වැඩියෙන්ම හඬන්නේ තරිඳු පුතුගේ මවය. මව හඬන විට ඇගේ මුවින් කියවෙන වචන අසා සිටින්නට බැරි තරම් ශෝකීය. ශෝකී ගී රාවයක්‌ සේ ඒ හැඬුම් සමග ඇගේ මුවින් නික්‌මී ගලාගෙන යන විප්‍රයෝගයේ කම්පිත වචන අසන කොයි කවුරුත්, දැස්‌ අග මතුව දෙකොපුල් දිගේ රූරා ගලා යන කඳුළු අත්ලෙන් පිසමින් කඳුළු සඟවන්නට තනන හැටි බලන්නට පවා බැරිය.

මේ අතර තරිඳුට අවාසනාවන්ත මරණය සිදුවීමෙන් පසුව පැවැත්වූ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (27 වැනිදා) රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී පැවැති අතර මියගිය ශිෂ්‍යයාගේ මව වන රිලවුල්ලේ පදිංචි කේ. ඒ. චින්තා චන්ද්‍රනි (38) මහත්මිය සාක්‍ෂි දෙමින් මෙලෙස කියා සිටියාය.

"ද මැසනෝද් විද්‍යාලයේ" තුන්වැනි පන්තියේ ඉගෙනුම ලැබූ මගේ එකම පිරිමි දරුවා ගැහැණු දරුවකු වාගේ හැමෝටම ආදරෙයි. මට හරියට උදව් කරනවා. පුතාට පාසල් යන්න ඇඳගන්න කියන්න ඕනෑ නැහැ. වේලාවට ලෑස්‌ති වෙනවා. මට උයන්නත් උදව්කරනවා. ඔහු හොඳ නිරෝගී සුවයෙන් පසුවුණා.

ඊයේ 26 සඳුදා පුතාට "ජිම්නාස්‌ටික්‌" තිබුණු දවස. ඊට අවශ්‍ය ඇඳුම් සහ කෑම අරගෙන තමයි පුතා උදේ පාසල් ගියේ. කාගේදො මරණයක්‌ කියා ජිම්නාස්‌ටික්‌ අවලංගු කර තියෙනවා. ඒ නිසා පාසල් වෑන් රථයෙන් පුතා ගෙදර එන්න ඇවිත් තියෙනවා. 


ඒ අවස්‌ථාවේදී තමා රථ ගාලේදී පුතාත් අනතුරට භාජනය වී තියෙන්නේ. ළඟකදී පුතාගේ යහළුවෙක්‌ "ෆාදර්" කෙනෙක්‌ (පියතුමකු) වෙන්න ගියා. පුතාටත් ෆාදර් කෙනෙක්‌ (පියතුමකු) වෙන්න අවශ්‍යයි කිව්වා.

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතාගේ නියෝගය මත රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි හදිසි මරණ පරීක්‍ෂිකා විශ්‍රාමික විදුහල්පතිනි සාම විනිසුරු ඡේ. කේ. ඒ. ජයකොඩි මහත්මිය හමුවෙහි ඊයේ (27) දහවල් පැවැති මෙම පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණයේදී ක¹න පොලිසියේ රථ වාහන අංශයේ පො.කො. (66350) ආර්. ජී. ටී. එල්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත මියගොස්‌ ඇති සිසුවා ප්‍රවාහනය කර ඇති පාසල් වෑන් රථයේ රියෑදුරා වන ක¹න උළුපෝරණුව පාරේ පදිංචි ආර්. ඒ. චාමික සුභාෂණ රන්දෙණිය (39) රියෑදුරු මහතා සාක්‍ෂි දුන්නේය.

මියගිය දරුවාගේ පියා වූ ඒ. ඩී. සුජිත් ඔස්‌වල්ඩ් ජයකොඩි (39) ඉංජිනේරු මහතාද මෙහිදී සාක්‍ෂි දෙමින්,

මෙම අනතුර සිදුකර ඇති රියෑදුරාව මම අඳුනන්නේ නැහැ. පුතාගේ රියෑදුරා සිදුවීම පිළිබඳව මට කිව්වා. මට ඉතාම කනගාටුයි. මරණය ගැන සැකයක්‌ නැහැ. පරීක්‍ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා. වරදකරුවන්ට දඬුවම් අවශ්‍යයි. මින්මතු මෙවැනි දෙයක්‌ සිදු නොවන්නට නිලධාරීන් දැනුවත් විය යුතු යෑයි හෙතෙම අවසන් වශයෙන් පැවැසීය.

මෙහි පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය එන්. ඩී. එස්‌. ගංගහවත්ත මහත්මිය විසින් සිදුකර රිය අනතුරකින් උදරයේ අවයවවලට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවී ඇති හදිසි මරණයක්‌ බවට සිය පශ්චාත් වෛද්‍ය වාර්තාවෙන් නිගමනය කර තිබිණ. 


සැකකාර රියෑදුරාව සහ දුටු සාක්‍ෂි 14 වැනිදා තමා හමුවට ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්‍ෂිකා ජයකොඩි මහත්මිය පොලිසියට නියෝග කළාය.
 
Related Posts with Thumbnails