Ads 468x60px

.

පින්තූරයක කතාව

යුද්ධය නිසා ආබාධිත වූ හමුදා සෙබලෙකු විවාහක දෙදරු මවකට අයුතු යෝජනාවක් කලේය​. එම දෙදරු මව හමුදා සෙබලාගේ අනිසි ඇරයුම ප්‍රතික්ශේප කළාය​. ඉන් කුපිත වූ සෙබලා වරින් වර ඇයට කරදර කරන ලදි. ඇය මරා දමන බවට කළ තර්ජනය කලේය. 

ඇයගේ සැමියා වැලිගම පොලිසි යට පැමිනිළි කලද වැලිගම පොලිසිය කිසිදු පියවරක් මේ පවුලේ ආරක්‍ෂාව සඳහා ගත්තේ නැත​. 

අයුතු යෝජනාව  ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇය දරුවන් දෙදෙනා දහම් පාසල් ගෙන යද්දී හමුදා සෙබලා විසින් පොල්ලකින් ගසා මේ කාන්තාව ඝාතනය කරන ලදි. ඉන්පසු සෙබලාද දිවි නසා ගත්තේය​.

හෙට අනිද්දා අපගේ ආවේගශීලී වීරයන් සෙබලාගේ නිවසට ගිනි තබනු ඇත​. පොලිස්පතිවරයා විසින් අකාර්‍යක්ශම වැලිගම පොලිසියේ ස්ථානාධි

පතිවරයා වව්නියාවට මාරු කොට තවත් එවැනිම අකාර්‍යක්ශම  ස්ථානාධි පතිවරයෙකු වැලිගම පොලිසියට එවනු ඇත​. 

තව සති දෙකකින් අම්මා නොමැතිව ලෝකයේ තනිවූ මේ දරුවන් දෙදෙනා අපගේ සමාජය විසින් අමතක කරනු ඇත​. එහෙත් යුද්ධය නිසා මානසික අස්ථාවරත්වයෙන් පෙලෙන නිසි ප්‍රථිකාර නොලබන දහසකුත් හමුදා සෙබලුන් තව තවත් අපරාධ වල නිරත වනු ඇත​.

යුද්ධය නිසා මානසිකව රෝගී වූ සෙබලුන්ට ප්‍රතිකාර  කල වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන ලද මධ්‍යස්ථානය වසා දමා සොල්දාදු වන් ගේ මානසික පුනරුථාපනය කඩාකප්පල් කල බ්‍රිගේඩියර් කමල් සුමනපාල නැමැති හමුදා නිලධාරියා යුද හමුදාවෙන් පඩි නඩි ලබා හමුදා වාහන හිතේ හැටියට පාවිච්චි කර  අතට පයට හමුදා සෙබල දැසි දස්සන් තබාගෙන තවත් උසස්වීම් ලබා විශ්‍රාම ගොස් සුවසේ සිටිනු ඇත​. 


නමුත් මේ දරුවන් දෙදෙනා යම් දිනක තම මව මරා දැමීමට මුල් වූ සමාජයටම වයිර කරනු නියතය​.
 
Related Posts with Thumbnails