Ads 468x60px

.

තර්ඩ් ජෙනරේෂන් තියරිය සනාත වෙමින් තිබේද​?

තර්ඩ් ජෙනරේෂන් තියරි යනු දැනට විදේශයක වාසය කරන ලාංකික උගතෙකු විසින් හෙලි දරව් කරන ලද අනාගත සිදුවීමක්. 

මෙම තියරියට අනුව අන්ඩුව සහ නෝර්වේ මගින් ක්‍රියාත්මක කරන ලද සිංහල සහ මුස්ලිම් ආගමික ගැටුම් තව වර්ධනය වෙනවා. 

ලංකාවේ දැනට ජිවත් වන සිංහල දෙමල මුස්ලිම් මෝඩ ගෝත්‍රික ජනතාව ආගමික සටන් වලින් විනාශයට පත් වෙනවා. ආගම් බේධ නිසා මරා ගන්නවා , හලාල් , ජිහාඩ් , ගව ඝාතන ආදී දේවල් වෙනුවෙන් ගම් පිටින් සටන් වදිනවා. එකම ආගම ඇතුලේ කරුණු වලටත් වාද කරගෙන මරා ගන්නවා. 

ඒ අතරවාරයේ ලංකාවේ උසස් අධ්‍යාපනය බිඳ වැටෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික අගය බිංදුවට බහිනවා. අන්තවාදී සිසු

සංවිධාන විසින් විශ්ව විද්‍යාල යටිතල පහසුකම් පවා විනාශ කර දමනවා. මහා නූගත් කමක් මුලු රට පුරා පැතිරෙනවා.  

ප්‍රාදේශීය දේශපාලකයෝ ලෙස ගම් වල ඉන්න මැරයන් පත් වෙලා ඔවුන් ජාතික දේශපාලනය දක්වා යනවා. මොවුන් පාර්ලිමෙන්තුවට එන්නෙත් තුවක්කු කඩු අරගෙන​.  ආර්ථිකය කඩා හැලෙනවා. 


මිනිස්සු නුගත් වනචරියෝ බවට පත් වෙනවා. ඉන්පසු අතට අහුවෙන ආයුද අරගෙන රුවන්ඩාවේ වගේ එකිනෙක මරාගෙන ලංකාවේ ජන ගහනය සිග්‍රව අඩු වෙනවා. ඒක පුද්ගල අදායම ලෝකේ අඩුම මට්ටම බවට පත් වෙනවා. 

ඉතුරුවෙන මිනිසුන්ට සාක්‍ෂරතාවයවත් නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ වැද්දන් වගේ. ඒ කාලය වෙන කොට ලංකාවේ හැන්දක් ගෑරැප්පුවක් අතින් අල්ලන්න දන්න මිනිහෙක්වත් නැහැ. 

මේ මහා විනාශයෙන් පසුව දැනට බටහිර රටවල ඉන්න උගත් ධනවත් ලාංකිකයන් ලංකාවට එනවා. (බෝට්ටු වලින් හොරාට පැනපු අය නොවේ. උගත්කම නිසා පිටරට රැකියා වලට ගිය ලාංකිකයන්ගේ තුන්වන පරම්පරාවේ දරුවෝ ) ඒ පරම්පරාව හොඳටම උගත් පිරිසක්. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වල ඉගනගෙන තියන ධනවත් නිරෝගී පරම්පරාවක්.  

ඒ කාලේ වෙනකොට ඩොලර් 1000 ගෙනාවත් ලංකාවෙන් ඉඩම් අක්කර  සිය​ ගණන් ගන්න පුළුවන්. හරියට මුඩුබිම් පනත කලේ සිලිමට අක්කර සිය ගණනක් ගත්ත  වගේ. මේ උගත් නිරෝගී පරම්පරාව තමයි ලංකාවේ නායකත්වය භාර ගන්නේ. 


මේ උගත් නිරෝගී පරම්පරාව ලංකාවට එන කොට එක්දාස් නවසිය විසි තිස් ගනන් වල  ඔක්ස්ෆඩ් උගත් බණ්ඩාරනායකලා ලංකාවට ගොඩ බහිනකොට තිබ්බ තත්වය වගේ. ලංකාවේ නූගත් ග්‍රාමීය මිනිසුන් ඔක්ස්ෆඩ් උගත් බණ්ඩාරනායකලා දැක්කේ දෙවිවරු වගේ. ඔවුන් ඒකමතිකව නායකයන් ලෙසට ජනතාව භාර ගන්නවා. 

මේ උගත් ශිෂ්ඨ පරම්පරාව ඉතුරු වෙලා ඉන්න වනචාරී ගෝත්‍රිකයෝ අතර නායකත්වයට පත් වෙලා ලංකාවේ පාලනය භාර ගන්නවා. මුලු ලෝකය පුරා විසිරිලා ඉන්න තුන්වන පරම්පරාවේ දරුවෝ ලංකාවට ගෙන්න ගන්නවා. මේ අය විවිධ කේශේත්‍ර වල විසේසඥයෝ. 


යුදෙව්වන් ඉශ්‍රායලය බිහි කරා වගේ ලංකාව අති නවීන විදියට මේ අය නිර්මාණය කරනවා. ලංකාව සෙසු ලෝකයා සමග බද්ධ කරනවා. ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත් කරනවා. ආගමික අන්තවාදය නිශේදනය කරනවා. දියුණු තාක්‍ෂණය ලංකාවට හඳුන්වා දෙනවා. අධ්‍යාපනය තුලින් ශික්‍ෂනය තුලින් දියුණු මිනිසෙකු බිහි කරනවා. ඉන්පසුව ලංකාවේ ලෝකයේ දියුණු රටක් බවට පත් වෙනවා. 

- කසුන්
 
Related Posts with Thumbnails