Ads 468x60px

.

කිසිම රඟපෑමක් නොලැබුනත් පැය අටේ රස්සාවක් කරලා හරි කාලා ඇඳලා ඉන්න මට පුළුවන් - දමිතා

දමිතා අබේරත්න ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට කාලෙකට වරක් පායන අන්දමේ තරුවකි. නොනි මෙන තරු ගුණයෙන් බබළන දමිතා නිරුවත් චරිත රඟපෑමට තමාගේ අකමැත්තක් නොමැති බව පුවත් පත් කීපයකට පවසා තිබුණා. 

එහි ඇත්ත නැත්ත සොයා බලන්නට hot and fast news වන අපටත් ඕනේ වුණා. ඇය නිරුවත් වීම පිළිබඳව අපත් සමඟ කල බහ පහතින්.

දමිතා වැඩ කරන්න කැමැතිම අධ්‍යක්ෂවරයා කවුද?

 
මේකට දෙන්න තියෙන හොඳම උත්තරය මේකයි. මං අකැමැති අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කරන්නේ නෑ.

මං අහන්නේ කැමැති අය අතරින් වඩාත්ම කැමැති කාටද කියලයි?


ම්... බැරෑරුම් ප්‍රශ්නයක්. ජයන්ත චන්ද්‍රසිරි මහතාට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් අපට තියෙනවා.ඊට අමතරව ඉනෝකා සත්‍යාංගනීත් මට මහා අධ්‍යක්ෂවරියක්.

ඉනෝකාව හඳුන්වන්න මහා අධ්‍යක්ෂවරියක් කියන විශේෂණය යෙදුවේ ඇයි?

 
තමන්ගේ ක්ෂේත්‍රය තුළ කලාව ගැන ඇයට මහා වැටහීමක් දැනුමක් තියෙන නිසා.

නමුත් සුළං කිරිල්ලී රංගනයේදී දමිතා, ඉනෝකාව අබිබවා ගිය බව ඇය වතාවක් කියා තිබුණා?

 
ඔව්. මමත් දැක්කා. ඉනෝකාගේ ඒ නිහතමානීකම නිසාමයි මට ඇය මහා අධ්‍යක්ෂවරියක් වෙන්නේ. සාමාන්‍යයෙන් නිළියක් ලවා තමාට අවශ්‍ය දේ කරගත්තට පස්සේ ඒ නිළියව අගය කරන අධ්‍යක්ෂවරු අද හරි අඩුයි.

සාර්ථක සිනමා පිටපතක නිරුවත් චරිතයක් ඔබට ලැබුණොත්?

 
අතිශය සිනමාත්මක තැනක ඉඳලා ඒ කටයුත්ත කෙරෙනවා නම් මම ඒ චරිතය භාර ගන්නවා.

නමුත් නිරුවත් චරිතයක් කළ ‘ගයේෂා’ ට අත්වුණේ බොහොම පිළිකුල් ප්‍රතිචාරයක්?

 
ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඒ පිළිකුල් කිරීම ඇතුළේ තියෙන පහත් මානසිකත්වයට මම අනුකම්පා කරනවා.

ඔබට අනුව ගයේෂා දක්ෂ නිළියක්ද?

 
පැහැදිලිවම ඔව්. අපි එකට වැඩ කරලා තියෙනවා. අභියෝගය භාරගැනීම නිසාම ගයේෂා බොහොම එඩිතර නිළියක්ය කියලත් කියන්න පුළුවන්. කලාව වෙනුවෙන් ගයේෂා කළේ උත්තරීතර කැපකිරීමක්.

පුද්ගලිකව දමිතා ළඟින්ම ඇසුරු කරන රංගන තරු කවුද?

 
ඒ ප්‍රශ්නයට නම් මට තරහකාරයෝ ඇති වෙනවා. නම් දෙක තුනක් විතරක් කියන්නත් බැහැ. කාංචනා, සුජානි, ගයාත්‍රි, නයනා කුමාරි, නදීශානි, සුජානි වගේ අය මගේ ළඟම මිතුරියෝ කියලා ලියන්න.

එතකොට මිතුරියන් විතරද ආශ්‍රය කරන්නේ?

 
නෑ, නෑ. රංගන ශිල්පියෝ ඉන්නවා බොහොම සමීපව එකට වැඩ කටයුතු කරන අය.

ඉතින් ඇයි එක නමක්වත් නොකියන්නේ?

 
හරි. අපි කියමු මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි කියන නම් දෙක. අනික් අයට තරහ වෙන්න එපා කිව්වා කියලත් ලියන්න.

යාළුවෝ වගේම තරහකාරයොත් ඉන්නවා නේද?

 
මගේ කිසිම පෞද්ගලික හේතුවකට මං කාත් එක්කවත් තරහ නෑ. ක්ෂේත්‍රයේ දේවල් වෙනුවෙන් කතා කරන්න ගිහින් හැදුණු තරහකාරයෝ නම් ඉන්නවා.

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් නඩුව ඉවත් කර ගන්නවයි කියලා සේමිණී කියලා තිබුණා?

 
මම දැක්කා. වරදක් නොකර අම්මා, තාත්තාගෙන්වත් සමාව ගන්න මම සූදානම් නෑ. එහෙම අවශ්‍යතාවක් නෑ. ඒ නිසා ඒක වෙන්නෙ නැති දෙයක්. ලෝකයේ ඇත්ත ජයගන්න බව මං අදහනවා.

එකම ක්ෂේත්‍රයේ අය ඔහොම ඇනකොටා ගන්න එක අශෝභනයි නේද?

 
ඔව්. මම කාටවත් විරුද්ධව නඩු දාලා නෑ. පැත්තකට වෙලා පාඩුවේ හිටපු මාව නඩුවකට ඇදලා ගත්තේ අනික් පාර්ශ්වයේ අයයි. තමුන්ගේ ක්ෂේත්‍රයේ අයට අපහාස කරනවයි කියන්නේ තමන්ටම කරගන්න අපහාසයක් බව ඒ අය මුලින් හිතුවා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ.

ඉවසීම දමිතාට නුපුරුදුම දෙයක්ද කියලා ඇහුවොත්?

 
දැන් ටිකක් පුරුදුයි. ජීවිතේ අපි බඩගානවා දණගානවා ඇවිදිනවා වගේ හෙමින් හැමදේම පරිණත වෙනවා. මං දැන් ටිකක් ඉවසීමත් පුරුදු වෙලා. ඒක අත්දැකීම් හා වයස එක්ක ඉබේම වෙන දෙයක්.

දමිතාට කිසිම රඟපෑමකට ආරාධනාවක් නොලැබෙන කාලයක් උදා වුණොත්?

 
පැය අටේ රස්සාවක් කරන්න මට පුළුවන්. කවුරුත් නොදන්නවා වුණාට මං අවුරුදු තුනක් ආයතනයක ප්‍රවර්ධන කළමනාකාරිනියක් විදිහට රැකියාව කළා. මේවා සියල්ල අහිමි වුණොත් රස්සාවක් කරලා කාලා ඇඳලා ඉඳීවි.
 
Related Posts with Thumbnails