Ads 468x60px

.

ගම්පහ පොලිසියේ 'චීෆ් ඉන්ස්‌පෙක්‌ටර්ට' බස්‌ රියෑදුරකු"කන පැලෙන්ට" දුන් පසු..

ගම්පහ පොලිසියේ 'චීෆ් ඉන්ස්‌පෙක්‌ටර්' තැන්පත් ඩබ්. එල්. ආර්. විතාරණ මහතාට ප්‍රයිවට්‌ බස්‌ රියෑදුරකු විසින් "කන පැලෙන්ට" ගසනු ලැබී යෑයි අපි ඊයේ (07 දා) දැනගතිමු. 

මෙහිදී කන පැලෙන්ට ගහනවාය යන්න යෙදුමක්‌ බව මතක තබා ගත යුතුය. සාමාන්‍යයෙන් මිනිසකු තව මිනිසකුට ගහන විට කන තිබෙන තැන සොයා එය පැලෙන්ට පහර දෙන සිරිතක්‌ නැත. 

කම්මුල් පහරක්‌ දෙන විට එයට බහුල ලෙස යොදන යෙදුම වන්නේ "කනට ගැහුවා" යන්නය. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසු බස්‌රියේ රථාචාර්යතුමා සහ කොන්දොස්‌තර තැන්පත් තරුණයා අත්අඩංගුවට ගෙන පොලිස්‌ කූඩුවට දමා පසුව රිමාන්ඩ් කර ඇත. 

පොලිස්‌ කූඩුව තුළදී මේ දෙන්නා සම්බෝල වන්නට ඇතැයි අපි කල්පනා කරමු. එයට විරෝධය පළ කිරීමෙන් වළකිමු. මන්ද, මේ රියෑදුරු,
මදාවියකු ලෙස කොළඹ - නුවර පාරේ බසය ධාවනය කර ඇත. 

චීෆ් ඉන්ස්‌පෙක්‌ටර් විතාරණ එය දැක ඉදිරි මුරපළකට දුරකථනයෙන් කතා කර බසය නැවැත්වීමට සැලැස්‌වීය. ඉන් පසු එතැනට ගිය විතාරණ මහතා සහ බස්‌ රියෑදුරා අතර හටගත් බහින්බස්‌ වීමකින් පසු කනේ ෂොට්‌ එක දී තිබේ. විතාරණ සිවිල් පිට සිටි අතර පොලිස්‌ ඇඳුමෙන් සිටියේ නම් 'බස්‌ ඩ්‍රයිවර්' කවදාවත් ඔහුට අත ඔසවන්නේ නැත.

මේ රටේ ප්‍රයිවට්‌ බස්‌ රියෑදුරන්ගෙන් වැඩි දෙනා සහ කොන්දොස්‌තරලා වැඩි දෙනා අධම නීචයෝ වෙති. සිවිල් පිට සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකට බස්‌ කාරයා කළ සැලකිල්ල සිවිල් සමාජය සම්බන්ධයෙන් ප්‍රයිවට්‌ බස්‌ ප්‍රජාව අනුගමනය කරන සාමාන්‍ය ප්‍රතිපත්තිය පැහැදිලි කර දෙන්නකි.


ඉතුරු සල්ලි ඉල්ලුවොත් එය ගණන් නොගෙන සිටීම, එම අයිතිය වෙනුවෙන් තදබල ලෙස පෙනී සිටින්නන්ට මව මතක්‌ කර බැණ වැදීම, බස්‌ එකට කාන්තාවක්‌ නගින විට ඔවුන්ගේ ඉණ අතපත ගෑම සහ එයට විරුද්ධ වූ විට කාර් එකක්‌ කුලියට ගෙන යන්නැයි අපහාස කිරීම. 

පස්‌සට යන්නැයි කී විට තවදුරටත් යැමට ඉඩ නැතිනම් මගීන් අතර එහා මෙහා යමින් අවිනීතව හැසිරීම, කාන්තාවන්ගේ ළැම තලයෙහි සහ පස්‌සා පැත්තෙහි හිතාමතාම ගැටීම, එයට විරෝධය පළකළ විට කැබ් එකක්‌ ගෙන්වාගෙන ගමනේ ඉතිරි කොටස යන ලෙසට මගී කාන්තාවන්ට තර්ජනය කිරීම යනාදිය 'ප්‍රයිවට්‌' බස්‌ කොන්දොස්‌තරලා කරන නීච ක්‍රියාය. 

මෙවැනි අවස්‌ථාවලදී කොන්දොස්‌තරගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉතා දරුණු ලෙස පහර දීම මගීන්ගේ වගකීම වුවත් එය සාමූහික වගකීමක්‌ ලෙස පිළිගැනීමට සෙසු මගීන් පැකිලෙන නිසා තනියෙන් අවදානම භාර ගන්නට කවුරුවත් කැමති වන්නේ නැත. 

ප්‍රයිවට්‌ බස්‌ ඩ්‍රයිවර්ලාගෙන් වැඩි හරියද අධම ගවයෝ වෙති. ඔවුහු බස්‌වලින් රේස්‌ යමින් බසයේ සිටින අයගේ ජීවිත මෙන්ම මහ පාරේ යන අයගේ ජීවිතද අනතුරේ හෙළති. සමහර ප්‍රයිවට්‌ බස්‌ ඩ්‍රයිවර්ලා මහ පාරේ බස්‌ නවත්වාගෙන වෙනත් ඩ්‍රයිවර්ලා සමග දබර කර ගනිති. 

එවිට මාර්ගය අවහිර වීමෙන් හටගන්නා හානිය ගැන මගියකු හෝ පුරවැසියකු කතා කළොත් ඔහුට මව් දෙමව්පියන් සිහි වන්නට උත්තර ලැබෙයි. මේ නිසා ප්‍රධාන ඉන්ස්‌පෙක්‌ටර්ට පහර දුන් බස්‌ ඩ්‍රයිවර්ගේ නඩුව උපරිමයෙන් තදකර ඔහුට උපරිමයෙන් දඬුවම ලබා දීම සඳහා හැකි උපරිම සාක්‍ෂි එකතු කිරීම පොලිසියේ උපරිම වගකීමය. 

විත්තිකාර බස්‌ ඩ්‍රයිවර් ඇමැති කෙනකුගේ මල්ලි විය හැකි බවටද අප තුළ සැකයක්‌ තිබේ. නැත්නම් පොලිසිය ඉදිරියේම වෙනත් පුද්ගලයකුට පහර දීමට තරම් හයියක්‌ ඔහුට කොයින්ද? මෙවැනි විටෙක අයියාට උණ ගැනෙන්නට මල්ලීට සැලකිය යුතුය.
 
Related Posts with Thumbnails