Ads 468x60px

.

මැරුණත් මොකෝ ලස්සන වෙලා - කොළඹ ධනවත් කතුන්ගේ අළුත්ම රැල්ල

කොළඹ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ප‍්‍රකට රූපලාවන්‍යාගාරයෙන් ප‍්‍රතිකාර ගන්නට ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රියංගි අලූත්ගේ (47) නැමති වෛද්‍යවරිය සැත්කමට සූදානම් කිරීම සඳහා ලබාදුන් එන්නතක් විෂවී ඊයේ මියගිය බව මේ වනවිට ප්‍රසිද්ධ කතාවකි.

මෙම වෛද්‍යවරිය මෙම ස්ථානයට ගොස් තිබුණේ ඇස වටා රැලි වැටුණු සම සකස් කර පැහැපත් පෙනුමක් ලබාගැනීම සඳහායි. මේ ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කරමින් රූපය ලස්සන කරගැනීම හඳුන්වන්නේ කොස්මැටික් සර්ජරි (cosmetic surgery) නමිනුයි. මෙම ප්ලාස්ටික් සැත්කම් ක්‍රමය මේ වනවිට දැවැන්ත කර්මාන්තයක් ලෙස ලොව ජනප්‍රිය වෙමින් පවතින්නකි.


විදෙස් වාර්තා අනාවරණය කරන ආකාරයට පියයුරු වර්ධනය කර ගැනීම, මුහුණේ රැලි නැති කර ගැනීම, බඩ අඩුකර ගැනීම ඇතුළු

රූපාලංකරණ අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි ශල්‍යකර්ම මිලියන ගණනක් ලොව පුරා වසරකදී සිදුවේ.

International Society of Aesthetic Plastic Surgery (ISAPS) වාර්තාවන්ට අනුව 2013 වසරේදී මෙවැනි රූපාලංකරණ ශල්‍යකර්ම මිලියන 23 කට වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා සිදුකර තිබේ.


මෙම ශල්‍යකර්ම වලින් වැඩිම ප්‍රමාණය සිදුකර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේයි. මේ අනුව, ඇමරිකාවේ මිලියන 04 ක පිරිසක්, බ්‍රසීලයේ මිලියන 02 ක පිරිසක් ගිය වසරේදී රූපාලංකරණ ශල්‍යකර්ම (cosmetic surgery) සිදුකර ඇත.


මෙම වාර්තාවන්ට අනුව ලොව වැඩිපුරම සිදුවන රූපාලංකරණ ශල්‍ය කර්මය වන්නේ අනවශ්‍ය මේද ඉවත් කිරීම සඳහා යොදා ගන්නා Botox නැමති ශල්‍ය කර්මයයි.


මේ අතර, වාර්තා වන්නේ ගිය වසරේදී ලොව පුරා මේ ආකාරයෙන් සිදුකර තිබෙන පියයුරු ශල්‍ය කර්ම ප්‍රමාණය මිලියන 1.7 ක් ඉක්මවන බවයි. ලොව පුරා රූපාලංකරණ ශල්‍යකර්ම වෙළඳ පොළේ වැඩිම පාරිභෝගිකයින් පිරිස කාන්තාවන් බවත් එය සමස්ත පාරිභෝගිකයින්ගෙන් සියයට 90 ක් පමණ වනබවත් සඳහන්ය.


මේ අනුව, ගිය වසරේදී මෙම වෙළඳ පොළට පිවිසුණු මිලියන 23 ක ප්‍රමාණයෙන් මිලියන 20 ක්ම කාන්තාවන්ය. ශ්‍රී ලංකාව තුළද මෙම රූපාලංකරණ ශල්‍යකර්ම ජනප්‍රිය වෙමින් පවතින අතර අනාවරණය වන්නේ මෙම ස්ථාන වලට වැඩිපුර යන්නේ කොළඹ ධනවත් කාන්තාවන් බවයි.


වෛද්‍ය නිමල් ගමගේ සහ කොස්මැටික් සර්ජරි ඊයේ මෙම අවාසනාවන්ත මරණය සිදුවූ කොස්මැටික් සර්ජරි ආයතනය පවත්වාගෙන යන්නේ රූපාංලකරණ ශල්‍යකර්ම සඳහා මෙරට ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වන නිමල් ගමගේ මහතායි.


මෙම ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මෙම ශල්‍යකර්ම සිදුකිරීමට මෙම වෛද්‍යවරයා ඇමරිකාවේ අවුරුදු 25 ක පමණ පළපුරුද්දක් ලබා තිබේ.
 
Related Posts with Thumbnails