Ads 468x60px

.

රූපලාවන්‍ය සැත්කමට එන්නත විද්ද දොස්තර රෝගීන්ට ලිංගික අතවරත් කරලා.

රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය වරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ පිලිබඳ පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඔහු එවැනි ශල්‍ය වෛද්‍යවරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක්‌ බව අප කල විමසීමකදී ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා අප වෙත පැවසුවා. 


මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම වෛද්‍ය වරයාට රූපලාවන්‍ය ශල්‍යකර්ම පිළිබඳ මෙරට හෝ ඇමරිකා එක්‌සත් ජනපදයේ කිසිදු උපාධියක්‌ හෝ පුහුණුවක්‌ නොමැති බවයි.
එමෙන්ම ඔහු අභ්‍යන්තර වෛද්‍ය විද්‍යා හා හෘද රෝග පිළිබඳ පෞද්ගලික වෛද්‍ය වරයෙක්‌ පමණකැයිද වෛද්‍ය පෙරේරා මහතා පවසනවා.

වසර 20 ක පමණ කාලයක්‌ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින එම වෛද්‍යවරයා ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටින කාලයේදී රෝගීන්ට ලිංගික අතවර කිරීම හා වංචනික අයුරින් රක්‍ෂණ ආවරණ ලබාගැනීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව එරටද තහනමකට පාත්‍රව සිටින අයෙකු බව පෙන්වා දුන් වෛද්‍ය දුලිප් පෙරේරා මහතා ඔහු විසින් පවත්වාගෙන ගිය බම්බලපිටිය රූපලාවන්‍ය සැත්කම් ආයතනයේ සැත්කම් සිදුකිරීමට සුදුසු පරිසරයක්‌ හෝ පහසුකම් නොමැති බවද අවධාරණය කළේය.

මෙකී වෛද්‍යවරයා පිළිබඳ මෙම තොරතුරු ලිපියක්‌ මාර්ගයෙන් ලිඛිත විස්‌තර සහිතව 2011 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු මහතා වෙත ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් දැනුම් දුන් නමුදු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන්ද නොමග යවමින් ඔහු 2009 වසරේ සිට රූපලාවන්‍ය සැත්කම් සිදුකරමින් ජනතාව මුලා කරමින් සිටි බව වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.

අවසානයේ අවාසනාවන්ත අයුරින් එකී වෛද්‍යවරයා වෙත රූපලාවන්‍ය සැත්කමක්‌ කර ගැනීමට ගිය ළමා රෝහල් වෛද්‍යවරිය එන්නතක්‌ වැරැදීමෙන් මිය ගිය බවත් සෞඛ්‍ය බලධාරීන් තම සංගමය මෙම වෛද්‍යවරයා පිළිබඳව දැනුවත් කළ අවස්‌ථාවේදී ඔහුට විරුද්ධව පියවර ගත්තේ නම් මෙවැන්නක්‌ සිදුනොවනු ඇති බවත් හෙතෙම පැවැසීය.

ඇස්‌ යට කළු පැහැති සම ඉවත් කිරීම සඳහා අදාළ වෛද්‍යවරියට සැකකාර වෛද්‍යවරයා විසින් එන්නත් විද ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි සැත්කමකට අවශ්‍ය නිර්වින්දන වෛද්‍යවරයකු, දැඩි සත්කාර ඒකකයක්‌ හෝ ශල්‍ය උපකරණ පහසුකම් එම රූපලාවන්‍ය ශල්‍ය ආයතනයේ තිබී නොමැති බව වෛද්‍ය දුලිප් මහතා සඳහන් කළේය.

"රූපලාවන්‍ය හෝ වෙනත් ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ සිදුකිරීමේදී එවැන්නක්‌ සිදුකළ හැක්‌කේ රෝහලක්‌ තුළ මිසක පුද්ගලික නිවසක කාමරයක්‌ තුළ නොවේ. ඉහත කී වෛද්‍ය ගමගේ නිවසක කාමරයක්‌ තුළ අනාරක්‍ෂිත අයුරින් රූපලාවන්‍ය සැත්කම් සිදුකිරීමෙන් කර ඇත්තේ බරපතළ වරදක්‌.


එකී වෛද්‍යවරයා මෙරට සිදුකර ඇති සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව වාර්තාවක්‌ සපයන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලා තිබෙනවා යෑයි වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කීවේය.

මේ අතර ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොමේෂ් ගුණසේකර, විශේෂඥ ශල්‍ය වෛද්‍ය තුෂාන් බෙණරගම හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර විඡේමාන්න යන මහත්වරුන් රූපලාවන්‍ය සැත්කම් හෝ වෙනත් කිසිදු ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ පුද්ගලික ආයතන තුළ සිදුකරන බවට ගෙන යන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කරයි. 


රූපලාවන්‍ය සැත්කම් සිදුකළ හැක්‌කේ මෙරට පුද්ගලික රෝහල් හරහා පමණක්‌ බවද ඔවුහු අවධාරණය කර සිටිති. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ ශල්‍ය අංශයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

වෛද්‍ය නිමල් ගමගේ 18 තෙක් රිමාන්ඩ්...


ඇස්‌ යට කළුවී ඇති නිසා ශල්‍යකර්මයකට විද්ද එන්නත විෂවී එතනම මියගිය වෛද්‍යවරිය
මියගිය වෛද්‍යවරිය කරගන්න හැදූ සැත්කම (වීඩියෝව බලන්න)
 
Related Posts with Thumbnails