Ads 468x60px

.

මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම් - ලිංගය කැපු වටරැක විජිත හිමි (වීඩියෝ)


බන්ධනාගාරයේදී බේත් දැම්මා..
එකෙන් වැඩි උනා..

ඊට පස්සේ රෝහලකින් බේත් ගත්තා.
ඒත් වැඩි උනා...

ඉන් පස්සේ තමයි 
මේ ඔක්කොම නරක උනේ...

ජාතික බල සේනාවේ නායක මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් පසුගිය ජුනි මාසයේ 19 වනදා පැහැරගෙන ගොස් අත් පා බැඳ බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල පාලම අසල තිබියදී පොලීසියට විසින් සොයාගත් අතර පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලිවුයේ එය හිමිනම විසින් සිදුකරන ලද රඟපෑමක් බවයි.

එය එසේ තිබියදී එම හිමියන් හලාවත මහා රෝහලේදී අද දින (14 ) සැත්කමකට භාජනය කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ උන්වහන්සේගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව මෙම සැත්කම සිදුකර ඇති බවයි.

හලාවත රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තමන් විසින් තමන්ටම සිදු කර ගෙන තිබූ තුවාලවල තත්ත්වය උත්සන්න වීමෙන්
මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි.

මේ වන විට වටරැක විජිත හිමි හලාවත රෝහලේ හතරවැනි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්ථාවන නමුත් ඒ පිළිබඳව තොරතුරු කිසිවක් රෝහලෙන් පිටතට නොදීමට රෝහල් අධ්‍යක්ෂිකාව ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරන බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වෙතත් එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව වටරැක විජිත හිමියන් සිදුකරන අදහස් දැක්වීමක තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. සැත්කමෙන් පසු අදහස් දක්වන වටරැක විජිත හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.

ඔපරේෂන් එකක් කළා..මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම්...දෙයියනේ..බන්ධනාගාරයේදී බේත් දැම්මා..එකෙන් වැඩි උනා..ඊට පස්සේ පෞද්ගලික රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි උනා...ඉන් පස්සේ තමයි මේ ඔක්කොම නරක උනේ...

අම්මේ...අයියෝ...මම කුරා කුම්බියෙකුටවත් වරදක් කරලා නැහැ..මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තියෙන්න ඕන කියලා... අව්රුද්දක් තිස්සේ බොදුබල සේනාව මට කරදර කරනවා..ගහලා ගහලා මරලා දැම්මේ නැති එක විතරයි..

තවත් ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම ටික විතරයි..අයියෝ...මම ප්‍රාදේශීය සභාවේ රැස්වීමට යන්න හිටියේ 19 වෙනිදා...පැහැරගැනීමේ කතාව වෙනස් කරේ පොලිසිය..ඒක පොලිසිය කරේ..

මගේ ජීවිතයේ නින්දා අපහාස කරා...මට කරන්න තියෙන ඔක්කොම කරා..ඔක්කොම නරක වෙලා දැන් මගේ ජීවිතෙත් දැන් නැතිවෙන්න යන්නේ...මීට වඩා හොඳයි මාව පුච්චලා ගිනි තියල දැම්මනම්.


එහි හිරු නිවුස් වීඩියෝව පහතින්.
 
Related Posts with Thumbnails