Ads 468x60px

.

දේශපාලන හිතවත්කම මත අවලංගු ගුවන් ටිකට් එකකින් ජැකුලීන් කටුනායකින් එළියට ගිය හැටි


ප්‍රභූ පුතෙකුට 
දුන්නේ එක 
කෝල් එකයි.

පසුගියදා විවෘත කළ ආර්කේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්කෙවයාර් හි "කෑම සූත‍්‍ර" නම් සුපිරි ආපන ශාලාව පවත්වාගෙන යන ලාංකික සම්භවයක් ඇති බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඞ්ස් පසුගියදා ලංකාවට පැමිණ නැවත විදෙස් ගතවීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබෙන අතර එහිදී ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත්කොට තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍රය ලබාදී ටික වෙලාවක් ගතවු පසු ජැකලීන් විසින් එයට එතරම් වේලාව යන්නේ මන්දැයි විමසු විට දැනගෙන ඇත්තේ ඇගේ ගමන් බලපත්‍රයේ දත්ත පරිඝණක පද්ධතියෙන් අක්‍රිය වී ඇති බවයි.

තවදුරටත් පමා විය නොහැකි හෙයින් ජැකලීන් විසින් මෙරට ප්‍රභල දේශපලඥයෙකු ගේ පුතෙකුට ඇමතුමක් ලබාදී
තිබෙනවා. එම ඇමතුම
ලැබී සුළු වෙලාවකට පසුව ජැකලීන් හට කිසිදු කරදරයකින් තොරව ගුවන් තොටුපොලෙන් යාමට අවසර දී තිබෙනවා.

ජැකුලින් ෆර්ඩිනැන්ඩ්ස් මේ වනවිට සිටින්නේ ලන්ඩන් නුවරයි. කෑම සූත්‍ර අවන්හල විවෘත කිරීමට ලංකාවට පැමිණී ඇය ආපසු පිටත්ව ගියේ පසුගිය 18 වනදායි.

පසුගිය 13 වනදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමේදී ඇය කටුනායක ගුවන්තොටුපළ කවුන්ටරයට ඉදිරිපත් කර තිබෙන්නේ ගුවන්තොටුපළ පරිගනක පද්ධතියේ තොරතුරු ඇතුලත් නොවන කල් ඉකුත්වූ විදෙස් ගමන් බලපත්‍රයකි.

එම නිසා එතැන සිටි නිළධාරියා ජැකුලීන්ට ගුවන් තොටුපළින් එළියට යෑමට අවසර ලබාදී නොතිබුණි.

එසැනින් ඉහල දේශපාලන ප්‍රභූ පුතෙකුට ඇමතුමක් ගත් ඇය විස්තරය කියා තිබෙන අතර සුළු මොහොතකින් කටුනායක ගුවන් තොටුපළේ ඉහල නිළධාරීන් හරහා කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබී
තිබෙනවා.

ඒ කිසිදු පමාවකින් තොරව ඇයට ගුවන් තොටුපළින් එළියට ඒමට අවසර දෙන ලෙසයි. ඒ අනුව දේශපාලන හිතවත්කම මත වලංගු ගුවන් බලපත්‍රයක් නොමැතිව ජැකුලීන් කටුනායකින් එළියට පැමිණ පිටව ගොස්
තිබෙනවා.
 
Related Posts with Thumbnails