Ads 468x60px

.

ඔබට අවශ්‍ය දේ ගන්න දැන් සාප්පු ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ

ඇනවුම් කර 
පැය දෙකක් 
ඇතුළත ඔබ අතට..

ලෝකයේ දැන්  අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ලබාගත හැකි වෙබේ අඩවි විශාල සංඛ්‍යාවක් ඇත. මේවා අතර ප්‍රමුඛ තැනක් ගන්නේ ඇමේසන්, ඊබේ , එට්සි  ආදියයි. 1995 ජූලි 16 දින ආරම්භ කරන ලද ඇමේසන් ව්‍යාපාරය ට දැනට මිලියන 209කට වඩා පාරිභෝගික පිරිසක් සිටී. 

මෙමගින් සුනඛයින්ගේ ආහාර සිට නිවසක රූපවාහිනිය දක්වා වූ සෑම දෙයක්ම ඉන්ටර්නෙට් ඔස්සේ කරනු ලබන ඇනවුම්වලට සපයනු ලැබේ. 

මෙම සේවාවේ වැදගත්කම ඇත්තේ පරිගණකයෙන් අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන ඇනවුම් පැය දෙකක් ඇතුළත ගැණුම්කරුවා වෙත
යැවීමට කටයුතු කිරීමයි. විද්‍යුත් වාණිජ්‍යය  යටතේ මේ අයුරින් ලෝකයේ කෙරෙන වෙළෙඳාම්වල ධාරිතාවයෙන් 5ක්ම ඇමේසන් ව්‍යාපාරය මගින් සපයනු ලබයි. 

ලෝකයේ මෙමගින් කරනු ලබන වෙළෙඳාම්වල වටිනාකම ඩොලර් මිලියනයකටත් වැඩි බව වාර්තා වේ.

ඇමේසන් හි ප්‍රධානියා වන ජෙෆ් බෙසො කියන්නේ එහි ස්ථිර සාමාජික යින් දශලක්ෂයක් පමණ සිටින බවත්, ඔවුන් වසරකට සාමාන්‍යයෙන් ඩොලර් 1224ක් ද්‍රව්‍ය හා භාණ්ඩ ඇනවුම් කිරීමට ක්‍රියාකරන බවත්ය. මෙවැනි සාමාජිකයින් මිලියන 25ක් පමණ ඉදිරියේදී ළඟාකර ගැනීමට අපේක්ෂිතය.


ඇමේසන් ඩොට්කොම්  විසින් දැනට ලෝකයේ අසූනව තැනක මෙලෙස පාරිභෝගික අවශ්‍යතා සඳහා භාණ්ඩ සැපයීමට මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ඇමේසන් මධ්‍යස්ථානය විසින් මෑතකදී පිහිටු වූවක් වනුයේ  ඇමසන් පේ‍රෂ් නමින් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන අංශයයි. 


මෙහි භාණ්ඩ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයාට තෝරා ගැනීමට ඇත. දැනට මෙම සේවාව පිහිටුවා ඇත්තේ ඇමෙරිකාවේ පමණි. මෙහි සේවාවන් හි මිල අඩුය. වේගවත්ය. මේ හා සමානම සේවාවක් තවත් පිරිසක් විසින් සපයයි. 

එමගින් සිදුවන්නේ වබේ අඩවියක් ඔස්සේ ආයතන රාශියක භාණ්ඩ ලැයිස්තු ගතකොට ඉදිරිපත් කිරීමයි. මෙම සේවාව 2010 දී ආරම්භ කරන ලදී. ඩීනා වර්ෂව්ස්කයා නම් කාන්තාව විසින් ‘වනේලෝ’ නම් සාප්පු සවාරි අඩවියක් නිර්මාණය කර ඇත. 

බොහෝ අය සමාජයීය ජාල ඔස්සේ භාණ්ඩ අන්තර්ජාලයෙන් ලබා ගැනීමට ක්‍රියා කරති. වනේලෝ යටතේ දැනට මිලියන දහයක සාමාජික පිරිසක් සිටින අතර ඒ අයගේ සමාගම් 200,000ක් හා වෙළෙඳ නාම ලියාපදිංචිව සිටිති.
 
Related Posts with Thumbnails