Ads 468x60px

.

කේට් කුමරියගේ ගැබ් ගැනීම පිළිබදව විදෙස් මාධ්‍ය පලකර තිබූ වාර්තාවන් මෙන්න.


කේට් කුමරියට 
ළමයි හදනවා 
ඇරෙන්න 
වෙන වැඩක් 
නැතිලු

කේට් කුමරිය දෙවැනි වතාවට ද ගැබ්ගෙන ඇති බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

ගෙවුණු සතියේ ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් (Life & Style) සඟරාව තමන්ගේ කවරයෙන්ම මේ ආරංචියට විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුනේ කේට් කුමරියට ලැබෙන්න යන්නේ ගැහැණු ළමයෙක් ලෙසයි. කෙසේවුවද එහි වැඩිදුරටත් මේ ආරංචිය දක්වා ඇත්තේ නම සඳහන් කළ නොහැකි අයගෙන් තහවුරු කරගත් තොරතුරුමත මත බවයි.

“ඇයට මේ වතාවේදී වෙනසක් දැනෙනවාලු. ඒ නිසා ඔවුන් බලා‍පොරොත්තු වෙනවා මේ වතාවේ දුවක් ලැබේවි කියලා” නම නොකියන තොරතුරු සපයන්නා පැවසුවේ
එලෙස බවටද ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාවේ දක්වා තිබෙනවා.

එසේ ලැබෙන්නට සිටින්නේ දුවක් නම් ඇයට ඩයනා ලෙස නම් තබාවි යැයි ඩයනා කුමරියගේ කිට්ටුවන්තම හිතවතියක්ව සිටි මාරි පවසා ඇති බවද පැවසෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු සඟරාවක් දක්වා තිබුණේ කේට් කුමරියගේ මිතුරියක් වන ‘ජෙසිකා හේ’ කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන ආරංචිය තහවුරු කළ බවයි. කෙසේවුවද කේට් කුමරිය ගැන නිල ආරංචි ලබාදෙන කිංස්ටන් මාලිගය . “කේට් කුමරිය සහ ජෙසිකා හේ අතර සමීප සම්බන්ධතාවක් නැහැ.

කොටින්ම කේට් කුමරිය අවුරුදු ගණනකින් ජෙසිකා හේට කතා කරලා වත් නැහැ” යනුවෙන් කිංස්ටන් මාලිගයේ ප්‍රකාශකයා නිවේදනය කර තිබිනි. ජෙසිකා හේ ගැන එසේ පැවසුවද කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකිරීමටත් අදාල ප්‍රකාශකයා පරිස්සම් වී තිබිනි.

මේ කේට් කුමරියගේ ගැබ් ගැනීම පිළිබදව විදෙස් මාධ්‍ය පලකර තිබූ වාර්තාවන්,
 
Related Posts with Thumbnails