Ads 468x60px

.

චන්න ඇරෙන්න මම කැමැති තවත් පිරිමියෙක් ඉන්නවා, එත් නම කියන්න බෑ - ගයත්‍රි ඩයස්


මම විශ්වාස 
කරන්නේ  
නයනා විතරමයි.

ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා මාධ්‍යට වසන් කරමින් දික් කසාද වී ඇති අතර දෙදෙනාම එකම නිවසක වෙන වෙනම වාසය කරන බවත් ඔවුන් දෙදෙනා දික්කසාද වී එකම නිවසේ තට්ටු දෙකක වාසය කරන බවටත් මීට පෙර වෙබ් අඩවි කිහිපයකම සඳහන් කොට තිබුනා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ යුවළ තරම් කටකතා වලින් බැටකෑ තවත් දෙදෙනෙකු අප කලා ක්ෂේත්‍රයේ නොමැති නමුත් ඒවායින් නොසැලී අචල විශ්වාසයෙන් බැඳී අද වනතුරුත් ඔවුන් ගත කරන්නේ සුන්දරත්වයෙන් හෙබි පවුල් ජීවිතයක් බවයි.

මේ සියලුම කරුණු ගැන දැනගන්න අපි ගයත්‍රිගෙන්ම අහලා බලමු.

ක්ෂේත්‍රයට ආ හැටි -  
රූ රැජන තරගයකින් ජයග්‍රහණය කරලා.

තමන්ගේ කැමැතිම රංගනය - 

‘නයන මීන’

තමන්ගේ අසාර්ථකම රංගනය - 

මම හිතන්නේ නෑ මම සාර්ථක රංගන ශිල්පිනියක් කියලා. මොකද රඟපාන්න හොඳ චරිත ලැබිලා නෑ.

ක්ෂේත්‍රයේ වැඩිපුරම විශ්වාස කරන කෙනා - 

නයනා කුමාරි

තමන්ට තරගයක් කියලා හිතන නිළිය -  

එහෙම කවුරුත් නෑ.

චන්නව එක වැකියකින් විස්තර කළොත් - 

තනි තීරණ ගන්න කෙනෙක්.

චන්න හැරුණුකොට වඩාත්ම කැමැති පිරිමියා - 

එහෙම කෙනෙක් ඉන්නවා. නම කියන්න බෑ.

චන්නත් - යශෝධාත් ගැන කටකතා තිබුණු කාලේ මොකද හිතුණේ -  

මම චන්නට වැඩිය යශෝධාව විශ්වාස කළා.

වැඩිපුර ජනප්‍රිය චන්නද ගයාත්‍රිද - 

චන්න

චන්නගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද - 

මගේ ළමයි දෙන්නා.

ආදරය අන්ධයිද -  

අනිවාර්යයෙන්ම.

පාසල් ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ - 

සුන්දර ඇති.

පාසල් ප්‍රේමයක පැටලිලා තියෙනවාද - 

නෑ.

කලා ලෝකයේ අනියම් සබඳතා වැඩිද - 

සමහර විට එහෙම වෙන්න ඇති.

විවාහක පිරිමි-ගැහැනු අය අනියම් සබඳතාවල පැටලෙන්නේ ඇයි - 

සමහර විට තමන්ට නොලැබෙන දේ හොයාගන්න.

ෙදෙනික ජීවිතයේ නැතිවම බැරි උපකරණ තුනක් - 

කාර් එක, මොබයිල් ෆෝන් එක, පර්ස් එක.

මාසෙක රූපලාවණ්‍ය වියදම කීයද - 

මගේ සැලුන් එක නිසා ඒවා නොමි‍ලේ. ගාණක් කියන්න අමාරුයි.

දුරකථනය නැතිව දවස් කීයක් ජීවත් වෙන්න පුළුවන්ද - 

එක විනාඩියක්වත් බෑ.

ඉටුකරගන්න බැරිවුණු ජීවිත අරමුණ මොකක්ද - 

අසීමිත ලෙස සාර්ථක වීම.

මිනිස්සු වයසට යන එක ගැන මොකද හිතන්නේ - 

ඒක ලෝක ස්වභාවය.

නම -  
වැකුණගොඩ ගයාත්‍රි ඉරෝෂා ඩයස්

වෙනත් නම්

ජී ත්‍රී

ගම - 

මාතර

වයස (කැමැති නම්) -  

අවුරුදු 36

එක පේළියකින් තමන්ව හඳුන්වන්න -  

මහ මෝඩයි
 
Related Posts with Thumbnails