Ads 468x60px

.

අයිස් බකට් චැලේන්ජ් නිර්මාතෘ දැයෙන් සමුගනී.


ජල තටාකයක 
පීනන්න ගිහින්
දියේ ගිලෙයි.

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය අයිස් බකට් චැලේන්ජ් වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම
අමෙරිකානු ජාතික පුද්ගලයා ඉතා ඉහළ ස්ථානයක සිට ජල තටාකයට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බවයි.

මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ. මෙහිදී
අභියෝගය භාරගන්නා පුද්ගලයා චාලක න්‍යුරෝන ආබාධයට එරෙහි අරමුදලට අමෙරිකානු ඩොලර් 100ක් බැර කළ යුතු ය.

27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකි. හේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය. ග්‍රිෆින්ගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ ඔහු Ice Bucket Challenge සංකල්පය ආරම්භ කර තිබේ.

එහි තවත් විස්තර පහතින්

‘අයිස් බකට් චැලේන්ජ්’ වැඩසටහනේ නිර්මාතෘ වන ‘කොරේ ගි‍්‍රෆින්’ මැන්චෙස්ටර් හි නන්ටකට් මුහුදේ ගිලීමෙන් මරණයට පත් වී තිබේ. 27 හැවිරිදි වියේ පසුවන ගි‍්‍රෆින් පසුගිය සෙනසුරාදා උස ස්ථානයක සිට වතුරට පැනීමේ දී මුහුදේ ගිලී ගොස් ඇත.

අයිස් වතුර බඳුන් තුනකින් නෑමට එකිනෙකාට අභියෝග කරන අභියෝගාත්මක වැඩසටහන ‘අයිස් බකට් චැලේන්ජ්’ නමින් හැඳින්වේ. ගි‍්‍රෆින් මෙම වැඩසටහන නිර්මාණය කළේ නියුරෝන ආබාධයකින් පෙළෙන සිය මිතුරෙකු වන පෙටේ ෆ‍්‍රාට්ස් හට ආධාර ලබා දීම සඳහා ය.


2012 වසරේ දී ආරම්භ කළ මෙම වැඩසටහන දැන් ලොව පුරා ජනපි‍්‍රය වී ඇති අතර ලොව පුරා වෙසෙන නියුරෝන ආබාධිත රෝගීන්ට ආධාර සැපයීමට මෙමඟින් උපකාර කෙරේ.

ලෝකයේ බලවත් සේම ජනපි‍්‍රය පුද්ගලයන් මෙම වැඩසටහනට සම්බන්ධ වේ. අභියෝගය බාර ගන්නා පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත අයිස් වතුර බඳුන් තුනකින් නෑම කළ යුතුය. 


තමා අභියෝගය බාර ගන්නා බව පවසන අයෙකු තාම අයිස් වතුරෙන් නාන අයුරු වීඩියෝගත කිර එ්වා ප‍්‍රදර්ශනය කිරීම ද කළ යුතු වේ. අනතුරුව ඔහුට හෝ ඇයට අයිස් වතුරෙන් නෑමට තවත් පුද්ගලයෙකු නම් කළ හැකිය.

අයිස් වතුරෙන් නෑමේ අභියෝග බාර ගන්නා අයෙකු ඩොලර් 10කින් නියුරෝන ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට ආධාර සැපයීමේ වැඩසටහනට ආධාර කළ යුතු අතර නම් කරන ලද අභියෝගය බාර නොගන්නා අයෙක් ඩොලර් 100කින් ආධාර කළ යුතු වේ.


 
Related Posts with Thumbnails