Ads 468x60px

.

එම්. ජී. ධනුෂ්ක එප්පාවල ප්‍රසංගයට පොල්ල තිබ්බට නරඹන්නෝ සංවිධායකයන්ට පහර දුන් හැටි.


පුන පුනා නිවේදනය කළත් 
ධනුෂ්ක ආවේ නැත්තේ ඇයි.?

දෙරණ රූපවාහිනී නාලිකාවේ ඩී්‍රම් ස්‌ටාර් දෙරණ රියෑලිටි සංගීත වැඩසටහනේ වැඩිම එස්‌. එම්. එස්‌. ප්‍රමාණයක්‌ ලබා ගෙන සුපිරි සිහින තරුව බවට පත් වුයේ ගායන ශිල්පී එම්. ජී, ධනුෂ්කයි.

ඔහු එප්පාවල, එළියදිවුල්වැව ක්‍රීඩාංගණයේදී පැවැති සංගීත ප්‍රසංගයකට සංවිධාකයන්ට පොරොන්දුවූ පරිදි එයට සහභාගී නොවීම නිසා කෝපයට පත් රසිකයන් පිරිසක්‌ පසුගිය 30 වැනිදා අලුයම නොසන්සුන් කාරී ලෙස හැසිරෙමින් ප්‍රසංග සංවිධායකයන්ට පහරදී එහි තිබූ පුටු ඇතුළු භාණ්‌ඩ වලට අලාභහානි සිදු කිරීම හේතුවෙන් රුපියල් හය ලක්‍ෂයක පමණ අලාභයක්‌ සිදු වී ඇති බව අපට වාර්තා වුණා.

මෙම සිද්ධියෙන් එක්‌ අයෙකු තුවාල ලබා තිබුණු අතර එම්. ජී, ධනුෂ්ක එයට ප්‍රතිචාර දක්වා තිබුනේ "මට එස්.එම්.එස් කළා කියලා මට පේන්නේ ඉස්සරහාට මිනිසුන්ගේ ටොයිලට් හෝදන්නත් වෙයි වගේ. එහෙම කරන්න බෑ මට" යනුවෙනුයි.


එම සංගීත ප්‍රසංගය එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක්‌ විසින් සංවිධානය කර තිබු අතර තහඩු වලින් ආවරණය කොට එය
නැරඹීමට පැමිණි අයගෙන් රුපියල් දෙසීය බැගින් මුදල් අය කොට පවත්වා තිබෙනවා.

දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්‌ඩායමක්‌ සංගීතවත් කළ මෙම සංගීත ප්‍රසංගයට එම්. ජී. ධනුෂ්ක පැමිණෙන බව ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදු කළ නිවේදකයා රසික ජනතාවට පුන පුනා නිවේදනය කළත් ප්‍රසංගය අවසන් වනතුරු ඔහු නොපැමිණීම නිසා ඔහුගේ ගී ඇසීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රසංගය නැරඹීමට පැමිණි තුන් දහසක්‌ පමණවූ රසිකයන් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී
තිබෙනවා.

මෙහිදී ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයන්ට පහරදී ඇති රසික ජනතාව ප්‍රසංග වේදිකාවට ගල් ප්‍රහාරයක්‌ එල්ලකොට වේදිකාවේ තිබූ සංගීත භාණ්‌ඩවලට, වර්ණ විදුලි අලෝක පද්ධතියට සහ වේදිකාව ඉදිරිපිට තිබු ප්ලාස්‌ටික්‌ පුටුවලට පහරදී කඩා බිඳදමා අලාභහානි සිදුකොට තිබෙන අතර තවත් රසිකයන් පිරිසක්‌ පුටු දෙසියකට ආසන්න සංඛ්‍යාවක්‌ ක්‍රීඩාපිටිය ආවරණය කර තිබූ තහඩු සහ යකඩ බට තම නිවෙස්‌වලට රැගෙන ගොස්‌
තිබෙනවා.

මේ පිළිබඳව කළ විමසුමකදී ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයකු පැවැසුවේ ප්‍රසංගයට සහභාගි වන බවට වූ පොරොන්දුව මත එම්. ජී. ධනුෂ්කගේ බැංකු ගිණුමකට රුපියල් විසිදහසක අත්තිකාරම් මුදලක්‌ බැර කළ බවයි. 


නමුත් ඔහු පෙරදින රාත්‍රී කුරුණෑගලදී පැවැති ප්‍රසංගයට සහභාගිවීම නිසා තම ප්‍රසංගයට සහභාගි නොවූ බවද හෙතෙම කීය. කෙසේවුවද තම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ මෙම ප්‍රසංගය අතරතුර ඇතිවූ සිද්ධිය දැනගත් වහාම එප්පාවලට පැමිණි එම්. ජී. ධනුෂ්ක තමන් අතින් වරදට සමාව අයෑද ක්‍රීඩා සමාජයට සිදුවූ අලාභය ගෙවීමට පොරොන්දුවූ බවත් ප්‍රසංග සංවිධායකයා කීවේය.

ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක වුනු හැටි මෙන්න
ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක වුනු හැටි මෙන්න. - See more at: http://www.hotandfastnews.com/2014/09/blog-post_24.html#sthash.Zb9rIliZ.dpuf
ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක වුනු හැටි මෙන්න. - See more at: http://www.hotandfastnews.com/2014/09/blog-post_24.html#sthash.Zb9rIliZ.dpuf
ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක වුනු හැටි මෙන්න. - See more at: http://www.hotandfastnews.com/2014/09/blog-post_24.html#sthash.Zb9rIliZ.dpuf
 
Related Posts with Thumbnails