Ads 468x60px

.

අක්‌කාගේ තනියට ආ නංගීව ඇඳට ගන්නකොටම අක්‌කාගේ අතටම අසුවූ මස්‌සිනා.

අක්‌කාගේ තනියට ඇය පදිංචි නිවසට පැමිණි බාලවයස්‌කාර පාසල් නැගණිය දූෂණය කළ මස්‌සිනා කෙනෙකු පිලිබඳ පුවතක් තල්ගස්‌වල පොල්පැලකැටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

පාසල් නිවාඩු දිනවලදී අක්‌කාගේ තනියට හා උදව්වට ඇය පදිංචි නිවසට පැමිණි නැගණිය පිටිගලට නුදුරු පාසලක 10 වසරේ අධ්‍යාපනය ලැබූ සුරූපී තරුණියකි. සෑම නිවාඩු දිනකදීම ඇය තම අක්‌කා පදිංචි නිවසේ ගත කිරීම පුරුද්දක්‌ කරගෙන තිබෙනවා.

ඒ අතරතුර අක්‌කාගේ පුරුෂයා (මස්‌සිනා) සමග ඇය හොර රහසේම සම්බන්ධයක්‌ ගොඩනඟාගෙන
තිබුණු අතර අක්‌කා නිවසින් බැහැර ගිය
අවස්‌ථාවක මස්‌සිනා විසින් ඇය දූෂණය කර තිබෙනවා.

මස්‌සිනාගේ ඉල්ලීම මත දැරිය මෙම සිද්ධිය රහසක්‌ වශයෙන් තබාගෙන ඇතත් මස්‌සිනා සමග නිවසේ අඹු සැමියන් වශයෙන් සිටින අවස්‌ථාවක අක්‌කාගේ අතටම අසුවී අක්‌කා විසින් දැරියගෙන් මේ පිළිබඳව විමසන අවස්‌ථාවේ ඇය සියලු තොරතුරු හෙළිකර
තිබෙනවා

කාලයක්‌ තිස්‌සේ මස්‌සිනා සමග අඹු සැමියන් වශයෙන් ගත කිරීම නිසා එම දැරිය ගැබ්ගෙන ඇති බවට සැකකරන පොලිසිය ඇය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මස්‌සිනා සැප්තැම්බර් 18 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් ජනක රුවන්පුර මහතා ඉකුත්දා නියෝග කළ අතර මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තල්ගස්‌වල පොල්පැලකැටිය ලිපිනයේ පදිංචි කේ. එච්. ජී. චතුරංග (22) නමැත්තෙකි.
 
Related Posts with Thumbnails