Ads 468x60px

.

මව්ආර වැවේ මඩේ එරී සිටි අලියාගේ වලිගය කැපූ නිසා අධික ලේ වහනය වීමෙන් මියයයි.

උඩවලවේ ජාතික වනෝද්‍යානයේ මව්ආර වැවේ මඩේ එරී සිටි අලියාගේ වල්ගයෙන් කොටසක්‌ කිසිවකු විසින් කපා ගෙන ගොස්‌ තිබුණු පුවතක් ඊයේ දිනයේ (09) අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මඩේ එරී සිටියදී එම පිරිස විසින් වලිගය කපාගෙන යැම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ එම වල් අලියා පෙරේදා (08 වැනිදා) මියගොස්‌ තිබෙන බවයි.

මඩේ එරී සිටි අවුරුදු 3 1/2 ක්‌ පමණ වයසැති අලියා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව වනයට මුදා හැර තිබුණා. එහෙත් දැඩි ලෙස රෝගාතුර ව සිටි මෙම අලියා මව්ආර ජලාශයේ වැව් පිටියේ වැටී මියගොස්‌ සිටියදී ඊයේ සවස සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්වූ පශූ වෛද්‍යවරයා කියා සිටියේ මෙම වල් අලියාගේ වලිගය කපා දැමීම නිසා සිදුවූ අධික

ලේවහනයෙන් එම සත්වයා මියයන්නට ඇති බවයි.

මව්ආර ජලාශයේ මඩේ එරී සිටි මාස 6 ක්‌ වයසැති අනෙක්‌ අලි පැටවා ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවනට ගෙන ගොස්‌
තිබෙනවා.

මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (9 දා) උඩවලව ඇත්අතුරු සෙවනේ පශූ වෛද්‍ය විජිත පෙරේරා මහතා විසින් සිදු කිරීමට නියමිතව
තිබුණා.

මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන්ම පරිසර හිතකාමීන් බොහෝ දෙනකුද කම්පාවට පත්ව සිටින අතර වලිගය කැපූ පුද්ගලයන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත.


අලි වලිගයේ දිගු කෙඳි කෙරෙහි ලොබ බැඳ ගත් කාලකණ්‌ණි පෙරේතයා
 
Related Posts with Thumbnails