Ads 468x60px

.

මම අනුර කුමාර දිසානායකට කැමැතියි - ගලගොඩ අත්තේ ඥානසාර හිමි


මටත් ඔයාට දැනෙන 
හැඟීම්, ආශා, රාගය 
තියෙනවා.

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සාමාන්‍යයෙන් භික්ෂුවක ගෙන් නොඅසන සහ භික්ෂුවක පිළිතුරු නොදෙන කරුණු ඇතුළත් අමුතුම ආකාරයේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව අපට වෙත වාර්තා වෙනවා. 

තමන්ට ගිහි කාලයේ පෙම් සබඳතා පැවති බවත් තමන් මස් මාංශ ඇතැම්වා අනුභව කරන බවත් දුම්වැටි හෝ මත්පැන් පානය නොකරන බවත් අරුණි සමග චැට් එකට එකතු වෙමින් උන් වහන්සේ මේ අදහස් පළ කර තිබුණා. මෙහි විශේෂ සිදුවීම නම් සම්මුඛ සාකච්ඡාව සිදු කර තිබුනේ දෙදෙනාම සම අසුන් ගෙනයි.

එම අපුරු සම්මුඛ සාකච්ඡාව පහතින්.


01.ඇත්තටම ඔබවහන්සේ කවුද? කොහේ ඉඳලද ඔබ වහන්සේගේ ආගමනය සිදු වුණේ?

ඉතා හොඳ ප්‍රශ්නයක්. මම ගැන දැන් කතා කළාට ඊට පසුබිම හැදෙන්න අවුරුදු 20ක් විතර ගත වුණා. ජාතික, ආගමික, සමාජයීය මෙහෙවරේ ඉතා දීර්ඝ කාලයක් මම යෙදිලා හිටියා. ඒ ඉතා නිහඬව. මම හිතනවා
මේ අපි මතු වෙන්න ඕන යුගය කියලා. කවුරුත් කා අතරත් අද මම විවාදාපන්න චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒක අහඹුවක් නෙවෙයි.

02.කාලයක් නිහඬව හිටියත් දැන් ඔබ වහන්සේ මේ රටේ ඉතාම ජනප්‍රියයි. ඔබවහන්සේගේ උපතත් සමඟ මේ ගැන අනාවැකි පළ වුණාද?

මට මතකයි පුංචි කාලේ එවැනි දේවල් කේන්දරය බලලා කියල තිබුණා. නමුත් පැවිදි වෙනවා කියලා නම් එහි තිබුණේ නැහැ. කේන්දරයේ තිබුණේ හමුදාපති දක්වා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි.

ඉතින් ඒවා සියල්ල කෙසේ හෝ වේවා කුමන හෝ යුග මෙහෙවරක් කරන්න යෙදිලා ඇති. ඒකට සාංසාරික පුරුද්දකුත් ඇති. ඒ සාංසාරික පුරුදු ඕනෑම ජීවිතයක කොයියම්ම හෝ මොහොතක මතු වෙන්න පුළුවන්.

03.ඔබ වහන්සේගේ අරමුණ දේශපාලනිකයිද? ආගමිකයිද?

මේ දෙකම. අපි කවුරුත් දේශපාලනයෙන් වියුක්ත නැහැ. හැම මනුෂ්‍යයා ටම එය පොදුයි. අපි උපදිනකොටම කුමන හෝ දේශපාලනයකට සම්බන්ධයි. නමුත් අපි විශ්වාස කරනවා අපි කරන්නේ ඓතිහාසික යුග මෙහෙවරක් කියලා. 

රටේ රජු අධාර්මික වෙද්දි, ජනතා අප්‍රසාදයට පත් වෙද්දි යහපත් දරුවෙක් ව සසුන්ගත කරලා, පන්සල් හදලා, නිසි වයසට පැමිණි පසු සිවුරු ගලවලා රජ කරවපු ඉතිහාසයක් අපට තියෙන්නේ. ඉතින් අපි කරන්නේ ඒ ඓතිහාසික දේශපාලනය. යුගය විසින් පවරාපු වගකීම. අපි ඊට අදාළව වැඩ කරනවා පමණයි. එයින් එහාට අපිට කිසිම න්‍යායක් නැහැ.

04.නිර්දේශපාලනිකයි කිව්වට ඔබ වහන්සේ පිටුපස ප්‍රබල අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් තිබෙනවා නේද?

ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම පිළිකුලින් යුතුව හෙළා දකිනවා. මොකද මේ රටේ මොන දේ කරන්න ගියත් හෙළාදකිනවා. අපි ඇන්දත් වැරැදියි. හිටගත්තත් වැරැදියි. ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. නමුත් මම වග කීමෙන් කියනවා බොදු බල සේනාව හා මා පිටුපස අපව මෙහෙයවන දේශපාලන හස්තයක් නැහැ. 

අපේ නායකයා බුදුහාමුදුරුවෝ. ගොඩක් සංවිධාන තියෙනවා ඒ අය නටන්නේ ඒ සංවිධානවල නායකයෝ හෝ කාගේ හෝ පදයකට. ඒත් අපි යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වපු ගමන් මඟේ. අපේ පදය ධම්මපදය අපි නටන්නෙ ඒ පදයට.

05.ආණ්ඩුව මඟින් බොදු බල සේනාව මෙහෙයවනවා කියන කතාව බොරුද එතකොට?

අපි සාර්ථක වෙද්දි මේ රටේ දේශපාලන පක්ෂ හැසිරුණු විදිය අපි දැක්කා. අපිට ආණ්ඩුව, විපක්ෂය චෝදනා කරනවා. සමහරු කියනවා අපි ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරනවා කියලා. 

කවදාවත් දැකලා තියෙනවාද අපිට රජයේ මාධ්‍යයකින්, රජයේ පත්තරයකින් ඉඩක් දෙනවා. ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ අපේ පිටුපස රජය හෝ රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් නැහැ කියන එකයි.

06.බොදු බල සේනාවට සම්බන්ධ වෙන්න කලින් ඔබවහන්සේ වැඩවිසුවේ කොහේද?

මම මුලින්ම ගාල්ලේ වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ විසුවා. ඒ මගේ ගුරු බිම. ඉන් පසුව අපේ විදේ‍යාදය තමයි ගුරුකුලය. ඒවාහි වැඩිදුර අධ්‍යාපනය හදාරලා තමයි පරිවේණාධිපතිවරයෙක් විදියට ඉඳලා 98 අවුරුද්දේ ඉඳලා සම්පූර්ණයෙන්ම මම මේ ජාතික වැඩපිළිවෙළට එකතු වුණා. පරිවේණාධිපති තනතුරුවලින් පවා විශ්‍රාම අරගෙන පූර්ණකාලීනව මම මේ දේවලට එකතු වුණා.

27.ඔබවහන්සේව මාධ්‍ය තුළ නිරන්තරයෙන් හමු වන්නේ ආවේගශීලී භික්ෂුවක් විදියට. ඇයි වැඩිපුර බණ දහම් දෙසන්නෙ නැත්තේ?

මගේ ඩයරිය මේ මොහොතේ බැලුවොත් ඔබට පෙනෙයි මම මාසෙට බණ දෙසුම් 15ක් පමණ කරන බව. සාමාන්‍යයෙන් මගේ ධර්ම දේශනා වලට 3,000 පමණ එනවා. ලංකාවේ සමහර ගුවන් විදුලි නාළිකාවල වැඩිපුරම විකාශය වෙන්නේ මගේ වැඩසටහන් නම නොකිව්වාට.

මට සමාජය නිවන්න පුළුවන් ඉතා හොඳ ආධ්‍යාත්මික කටහඬක් තියෙනවා. මට මණ්ඩපයට ගියොත් පිරිත් කියන්නත් පුළුවන්. වටාපත අරගෙන භාවනාවට කමටහන් දෙන්නත් පුළුවන්. 

බණ කියන්න, බෝධිපූජාව තියන්නත් පුළුවන්. නමුත් ඒ සියල්ල අමතක කරලා තමයි මම මේ ජාතික වගකීම හිසින් දරා ගන්නේ. මම මේ වැඩපිළිවෙළට සම්බන්ධ නොවුණා නම් අද මම මේ රටේ ඉන්න ප්‍රසිද්ධ සහ ජනප්‍රියම ධර්ම දේශකයා වෙන්න ඉඩ තිබුණා.

28.ඔබවහන්සේට පුළුවන් නේද ඉතින් ආවේගශීලී නොවී මේ දේවල් කියන්න?

මම ආවේගශීලීයි. කියන දේ ඇත්ත වුණාට කතා කරන විදිය හරි නැහැ. ඒ සංඝයා වහන්සේ කතා කරන්න දන්නේ නැහැ ආදී ලෙස ඉතාමත් තදබල විවේචන මට තිබෙනවා. දරුවෙක් වරදක් කළාම මවුපියෝ මුලින්ම කරන්නේ බොහොම ආදරයෙන් අවවාද කරන එක. 

ඒත් දෙවැනි වරටත් ඒ වරදම කරනවා නම් ආදරේ වුණත් කරන්නේ සැර පරුෂ විදියට බනින එක. තුන් වෙනුවත් ඒකම කරනවා නම් කරන්නේ දඬුවම් කරන එක.

අපි මේ රටේ නායකයන්ට වගකිව යුත්තන්ට මේ දේවල් ඉතා හොඳින් කිව්වා. නිවුණු ස්වරයෙන් කිව්වා. අහන පාටක් නෑ. ඒ නිසා අපි තීරණය කළා සිංහලයාට දැනෙන භාෂාවෙන් අමතන්න. ඒක හරියටම හරි ගියා. අපිට නිවන්න ඕන තැන්වල නිවන්නත් පුළුවන්. අවුළන තැනක අවුළන්න ඕන නම් ඒකටත් අපි ලෑස්තියි.

29.ඔබවහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වුණේ වයස කීයෙන්ද?

අවුරුදු 14න්.
30.ඇයි සසුන්ගත වෙන්න හිතුවේ?

පුංචි කාලේ ඇති වුණු සිතිවිල්ලක් එක්ක. මවුපිය විරෝධතාව මත තමයි මම මහණ වෙන්නේ. මට මහණ වෙන්න උදවු කළේ මගේ ආච්චි. මොකක් හෝ පුණ්‍යවන්ත සිතිවිල්ලක් ඇති වෙන්න ඇති. 

අපි ගම්වල උදවිය. මම ගාල්ලේ, ඇල්පිටියේ. මේ සංසාරය ගැන, බුද්ධ ශාසනය ගැන එහෙම ලොකු අවබෝධයකින් නෙවේ මම මහණ වුණේ. අපිට තිබුණේ දහම් පාසලෙන් ලබා ගත්තු දැනුම විතරයි. 1989දී තමයි මම මහණ වුණේ. දැන් මට අවුරුදු 39ක්. 

අපේ ගමේ ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ පිරිසක් සිටියා. උන්වහන්සේගේ වැඩ කරන ආකාරය, උන්වහන්සේගේ දේශනා ගැන මට ඇල්මක් ඇති වුණා. එහෙම තමයි මහණ වුණේ. නැතිව ජීවිතය, සංසාරය ගැන කලකිරිලා හෝ ඒ ගැන දැනගෙන නෙවෙයි.

31.ඔබවහන්සේට අවස්ථාවක් ලැබුණොත් තෝරාගන්නේ නිර්වාණ සම්පත්තියද ජනාධිපතිකමද?

නිර්වාණය පාරමී පුරලා ලබාගත යුත්තක්. ඒක ලෙහෙසියෙන් පහසුවෙන් ලබා ගන්න බැහැ. බුදු, පසේබුදු, මහ රහත් බවට පත්වෙලා තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ආත්ම භාව සිය ලක්ෂ ගණනක කරන පාරමිතාවල ප්‍රතිඵලය තමයි නිවන. ඒකට අපි වෑයම් කරන්න ඕනා.

නිවන තමයි පරම අපේක්ෂාව. නමුත් ඉන් මෙපිට ජීවත් වන සමාජය දුකට පත් වෙනවා නම් දුකින් මුදවලා බෝධිසත්ව චර්යාවෙන් අපිට වැඩ කරන්න පුළුවන් නම් එයයි අපේ යුතුකම. හැබැයි ඒකට මේ රටේ ජනාධිපති වෙන්නම ඕන නැහැ.

32.ධම්ම සාකච්ඡා ධම්ම සවනං තවමත් මේ සමාජයට ගැළපෙනවාද?

මේ සමාජය ජරාජීර්ණ වෙලා. මිනිසුන්ට කන්න නෑ. පවුල් බිඳිලා, දුරාචාරයට ගොදුරු වෙලා. නන්නත්තාර වෙලා. කොච්චර බණ කියනවද? කෝ අහන කෙනෙක්, කෝ සැනසෙන කෙනෙක්. 

ඉස්සර වෙලාම මිනිස්සු සන්තෝෂයෙන් නිරෝගීව වාසනාවන්තව දිවි ගෙවන පරිසරයක තමයි කියන දෙයක් ධාරණය වෙන්නේ. බඩගින්දරින් ඉන්න මිනිසුන්ට කියන බනින් ඇති වැඩක් නැහැ. අපි මුලින්ම කරන්න ඕනා කුසගිනි නිවන එක.

33.යොවුන් වියේ මහණ වුණු ඔබවහන්සේට ගිහි ජීවිතය තුළ ප්‍රේමය ගැන අත්දැකීම් තිබිලා තියෙනවාද?

අනිවාර්යයෙන්ම. අවුරුදු ‍ෙදාළහේ දහතුනේ ඉඳලම මට එහෙම සබඳතා තිබුණා. කොලුකම කෙල්ලෝ පස්සේ ගියා. එය හරි සුන්දරයි. අපි ඉතින් ඇස්වලින් ඉඟිබිඟි පෑවා. එහෙම අතීතයක් මටත් තිබුණා. නමුත් මට මතක විදියට අවුරුද්දක් දෙකක් විතර එහෙම හැඟීම් මෝදු වුණා. මහණ දිවියට ඇතුළත් වුණාට පසුව ඒ සේරම වතුරෙ ගියා.

34.පෙම්වතියක් ඒ කාලේ හිටියද?

එහෙම එක්කෙනෙක් නෙවෙයි. මට ඉතින් ඒ කාලේ සාහිත්‍ය සංගමයේ ආදී සංගම්වල මොනදේ තිබ්බත් මම තමා ගීත ගායනා කරන්න දක්ෂ. ඉතින් ඒ වගේ දේවල් නිසා මට හරියට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය හිමි වුණා. ටොෆි, චොක්ලට් දෙන්න, තේ දෙන්න ඕන තරම් කෙල්ලෝ හිටියා. අහවලා කියලා පෙම්වතියක් හිටියේ නැහැ.

35.නන්ද හාමුදුරුවන්ටත් ගිහි ජීවිතයේ පෙම් කළ ජනපද කල්‍යාණිව අමතක කරන්න බැරි වුණා. ඔබ වහන්සේ පැවිදි වුණාට පසුව ගිහි දිවියේ පෙම්වතියන් අමතක කරන්න පුළුවන් වුණාද?

එහෙම හැඟීම් මතු නොවුණා නෙවෙයි. මනුස්සකමට එහෙම වුණත් අපි ගිහි ජීවිතයේ ඉඳලා පැවිදි ජීවිතයට ආව සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා නෙවෙයිනේ එන්නේ. මටත් ඔබට දැනෙන හැඟීම්, ආශා, රාගය ආදී හැඟීම් විවෘතයි. මට කියලා ඒක විශේෂයක් නැහැ. 

නමුත් යම් වැඩපිළිවෙළකට හිත යොමු කළාට පසුව ඒ ශික්ෂණය නිසා ඒ දේවල් යටපත් වෙනවා. ඒ පරිසරය තුළ කවදාවත් ස්ත්‍රියකට ළං වෙන්න ආරරය කරන්න ඉඩ නැහැ. ඒ හැඟීම් සේරම මැරිලා ගිහින් ඉවරයි.

36.සුන්දර කාන්තාවක් දුටුවාම කවදාවත් ඔබවහන්සේගේ සිත සැලිලාම නැද්ද?

මෙහෙමයි. ලස්සන දෙයක් දැක්කොත් ඒක ලස්සනයි කියලා විඳගන්නවා. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි ඒක දකිනවා ඒක කර තියාගෙන යන්නේ නෑ. ඒ මොහොතේ ඒ සුන්දරත්වය දැක්කා. "ලස්සන කෙනෙක්" කියලා හිතුවා. ඒ හැඟීම ඒ මනෝභාවය පමණයි. එතැනින් එහාට කරේ තියාගෙන ඉන්නේ නැහැ.

37.ගිහි ජීවිතය තුළ ඔබවහන්සේ මත්පැන්, දුම්වැටි පානය කළාද?

කවදාවත් නැහැ.

38.බුදුරජාණන් වහන්සේටත් පෙම් බැන්ද ස්ත්‍රීන් හිටියා. තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට ඔබට ස්ත්‍රීන්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා නැද්ද?

අනන්තවත් එහෙම දේවල් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙනවා හැසිරෙන්න ඕනෑ විදිය. මේ වගේ දේවල් වීම හරිම සාමාන්‍යයයි, ස්වාභාවිකයි.

අවස්ථා කිහිපයකදී මම එවැනි අපහසුතාවන්ට ලක්වුණා. මට මතකයි 2004 අමා වැස්ස කරන කාලේ හෙළ උරුමය පටන්ගන්න උදවු කරන කාලේ අපි ට්පධභදඤ එකේ වැඩ. එතැනදි මම කවදාවත් දැකලා නැති තරුණියක් ඇවිත් මං දිහාම බලාගෙන ඉන්නවා. 

මම යන යන තැනට එනවා. ඇය දිගටම එහෙම ආවා. මම යන්නේ කොතැනද එයා එතැන බලාගෙන ඉන්නවා. පසුව එතැන වැඩිහිටියන්ට මේ ගැන කිව්වා. එතකොට තමයි මම දැන ගත්තේ අර තරුණිය මට ප්‍රේම කරන නිසා කොයි තරම් මානසික පීඩාවෙන්ද ඉන්නේ කියලා. 

මාව දකින්න ඕනෑ, නොදැක ඉන්න බෑ කියලා තිබුණාට ඇය කවදාවත් මා සමඟ කතා කරලා නැහැ. මම පැයක් උන්නත් ඇය එතැන බලාගෙන ඉඳලා යනවා විතරයි.

බුදුන් අපිට දේශනා කළා එවැනි අවස්ථාවල මැය මගේ අක්කා වගේ, නංගී වගේ, දුව වගේ, අම්මා වගේ කියලා හිතන්න කියලා. ඒ ආකල්පය ඇති වුණාට පසුව කවදාවත් අපි වරදකට පෙලඹෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් ඇති වෙන්නේ නෑ කියන්න බෑ. එය හරිම ස්වාභාවිකයි. මොකද අපි සාමාන්‍ය මිනිස්සු.

39.ආණ්ඩුව තුළ ඔබවහන්සේ කැමැතිම සහ අකැමැතිම දේශපාලනඥයා කවුද?

මම කැමැතිම දේශපාලන චරිතය පාඨලී චම්පික රණවක මහත්මයා. අකැමැතිම දේශපාලන චරිතය රාජිත සේනාරත්න, වාසුදේව, ඩිලාන් පෙරේරාට කැමැති නෑ.

40.එ.ජා.ප.ය තුළ කැමැතිම සහ අකැමැතිම දේශපාලන චරිතය කවුද?

මට එහෙම කෙනෙක් නැහැ. පංචස්කන්ධ ගැන ගැටලු නෑ. මතවාද සමඟයි ගැටලුව.

41.ජේ.වී.පී.යේ කැමැතිම සහ අකැමැතිම පුද්ගලයෝ කවුද?

මම අනුර කුමාර දිසානායකට කැමැතියි. මම ජ.වි.පෙ. වැඩපිළිවෙළට කැමැතියි. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ මතවාදයට මම කැමැති නෑ. ජේ.වී.පී.ය පිළිගන්නවා නම් මේක සිංහල, බෞද්ධ රට කියලා අන්න එදාට අපි ඔවුන්ව ඉහළට ඔසවා තබාවි.

42.මේ අය ගැන එක වාක්‍යයකින් හඳුන්වා දෙන්න.

ඩිලාන් පෙරේරා - ජාතිකවාදී සියල්ලන්ටම පෙන්නන්න බෑ.රාජිත සේනාරත්න - එමමයි.මර්වින් සිල්වා - දෙපත් නයෙක් වගේ.එස්.බී. දිසානායක - හොඳ කටකාර චරිතයක්.

43.ඔබවහන්සේ ටෙලි නාට්‍ය චිත්‍රපට නරඹනවාද? නරඹනවා නම් අන්තිමට බැලූ නිර්මාණය මොකක්ද?

බලනවා. සෑහෙන කාලෙකින් බැලුවේ නැහැ. දඬුබස්නාමානය බැලුවා. මෑත කාලීනව නම් "මලී" බැලුවා. මොකද ගුප්ත දේවල් පෙන්නුව නිසා.

44.ඔබවහන්සේ මස් මාංස අනුභව කරනවාද?

ම්ම්ම්ම්ම්.......... දැන් නම් බොහොම අඩුයි.

45.ඒ කියන්නේ තාමත් වළඳනවා........?

ඔව්. සියල්ල නෙවෙයි. මස් මාංස කෑවත් මගේ තියෙන්නේ මධ්‍යස්ථ ප්‍රතිපදාව.

46.බෞද්ධ භික්ෂුවක් මස් මාංස වැළඳීම හොඳයිද?

අපි පිළිගන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ මිසක දේවදත්තගේ බණ නෙවෙයි. දේවදත්තත් බුදුන්ට කිව්වේ ජීවිත කාලයම මස් මාංසයෙන් වළකින්න කියලා. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළානේ. බුදු හාමුදුරුවෝ මජ්ජිම නිකායේ ජීවක සූත්‍රයේ දක්වලා තියෙනවා කන්න ඕන මස් මොනවාද නොකෑ යුතු මස් මොනවාද කියලා.

47.ඔබවහන්සේ සුවඳ විලවුන් පාවිච්චි කරනවාද?

ඔව්. මම ඒකට හරිම කැමැතියි.

48.ඔබවහන්සේ ගීත අසනවාද?

ඔව් අහනවා. මම හරිම කැමැතියි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ "මේ තරම් සියුමැලිද කළුගල්" ගීතයට.

49.කැමැතිම ප්‍රේම ගීතය කුමක්ද?

අමරසිරි පීරිස් මහතාගේ ළඳුනේ ගීතයට මම කැමැතියි.

50.අනවශ්‍ය යැයි හිතෙන ඇමැතිවරුන් ලංකාවෙන් නෙරපන්න අවස්ථාව ලැබුණොත් ඔබවහන්සේ නෙරපන්නේ මොන ඇමැතිවරුන්ද?

විශාල ප්‍රමාණයක් ඉන්නවා. 225න් තුනක් හතරක් ඉතිරිවෙලා සාතිශය බහුතරය නෙරපනවා. අෑත දූපතක ඒ අයව සිරගත කරනවා. සියලු පහසුකම් සහිතව.

 
Related Posts with Thumbnails