Ads 468x60px

.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා ගේ වැඩ මෙන්න.

ඔබ ඇමරිකාවේ , කැනඩාවේ , ඕස්ටෙ‍්‍රලියාවේ , එංගලන්තයේ වෛද්‍ය සායනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් තිබේද ? එම රටවල වෛද්‍ය වරුන් සහ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා සංසන්දනය කර බලන්න​. 

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා තවම සිටින්නේ ගෝත්‍රික මට්ටමේ බව ඔබට තේරුම් යන්නට ඇති. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව
හෙලිවී තිබේ.

මේ සම්බන්ධයෙන් දිවංගත වෛද්‍ය ඩී. වී . ජේ හරිස්චන්ද්‍ර මහතා මෙන්ම ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු  විසින් ද පෙන්වා දී තිබේ. 


සුළු ප්‍රමානයක් හැරුන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන වෛද්‍යවරු තුල වෛද්‍ය - රෝගී සන්නිවේදනය (communication skills) , රෝගීන් පිලිබඳ වගකීම (Responsibility)සහ වෛද්‍ය ආචාර ධර්ම (Medical Ethics and Attitudes )ඉතා පහල මට්ටමක පවතියි. 

එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල ගුනාත්මක භාවය පිරිහී ඇත​. අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලාගේ ගුනාත්මකභාවයේ පිරිහීම සඳහා වෛද්‍ය පීඨ වල උගන්වන ආචාර්‍යවරු මෙන්ම ජේශ්ඨ වෛද්‍යවරුන් ගේ විනය සහ හැසිරීමේ පිරිහීම බලපෑ බව මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලාගේ වැඩ  මෙන්න

ජේශ්ඨ වෛද්‍යවරු ජාතික රෝහල තුල ගුටි කෙලියක


කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් 30 දා දහවල් එම රෝහල් නිල නිවාස පරිශ්‍රයේ පැවැත්වීමට ගිය රැස්‌වීමට කඩා වැදුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අධිකරණ වාරණ නියෝගයට ලක්‌ව සිටින හිටපු විධායක කමිටු සාමාජිකයන් පිරිසක්‌ හා රැස්‌වීමට සහභාගි වූ වෛද්‍ය වරුන් පිරිසක්‌ අතර ගුටි බැට හුවමාරුවක්‌ සිදුව තිබේ. විනාඩි 40ක්‌ පමණ පැවැති මෙම ගුටිබැට හුවමාරුව  සිදුවූ අතර වෛද්‍යවරු කැත වචන කියමින් වීදුරුත් කඩා දමා තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මුදල් වංචනිකයෙකි

අනෙකුත් වෛද්‍යවරුන්ට ආදර්ශයක් දිය යුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇමරිකා එක්සත් ජනපදයේ  පුහුණුවකට ගොස් වියාජ දින ඉදිරිපත් කොට රජයේ මුදල් වංචා කොට ඇති අයෙකි. ඔහුගේ රාජකාරී ලිපි ගොනුව දැන් එස් බී දිසානායකගේ අතේය​. 


මේ නිසා  අමාත්‍ය එස් බී දිසානායක වෛද්‍ය අනුරුද්ධ පාදෙනියව බ්ලැක්මේල් කරමින් නොයෙකුත් පනත් වලට ඔහුගෙන් එකඞතාව ලබා ගනී. වෛද්‍ය සේවාව දියුණු කිරීමට නම් අවංක මිනිසුන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට පත් විය යුතුය​. 

දිස්ත්‍රික් කෝටාව නිසා උසස් පෙළ අඩු ලකුණු වලින් වෛද්‍ය පීඨ වලට එන  ගම්බද සිසුන් තුල බහුල වශයෙන් වෛද්‍ය ආචාර ධර්ම පිරිහී තිබෙන බව රාවය කතුවරයා කියයි.

වර්තමානයේ අලූතෙන් වෛද්‍ය සේවයට එකතුවන තරුණ තරුණියන් ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ජීවිතයක් ගත කළ ගම්බද තරුණ තරුණියන් ලෙස සැලකිය හැකිය. ඔවුන් වැඩි පිරිසක් වෛද්‍ය සේවයට එකතුවීම යහපත් වුවත් ඔවුන් පැමිණි දුෂ්කර පරිසරය නිසා සිය වෘත්තියෙන් මුදල් උපයාගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. 


එවැනි බොහොමයක් අය පළමුවෙන් පොඩි මෝටර් රථයකින් වෘත්තීය ගමන ආරම්භ කරති. ඊළඟ ඉලක්කය සුඛෝපභෝගී ලොකු මෝටර් රථයකි. ඉන්පසු ලොකු දෑවැද්දක් සමග විවාහයකි. ඊළඟ ඉලක්කය මාලිගාවක් වැනි ලොකු නිවසක් තනා ගැනීමය. 

එම ලෞකික ඉලක්ක සපුරාගැනීම සඳහා වෘත්තියට පිළිකාවේ සදාචාරය හා සදාචාරයේ පිළිකාව අදාළ පිළිගත් ගුණධර්ම නොසලකා වෘත්තිය ධනය උපයන මාර්ගයක් බවට පත් කොටගෙන සිටින බව පෙනේ. 

වෛද්‍යවරුන් වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත.  


එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය. (W3Lanka)

වෘත්තීය කුහකබව


ලංකාවේ සෞඛ්‍ය ක්ෂේ්ත්‍රය තරම් අධ්‍යාපනික කුහකත්වයක් සහිත අංශයක් ලොව තවත් තිබේ ද යන්න සැක සහිත ය. එහි සියලු වෘත්තික යෝ පට්ට කුහකයෝ ය. ඔවුන්ට වැදගත් දෙය වන්නේ තමන් ‍ඉගෙන ගන්නා දෙය නො ව අනුන් ඉගෙන ගන්නා දෙයයි. 


මෙහි සිටින වෘත්තිකයෝ තමන් දන්නා දෙයක් වෙනත් අය ඉගෙන ගනීවි යයි දැඩි බියකින් පෙළෙති. මොවුන සමාන වන්නේ පරණ තාලේ ගරාජ් බාස්ලාට ය. ඉස්සර ගරාජ් බාස්ලා වාහනයක ටයිමිං තියන්නට පෙර ගෝලයාව බුලත් විටක් ගෙන ඒම සඳහා කඩයට යැව්වේ ගෝලයා එය ඉගෙන ගැනීම වළක්වන්නට ය. 

මෙවැනි වෘත්තීය කුහකත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වීමට හේතුව කුමක්ද? වෙනත් වෘත්තීය ශ්‍රේණි සංවර්ධනය වෙනවාට මෙම ක්ෂේත්‍රයේ සිටින අය විරුද්ධ ඇයි?   අපට වැටහෙන පරිදි නම් මෙහි තිබෙන්නේ වෘත්තීය ධුරාවලි පිළිබඳ ගැටලුවකි. 

වෙනත් වෘත්තීය ශ්‍රේණියක් සංවර්ධනය වුවහොත්, ඔවුන් ධුරාවලිය තුළ ඉහළ යනු ඇතැයි බියක් මෙම වෘත්තිකයන් තුළ තිබේ. මෙහි ඇති නරකම පැත්ත වන්නේ වෘත්තීය ශ්‍රේණි අතර විෂමතා පුළුල් කර ගැනීමට තිබෙන කැමැත්තයි. තමන්ගේ වෘත්තීය ශ්‍රේණිය ඉහළ නංවා ගන්නා ගමන් සෙසු වෘත්තීය ශ්‍රේණි තමන්ට සාපේක්ෂව තව තවත් පහළට ඇද දැමීමේ කුහක උවමනාවක් ද මෙහි තිබේ. (W3Lanka)

ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය


ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ.  


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. 

මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. 

මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.  ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. 

ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. 


පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති. එසේම​ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. 


කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය,

කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජයශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​.


කොලඹ වෛද්‍ය  පිඨයේ  වෛද්‍ය බී ජී එන් විද්‍යාතිලක (මොහු නාරි හා ප්‍රසව  වෛද්‍යවරයෙකි) මීගමුව ආවේ මරියා පුද්ගලික රෝහලේ හමුදා සෙබලෙකුගේ බිරියකට ලිංගික අතවර කලේය​. නමුත් චෝදනා යට ගසන ලදි.  

යාපනය වෛද්‍ය  පිඨයේ  වෛද්‍ය ආර් සුන් දරලිංගම් ( මොහු හැඳල ළය රෝහලේ සේවය කරන්නෙකි) පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි ද්‍රවිඩ මෙහෙකාරියකට අතවර කලේය. නමුත් බලපෑම් යොදා චෝදනා වලින් මිදුනේය​.

 පුත්තලම රෝහලේ මානසික රෝග සායනයේ වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ (පේරාදෙනිය වෛද්‍ය පීඨය) මානසික රෝගී කාන්තාවන්ට අතවර කරන බවට චෝදනා ලබා තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබුනි. 


මේ වෛද්‍ය නිලධාරියා අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ උපකාරය මත  එම පරීක්ශන යට ගසන ලදි.  වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නොසලකා අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ වෛද්‍ය උපදේශකයෙකු ලෙසටද කටයුතු කරයි.

මානසික විශේෂඥ වෛද්‍ය එම්. යූ . පී .කේ පීරිස් (කොලඹ  වෛද්‍ය පිඨය) දාහතර හැවිරිදි පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට චෝදනා ලබයි. නමුත් මේ ලිංගික අපයෝජනය වෙනත් වෛද්‍යවරුන් ගේ සහයෙන් යට ගසා තිබේ.

ඉහත නම් සඳහන්  පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ. (වාර්තා නොවූ සිදුවීම් කෙතෙක් විය හැකිද?)

පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් බිහි කල වෛද්‍යවරයා කුඩා ලමයෙකුට පයින් ගසයි

මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි පස්හැවිරිදි පිරිමි දරුවකුට පයින් ගැසීම ගැන මව කළ පැමිණිල්ල මත පොලිසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 


වෛද්‍යවරයාට කුකුළු කේන්තියක් ගොස් තිබෙන්නේ පෝලිමේ සිටි දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වූ හෝ තට්ටු කළ නිසා යයි කියැවේ.

දොස්‌තර මහත්මයා... මට පයින් ගැහුවා යෑයි මාතලේ කයිකාවල පදිංචි නාමල් තරංග රණතුංග දරුවා "දිවයින" නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ දුරකථනයෙන් කියා සිටියේය.  දොස්‌තර මහත්මයා ඔයාට පයින් ගැසුවේ ඇයිදැයි අප ඇසූ මොහොතේ ඉස්‌පිරිතාලේ බිත්තියකට හේත්තු වුණ නිසා එයා ගැහුවේ යෑයි ද ඔහු කීවේය. 


ඔහුගේ මවගේ ජංගම දුරකථනය මාර්ගයෙන් දරුවා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මෙම දරුවා බිත්තිය වශයෙන් සඳහන් කළේ රෝහල් කාමරයේ හාඩ්බෝඩ් ආවරණයටයි.

ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨය  නිශ්පාදනය කල වෛද්‍ය සුදර්ශන බාලගේ


දිස්ත්‍රික් කෝටාව නිසා උසස් පෙළ අඩු ලකුණු වලින් මරදන්කඩවල සිට වෛද්‍ය විද්‍යාලයට පැමිණි  සුදර්ශන බාලගේ කල අපරාධය මෙන්න

චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක්‌ සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි. චමිලාගේ පියා ගොවියෙකි. 


මව ගෙවිලියකි. චමිලා කටුනායක ඇඟලුම් කම්හලට පැමිණි පසු නැවතුණේ මිතුරියන්a සමග කුඩා නැවතුම්පළකය. එය ද අතිශය අවම පහසුකම් වලින් සමන්විත වූ කාමරය. කටුකූරමණ්‌ඩිය වැනි ගමක ඉපිද විඳි වේදනාවලට නොදෙවෙනි වේදනාවක්‌, දුකක්‌ විඳිමින් ඈ සියල්ල කැප කළේ නංගිලා මල්ලිලා, අයියලාගේ ජීවිත සැපවත් කරන්නටය.

මේ අල්ල පනල්ලේ ඇයගේ එක තනපුඩුවක පුංචි ගැටිත්තක්‌ අත ගැටිණි. ඇයට බියක්‌ දැනිණි. පියයුරු පිළිකා පිළිබඳ ඇයට සිහියට නැගිණි. ඇයගේ වැඩපළේ මිතුරියකට කී පසු ඇය කීවේ දොස්‌තරවරයකුට පෙන්වන ලෙසය. 

චමිලා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගොස්‌ රෝගී තත්ත්වය පිළිබඳ කියා සිටියාය. වෛද්‍යවරයා චමිලාගේ රෝගය පරීක්‍ෂා කර බලා, මීගමුව රජයේ රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට නිර්දේශ කළේය.

2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය.  එදින ඇය හමුවේ පෙනී සිටියේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා ය. ඔහු තරුණ වෛද්‍යවරයෙකි. 


විවාහකයකු වූ එම වෛද්‍යවරයා එවකට කෙළිලොල් දියණියකගේ පියකුව සිටියේය. බිරිඳ හෙදියකි. ඇය සේවය කළේ රාගම රෝහලේය.  චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි වියේ උන් තරුණියගේ පියයුරු සැත්කම පිළිබඳ වෛද්‍ය සායනයේදී රෝග තත්ත්වයන් නිරීක්‍ෂණය කරන්නට සූදානම් වුවද සායන පොත අස්‌ථානගත වී තිබිණි.  

වෛද්‍යවරයා කළේ චමිලා ද කැඳවා ගෙන සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හත්වැනි මහලට යැමය. විදුලි සෝපානයේ නැඟී මොවුන් දෙදෙනා පස්‌වැනි මහලට ගිය පසු සිදුවූ දේවල් මීගමුව අධිකරණයේදී එකින් එක හෙළි වූයේ සාක්‍ෂිකරුවන්ගෙන් සාක්‍ෂි විමසීමේදීය. 

මීගමුව රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට, මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා නඩු තීන්දුව දෙමින් කළ ප්‍රකාශය හරි වැදගත්ය. 

පියයුරු ප්‍රතිකාරයට ගිය චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි තරුණිය සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි කර ගත්තේ රජයේ පිළිගත් රෝහලක, පිළිගත් වෛද්‍යවරයකුගේ අතින් නම් එය මහා අවාසනාවන්ත තත්ත්වයක්‌ නොවේද?

චමිලාව ඝාතනය කිරීමට පෙරද සුදර්ශන බාලගේ කාන්තාවන් කීප දෙනෙකුට  අතවර  කරලා


චමිලාව ඝාතනය කිරීමට පෙරද සුදර්ශන බාලගේ කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට ඇති බවට තොරතුරු තිබේ. මොහු උතුරු කොළඹ රාගම රෝහලේ සේවය කල හෙදියක දුෂණය කොට මර දැමු බවටද චෝදනා ලද්දෙකි.  


මෙම හෙදිය ඔහුගේ හිටපු පෙම්වතියේගේ යෙහෙළිය වූ අතර මිය ගියේ කෘමිනාශක අඩංගු සිරින්ජරයක්  ශරීරගත වීමෙනි. නමුත් සාක්ෂි මදි වීම නිසා මේ හෙදියගේ මරණය සටහන් වන්නේ දිවිනසා ගැනිමක් වශයෙනි.  

ඉන්පසු මිගමුව රෝහලේ සේවයට යන සුදර්ශන බාලගේ 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය.  

එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුලදිම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට  එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත. 

මේ දුෂකයා බේරා  ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ. එදා නිතිය ක්‍රියාත්මක වූයේනම් අද චමිලා ජිවතුන් අතරය.

(සුදර්ශන බාලගේ ට විරුද්ධව සාක්‍ෂි දුන් කම්කරු සේවිකා බියට්‍රිස්ගේ රැකියාවද දොස්තර මාෆියාව විසින් අහිමි කිරීමෙන් පෙනී යන්නේ මොවුන් ගේ බරපතල කුහක භාවයයි)

ඇමෙරිකාවේදී රෝගීන්ට ලිංගික අතවර කල කොලඹ  වෛද්‍ය පිඨය  නිශ්පාදනය කල වෛද්‍ය නිමල් ගමගේ


රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ එවැනි ශල්‍ය වෛද්‍ය වරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක්‌ බව ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා පවසයි. 


වසර 20 ක පමණ කාලයක්‌ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින එම වෛද්‍යවරයා ඇමරිකා එක්‌සත් ජනපදයේ සිටින කාලයේදී රෝගීන්ට ලිංගික අතවර කිරීම හා වංචනික අයුරින් රක්‍ෂණ ආවරණ ලබාගැනීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව එරටද තහනමකට පාත්‍රව සිටින අයෙකු බව පෙන්වා දුන් වෛද්‍ය දුලිප් පෙරේරා මහතා ඔහු විසින් පවත්වාගෙන ගිය බම්බලපිටිය රූපලාවන්‍ය සැත්කම් ආයතනයේ සැත්කම් සිදුකිරීමට සුදුසු පරිසරයක්‌ හෝ පහසුකම් නොමැති බවද අවධාරණය කළේය.

ඩෝං ගිය දොස්‌තර දරුවාට බෙහෙත් නොදා පැය 3ක්‌ තියාගන්න හදලා 


හිස තුවාල වී බෙහෙත් දැමීම සඳහා දෙනියාය මූලික රෝහලට රැගෙන ගිය සිසුවකුට බෙහෙත් නොදා දවල් 1.10 සිට සවස හතරවෙන තුරු රැඳී සිටින ලෙස රෝහලේ වෛද්‍යවරයකු පැවසීමේ පුවතක්‌ වාර්තා වෙයි.  

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන තීක්‍ෂණ දෙනෙත් නමැති නව හැවිරිදි සිසුවා පාසලේ දී ඇද වැටී හිස තුවාල වී බෙහෙත් දැමීමට රෝහලට රැගෙන ගිය අවස්‌ථාවේ වෛද්‍යවරයකු නොසිටි නිසා වෛද්‍යවරයකු පැමිණෙන තෙක්‌ පැයක්‌ පමණ සිට ඇත.

පසුව වෛද්‍යවරයකු පැමිණ මේ අයගෙන් පැමිණ කොපමණ වේලාවක්‌ද යන්න අසා ඇති අතර පැයක්‌ පමණ වන බව ඇය පවසා තිබේ. ඒ අවස්‌ථාවේ වෛද්‍යවරයා රෝහලේ ආරක්‌ෂක නිලධාරියාගෙන්ද පැමිණ කොපමණ වේලාවක්‌ද යන්න අසා ඇත. එවිට ඔහු විනාඩි 40 ක්‌ පමණ වන බව පවසා තිබේ. 

මේ වෙලාවේ කෝපවූ වෛද්‍යවරයා කාන්තාවට බැන බොරු කිව් නිසා බෙහෙත් දැමීමට හවස හතර වෙනකල් සිටින ලෙසට තුණ්‌ඩුවක්‌ ලියා දී ඇත.   බෙහෙත් දැමීමට සවස හතර වන තුරු සිටීමට නොහැකි නිසා ඇය දරුවා දෙනියාය නගරයට ගෙන විත් පෞද්ගලික ස්‌ථානයකින් තුවාලයට බෙහෙත් දමාගෙන ඇත. 

ම දරුවා රෝහලට රැගෙන යන අවස්‌ථාවේ වෛද්‍යවරුන් රූපවාහිනිය නරඹමින් සිට ඇති බවද පැවසේ.  මේ පිළිබඳව දෙනියාය රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි ප්‍රේමරත්න රන්කඩුව මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිත් නොදන්නා බවත් මේ ගැන සොයා බලන බවත්ය. 

මානසික විශේෂඥ වෛද්‍ය එම්. යූ . පී .කේ පීරිස් (කොලඹ  වෛද්‍ය පිඨය) දාහතර හැවිරිදි පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට චෝදනා ලබයි.

මානසික විශේෂඥ වෛද්‍ය එම්. යූ . පී .කේ පීරිස් විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණයේ වාර්තාව සැකකාර වෛද්‍යවරයාට වාසි වන පරිදි වෙනස්‌ කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ බලපෑම් කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ 27 දා වාර්තා විය.  


කකාර වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටිති.  රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එම්. යූ . පී .කේ පීරිස් වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. 

නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.  

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍යවරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර ඇත.  දරුවාගේ හැසිරීමේ වෙනසක්‌ දුටු දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන් විමසා පසුව වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.  

දරුවා පරීක්‌ෂා කළ එම වෛද්‍යවරයා සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වහා ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන ලෙසටද ලි තව දැනුම් දී ඇත.  

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යළි මානසික වෛද්‍යවරයා වෙතද ළමා රෝහලේ මහාචාර්යවරියක්‌ වෙතටද යොමුකර ඇත. එම වාර්තා සැලකිල්ලට භාජන කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්පසු දැනට දින කිහිපයකට පෙර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොමැති අවස්‌ථාවක එහි පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්‌ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ජංගම දුරකථනය ඔස්‌සේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඇමතුමක්‌ දී ඇත.  

දරුවා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කර දෙනවා නම් අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි බවත් එනිසා එම වාර්තාව වෙනස්‌ කර දෙන ලෙසටත් එකී වෛද්‍යවරු දුරකථනය ඔස්‌සේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බලපෑම් කර තිබේ.  

එම ඉල්ලීම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. ඉන්පසු මෙම වෛද්‍යවරු දෙදෙනා දරුවා පරීක්‌ෂා කළ මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි අනාවරණය විය.

මෙබඳු මනුෂ්‍යයන් වඩාත් යෝග්‍ය වන්නේ හරක්‌ පට්‌ටිවල පට්‌ටි ගොනුන් ලෙස සේවයෙහි යෙදවීමටය.

මෙබඳු මනුෂ්‍යයන් වඩාත් යෝග්‍ය වන්නේ හරක්‌ පට්‌ටිවල පට්‌ටි ගොනුන් ලෙස සේවයෙහි යෙදවීමටය. මරණ දණ්‌ඩනයට අමතරව වසර 15 ක සිර දඬුවමක්‌ද දොස්‌තරට නියම කර ඇත. එහෙත් වඩාත් සුදුසු වන්නේ ඒ වෙනුවට ඔහුට කස පහර 500 ක්‌ පමණ දීමය. 


මෙවැනි අවස්‌ථාවලදී අන්තවාදී ඉස්‌ලාමීය නීතිය ලෙස හඳුන්වනු ලබන මූලධර්මවාදී නීතිය කෙරෙහි අප තුළ ගෞරවයක්‌ හටගනී. මන්ද, ස්‌ත්‍රී දූෂකයන්ගේ අංග ඡේදනය කිරීම එම නීතිය යටතේ සිදුකළ අවස්‌ථා තිබේ.

එබඳු අංගඡේදනයකින් පසු දොස්‌තරගේ පණ තවදුරටත් ඉතිරි වුවහොත් ඔහු එල්ලා මැරිය හැකිය. එහෙත් ඉතාම කනගාටුදායක කාරණය වන්නේ දොස්‌තර එක කෙල්ලකු නොව කෙල්ලන් හතක්‌ දූෂණය කර මැරුවද ඔහු ඇත්තටම එල්ලීමට වැඩපිළිවෙලක්‌ මේ රටේ නොවීමය. මරණ දණ්‌ඩනය යනු නීති පොතට පමණක්‌ සීමාවූ සංකේතාත්මක වගන්තියක්‌ බවට අද පත්ව තිබේ.

දොස්‌තර කෙනකුට මිනීමරුවකු විය හැකිය. එසේම මිනී මරුවකුටද දොස්‌තර කෙනෙකු විය හැකිය. මෙය වෘත්තියේ වරද නොව මනුෂ්‍යයාගේ වරදය. පොලිස්‌ නිලධාරියකු මිනීමැරීම එම වෘත්තියේ වරද නොව මිනිසාගේ වරදය. එහෙත් අපරාධ කිරීම සඳහා උසස්‌ වෘත්තීන් ආවරණය හැටියට යොදාගත හැකිය. 


උදාහරණයක්‌ ලෙස ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිමි දරුවකු අපයෝජනය කළ රාගම රජයේ දොස්‌තර පිළිබඳ කතාව අපට සිහිපත් කළ හැකිය. ඔහු බේරා ගැනීම සඳහා කටඋත්තර වෙනස්‌ කිරීමට තැත් කරන රජයේම දොස්‌තරලා ගැන පසුගිය දිනවල පුවත්පත්වල පළවිය. 

මේ ගැන අපි කතු වැකියක්‌ද ලියුවෙමු. එසේ ලියූ දෙය වෙනුවෙන් දුරකථන මාර්ගයෙන් කුණුහරුපයෙන් බැණුම් ඇසීමට අපට සිදුවිය. එම ඇමතුම් පැමිණි අංක ලබාගෙන සී. අයි. ඩී යට දී වැඩේ ඇදගෙන ගොස්‌ දෙතුන් දෙනකු කූඩුවට දැමීමට අපට හැකියාව තිබූ නමුදු වෛද්‍ය වෘත්තිය කෙරෙහි පවතින ගෞරවය නිසා නිහඬව සිටියෙමු. 

එය අතුරු කතාවකි. එහෙත් මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක නොවීම නිසා මතු යම් දවසක නිදහස්‌වන මීගමුවේ මිනීමරු දොස්‌තර හරක්‌ පට්‌ටියකට ගෙන ගොස්‌ ඇරලවීමට සියලු දෙනා සූදානම් විය යුතුය.

(කසුන් )
 
Related Posts with Thumbnails