Ads 468x60px

.

සාජන්ට් ගැහුවේ එයත් එක්ක බුදියන්න නොගිය නිසයි - රත්නපුරේ ගුටි කෑ බට්ටී ඇත්තම කියයි


බට්ටි පාපොච්චාරණය කල වීඩියෝව පහතින්.

තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගත වීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ බට්ටී පැවසූ බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රත්නපුර, කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු ලෙස අනවශ්‍ය තැනකට යාමට යෝජනා කළ නමුත් තමන් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

අසරණකමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා යම් මුදලක් සොයා ගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන
ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටි බවද ඇය කියා සිටිනවා.

එහෙත් ඊට දින කිහිපයකට පසුව දෙවෙනි හා තුන්වෙනි වරටද තමන්ට එම පොලිස් නිලධාරියා අයුතු යෝජනා කළද තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කළ බැවින් තමන් සමග වෛර බැඳගෙන සිටි බව ඇය අවධාරණය කළා.

ඒ නිසාම ගංගා නම් තවත් කාන්තාවකට කතා කොට තමන් සමග ගැටුමක් ඇති කරගන්නා ලෙස එම පොලිස් නිලධාරියා උපදෙස් දී තිබුණු බැවින් එකී ගංගා තමන් සමග රණ්ඩුවකට පැටළුණු බවත්, ඒ ගැටුම යන අතරවාරයේ ඇය විසින් පොලිස් නිලධාරියාට කතා කොට තමාට පහරදෙන ලෙස ඉල්ලා සිටි බවත් මෙම ස්ත්‍රීය පවසනවා.

ඒ අනුව වහා එතනට පැමිණි පොලිස් නිලධාරියා තමාට අසභ්‍ය වචනයෙන් බැණවැදී වයරයකින් පහරදුන් බවත්, අනතුරුව බිම දමාගෙන පයින් පහරදුන් බවත් ඇය කියා සිටිනවා.

අවසානයේ තමන් එම පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී පැමිණි බවත්, ඉන් පසු ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් කල්පනා නොකළ බවත් ඇය සඳහන් කළා.

මෙම පහරදීම සිදුවූයේ රත්නපුර බස්නැවතුමේ කෝප් සිටි ඉදිරිපිට බවත්, මේවන විට සිද්ධියට දින 8ක් පමණ ගතවී ඇති බවත් පහරකෑමට ලක් වුණු ස්ත්‍රීයගේ සැමියා පවසනවා.

තම බිරිඳ වැඩිපුර ගැවසෙන්නේ බස්නැවතුම ආශ්‍රිතව බවත්, එදිනද තමන් සමග නගරයට ගොස් තමන් කල්වේලා ඇතිව තමන් පැමිණිය නමුත් ඇය බස් නැවතුම්පළේ නැවතුණු බවත් ඔහු සිහිපත් කරනවා.

කෙසේ නමුත් මෙම පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් සැමියා සඳහන් කළා.

ඒ නිසාම ඇය මේවන විට සිටින්නේ වේදනාවෙන් වුවත්, පහරදෙනු ලැබුවේ පොලිසියේ මහත්තයෙක් නිසා ලජ්ජාවටත්, බියටත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගතවීමට කල්පනා නොකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකු විසින් ස්ත්‍රීයකට පහරදෙන දර්ශනයක් ඇතුළත් වීඩියෝ දර්ශනය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණයකට අනුව මේවන විට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන වැඩතහනමට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන බවත්, අදාළ කාන්තාව මේවන විට ප්‍රදේශයේ නොමැති නිසා ඇය සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත්, ඇය සොයා ගැනීමෙන් පසු ඇයගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි මේවන ලබාගනිමින් සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව අදාළ පොලිස් නිලධාරියාට අපරාධයක් සිදුකර ඇත්නම් අපරාධ නීතිය අනුවද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කලා. 

මේ සියල්ල අප විසින් හෙළිකරනු ලැබුවේ වෙනත් මාධ්‍යය විසින් මේවා හෙළි නොවන නිසාවෙනුත් මෙම සිදුවීමේ යතාර්ථය තේරුම්ගත යුතු නිසාවෙනි.

කාන්තාවක් ලෙස බට්ටිට පොලිස් නිලධාරියා විසින් සිදුකල ප්‍රහාරය අප අනුමත නොකරන අතර පහරදීම සම්බන්ධව ඔහු නීතිය ඉදිරියට පැමිණිවිය යුතු බව අපගේ විශ්වාසයයි.

බට්ටිගේ පාපොච්චාරණය බලන්න පහතින්


බට්ටීටද දැන් සෙල්වාගේ ලෙඩේ වැළඳී ඇත. පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් බට්ටිගේ සැමියා විසින් මාධ්‍යයට පවසා තිබුණි.

බට්ටිට පහරදීම පිලිබඳ රත්නපුර වැසියන් කම්පාවට පත්ව නැත්තේ ඇගේ හැසිරීම පිලිබඳ බොහෝදෙනෙකු හොඳාකාරයෙන්ම දන්නා නිසාවෙනි. බට්ටි යනු මෙයට පෙරද උසස් පොලිස් නිලධාරීන් අමාරුවේ දැමීම සඳහා "තමා සමග යහන් ගත වීමට කතා කලා" යන චෝදනාව ඉදිරිපත් කල තැනැත්තියකි.

බට්ටීව ගණිකා වෘතියේ යොදවන්නේ අද ඇයගේ රෝගාබාධ පිලිබඳ දුක්වන ඇයගේ සැමියා විසිනි. ඒ විශාල මුදලක් සොයා ගැනීමට නොව රුපියල් 500 ක් වැනි මුදලක් සොයා ගැනීමටය.
 
Related Posts with Thumbnails