Ads 468x60px

.

කවුද මාමා කෙනෙක් කිරිබත් කන්න දුන්නා - කේෂාණි දැරිය සොයා ගත් වීඩියෝව මෙන්න.


දැරියගේ කොණ්ඩෙත් කපලා : කිරිබතුත් කන්න දීලා
ගැහැණියක් අත්අඩංගුවේ : ප්‍රධාන සැකකරු අතුරුදන්

වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් පවසනවා.

දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු පවසනවා. දරුවා පැහැර ගත් බව
කියන දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා.

කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසනවා. විජය කුමාරායා කුවේනිය හා දරු  දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියනවා.

‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. 

මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා. ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා. තව විස්තර මම දරුවාගෙන් ඇසුවා. ‘කවුද මාම කෙනේක් අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා. ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා.

කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා. මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.   

කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙලේ නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියවා.‘

එම දරුවා  එම නිවසේ  ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි. ‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘

දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අතර ආරවුලක් සිදු වූ බවට තොරතුරු ලැබී තිබෙනවා. දරුවා පැහැරගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් සිටින බව දැනගන්නට ඇත. 

කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත් අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත්අඩංගුවට ගෙන සිටිනුයේ එම පුද්ගලයාගේ මවයි.



අපගේ පෙර පුවත පහතින්.

අතුරුදන් වු දැරිය හමුවෙයි - ඉබ්බාගමුව කඩයක් ළඟ දමා ගිහින් - දැරිය හොඳ සනීපෙන්


කුරුණෑගල නිකදළුපොත ප‍්‍රදේශයේදී ඉකුත් 09 වැනිදා අළුයම සිය  නිවසේ නිදාගෙන සිටිය දී පැහැර ගැනීමට ලක්වු දැරිය නිරාවිය ප‍්‍රදේශයේ දී දමාගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකට අනුව දැරිය සොයා ගත් බවයි. අදාල දැරිය වෛද්‍ය පරික්‍ෂණ සඳහා කුරුණෑගල රෝහල වෙත රැගෙන යමින් සිටිනවා.


පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා වුණා. 

එහි තවත් පුවත් පහතින්.

පැහැරගත් බවට වාර්තා වුණු කුරුණෑගල - ගනේවත්ත - අඹකොලවැව ප‍්‍රදේශයේ පදිංචි තමාරා හේෂලී විජේකෝන් නැමැති දැරිය, කුඹුක්ගැටේ - නෙරියාව ප‍්‍රදේශයේ වෙළඳසලක් අසල දමා ගොස් සිටියදී හමුවී තිබෙනවා.

මෙම දැරිය පසුගිය 9 වන දා අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ කොටසක්  ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් තිබුණා.

දැරිය සෙවීම සඳහා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුළුව විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

මේ වන විට දැරිය තවදුරටත් හඳුනා ගැනීම සඳහා ඇයගේ නිවස වෙත රැගෙන යමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.


වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

 
Related Posts with Thumbnails